කටාර්හි ඊබ්‍රහිම් සහ ඉතාලියේ ටම්බෙරි ආදරය බෙදාගත් හැටි

කටාර් හි මුටාස් එසා ඊබ්‍රහිම් සහ ඉතාලියේ ගියැන්මාකෝ ටම්බෙරි දිගුකලක් තිස්සේ මලල ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්. ඕනෑම මලල ක්‍රීඩකයෙකුගේ සිහිනය ඔලිම්පික් රන් පදක්කම. ඔවුන් දෙදෙනාම මේ සිහිනය තුල දශකයකටත් වැඩි කලක් ජීවත් වී තිබිණි. කැනඩාවේ මන්ක්ටන් හි 2010 ලෝක කණිෂ්ඨ ශූරතාවලියේ දී මුල්වරට මුණගැසුණු ඔවුන් දෙදෙනා නිතර තරග වලදී මුණගැසුණු අතර හොඳ මිතුරන් බවට පත්ව සිටියහ. දෙදෙනාගේම දිගු කාලීන සිහිනය යථාර්ථයක් වන ලකුණු ඊයේ පහල වුවද, එය පැමිණියේ සුන්දර පරහක් සමගිනි. එය දෙදෙනාම කිසිදින නොසිතූවකි.

බාෂිම්, ටම්බෙරි දෙදෙනාම අවසන් වටයේ අවසන් උස මට්ටම ජයගැනීමට අසමත් වූ විට ඔවුන්ට යමක් තීරණය කිරීමට සිදුවිනි. එයට හේතුව පිටු 135ක් වන මලල ක්‍රීඩා නීති පොතේ සඳහන් කිරීමට අපූර්ව ලෙස මගහැරීගොස් තිබූ කරුණකි. ඔවුන් දෙදෙනාගේම කැමැත්ත මත, ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දෙදෙනා අතර තව විශේෂ පැනුම් වටයක් පැවැත්වීම හෝ රන් පදක්කම දෙදෙනා සමව බෙදාගැනීම එම තීරණයයි. නිලධාරියා ඔවුන් දෙදෙනා අසලට පැමිණ නීතිය පැහැදිලි කර අවසන් වීමටත් ප්‍රථම එම නිලධාරියාට බාධාකල බාෂිම් “අපිට රන් දෙකක් ගන්න පුළුවන් ද?” විමසීය.

ක්‍රීඩකයන් දෙදෙනාම කිසිවක් කතා නොකළහ. එසේ කිරීමට අවශ්‍යතාවයක්ද නොතිබුණි.

“මම එයා දිහා බැලුවා, එයා මම දිහා බැලුවා. අපිට වැටහුනා” බාෂිම් පසුව පැවසීය.

ඔවුහු රන් පදක්කම බෙදා ගත්හ.

“අපි ඒ මොහොත විඳගත්තා. මොකද අපි දෙන්නාටම ඒක ගොඩක් අවශ්‍ය වෙලා තිබුණා” ටම්බෙරි පැවසීය.

අසාමාන්‍ය, පුදුමසහගත කැරකිලි මැද කිසිදා නොවූ විරූ ලෙස ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම් දෙකක් පිරිනැමිණි.

චන්නක ද සිල්වා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...