සෆාරි ජිප් රියදුරන් 28 හමුදා භාරයේ – සෞඛ්‍ය රැකවරණ හෝ PCR පරික්ෂණ නෑ !

යුක්රේන සංචාරකයන් 185 දෙනකු යාල වනෝද්‍යානයේ සංචාරයක ගෙනයාමෙන් පසුව හදිසියේ යුද හමුදාව භාරයට ගත් රියදුරන් 28 දෙනා දැනට යුද හමුදා අත්අඩංගුවට පත්ව සිටින ස්වභාවයක් ඇතැයි දැනගන්නට ඇත.

මේ වනවිට ඔවුන් හමුදා රැකවල් ඇතිව නිරෝධායනයට යවා දින 8ක් ගෙවී ඇතත් අවම වශයෙන් PCR පරික්ෂණවත් සිදුකර නොමැති අතර ඒ පිළිබඳ විමසූ විට දින 14කට පසු එම පරික්ෂණ සිදුකරන බවක් දන්වා ඇත. ඒ අනුව PCR පරික්ෂණ ප්‍රතිඵල පැමිණෙන තෙක් ඔවුන් තවත් දින ගණනක් හමුදා බාරයේ සිටීමට සිදුවන බවද සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් සේවයට කැඳවා මෙවැනි දඬුවමකට යටත් කිරීම අසාධාරණ බවද ඔවුහු පවසති.

යාල සෆාරි රථ රියදුරන් යුක්රේන සංචාරකයන්ගේ පළමු කණ්ඩායම ගෙනයාමට ජනවාරි 2 වැනිදා පැමිණ තිබුණේ පොදුජන පෙරමුණේ පළාත්පාලන මන්ත්‍රිවරයකුගේ ඉල්ලීමකටය. නාමල් රාජපක්ෂගේ අනුගාමිකයකු බැවින් ඔහු කළ ඉල්ලීමට රියදුරන් පැමිණියද දිනයක රැකියාව අවසානයේ නිරෝධායනයට යවන බවක් ඔවුන් දැන සිටියේ නැති බව ප්‍රකාශ කෙරිණි. සංචාරකයන් වනෝද්‍යානයේ විනෝදවීමෙන් පසුව හෝටලයට රැගෙන පැමිණි පසුව හමුදා ඛණ්ඩයක් ඔවුන් සියලු දෙනා සිය භාරයට ගෙන නිරෝධායනයට යැවීමට සූදානම්වී ඇත. විවිධ දුරස්ථ ස්ථානවල නිරෝධායනයට යැවීම ගැන විරෝධය පළ කිරීමෙන් පසුව ඔවුන් තිස්මහරාම හෝටලයක රඳවා යුද හමුදා රැකවල් යොදා ඇති අතර නිරෝධායන ක්‍රියාදාමයක් හෝ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා සෞඛ්‍ය සේවක ආධාර මොවුන්ට ලබා දී නැත.

දිනපතා ශරීර උෂ්ණත්වය මැන බැලීම පමණක් සිදුවන නමුත් ඔවුන් කිසිවකුට උණ තත්වයද නැති බව හෙළිව තිබේ. මෙම තත්වය තුළ තමන් යුද හමුදාවේ අත්අඩංගුවේ පසුවන වරදකරුවන් ලෙස සළකන්නේ ඇයිද යන්න රියදුරන් විසින් ප්‍රශ්නකර ඇත.

යුක්රේන සංචාරකයන් දින 5කින් සංචාරය පිනිස ගෙන යාමෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ කිසිවකු ප්‍රශ්නකර නැති අතර ඔවුුන් යාල වනයේ සංචාරය ගෙන ගිය වරදට සෆාරි ජීප් රියදුරන් දින 14ක් හමුදා භාරයට ගෙන ඇත.

උපුටා ගැනීම – .lankaviews.com

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...