සෆාරි ජිප් රියදුරන් 28 හමුදා භාරයේ – සෞඛ්‍ය රැකවරණ හෝ PCR පරික්ෂණ නෑ !

යුක්රේන සංචාරකයන් 185 දෙනකු යාල වනෝද්‍යානයේ සංචාරයක ගෙනයාමෙන් පසුව හදිසියේ යුද හමුදාව භාරයට ගත් රියදුරන් 28 දෙනා දැනට යුද හමුදා අත්අඩංගුවට පත්ව සිටින ස්වභාවයක් ඇතැයි දැනගන්නට ඇත.

මේ වනවිට ඔවුන් හමුදා රැකවල් ඇතිව නිරෝධායනයට යවා දින 8ක් ගෙවී ඇතත් අවම වශයෙන් PCR පරික්ෂණවත් සිදුකර නොමැති අතර ඒ පිළිබඳ විමසූ විට දින 14කට පසු එම පරික්ෂණ සිදුකරන බවක් දන්වා ඇත. ඒ අනුව PCR පරික්ෂණ ප්‍රතිඵල පැමිණෙන තෙක් ඔවුන් තවත් දින ගණනක් හමුදා බාරයේ සිටීමට සිදුවන බවද සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් සේවයට කැඳවා මෙවැනි දඬුවමකට යටත් කිරීම අසාධාරණ බවද ඔවුහු පවසති.

යාල සෆාරි රථ රියදුරන් යුක්රේන සංචාරකයන්ගේ පළමු කණ්ඩායම ගෙනයාමට ජනවාරි 2 වැනිදා පැමිණ තිබුණේ පොදුජන පෙරමුණේ පළාත්පාලන මන්ත්‍රිවරයකුගේ ඉල්ලීමකටය. නාමල් රාජපක්ෂගේ අනුගාමිකයකු බැවින් ඔහු කළ ඉල්ලීමට රියදුරන් පැමිණියද දිනයක රැකියාව අවසානයේ නිරෝධායනයට යවන බවක් ඔවුන් දැන සිටියේ නැති බව ප්‍රකාශ කෙරිණි. සංචාරකයන් වනෝද්‍යානයේ විනෝදවීමෙන් පසුව හෝටලයට රැගෙන පැමිණි පසුව හමුදා ඛණ්ඩයක් ඔවුන් සියලු දෙනා සිය භාරයට ගෙන නිරෝධායනයට යැවීමට සූදානම්වී ඇත. විවිධ දුරස්ථ ස්ථානවල නිරෝධායනයට යැවීම ගැන විරෝධය පළ කිරීමෙන් පසුව ඔවුන් තිස්මහරාම හෝටලයක රඳවා යුද හමුදා රැකවල් යොදා ඇති අතර නිරෝධායන ක්‍රියාදාමයක් හෝ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා සෞඛ්‍ය සේවක ආධාර මොවුන්ට ලබා දී නැත.

දිනපතා ශරීර උෂ්ණත්වය මැන බැලීම පමණක් සිදුවන නමුත් ඔවුන් කිසිවකුට උණ තත්වයද නැති බව හෙළිව තිබේ. මෙම තත්වය තුළ තමන් යුද හමුදාවේ අත්අඩංගුවේ පසුවන වරදකරුවන් ලෙස සළකන්නේ ඇයිද යන්න රියදුරන් විසින් ප්‍රශ්නකර ඇත.

යුක්රේන සංචාරකයන් දින 5කින් සංචාරය පිනිස ගෙන යාමෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ කිසිවකු ප්‍රශ්නකර නැති අතර ඔවුුන් යාල වනයේ සංචාරය ගෙන ගිය වරදට සෆාරි ජීප් රියදුරන් දින 14ක් හමුදා භාරයට ගෙන ඇත.

උපුටා ගැනීම – .lankaviews.com

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...