කටාර්හි ඊබ්‍රහිම් සහ ඉතාලියේ ටම්බෙරි ආදරය බෙදාගත් හැටි

කටාර් හි මුටාස් එසා ඊබ්‍රහිම් සහ ඉතාලියේ ගියැන්මාකෝ ටම්බෙරි දිගුකලක් තිස්සේ මලල ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්. ඕනෑම මලල ක්‍රීඩකයෙකුගේ සිහිනය ඔලිම්පික් රන් පදක්කම. ඔවුන් දෙදෙනාම මේ සිහිනය තුල දශකයකටත් වැඩි කලක් ජීවත් වී තිබිණි. කැනඩාවේ මන්ක්ටන් හි 2010 ලෝක කණිෂ්ඨ ශූරතාවලියේ දී මුල්වරට මුණගැසුණු ඔවුන් දෙදෙනා නිතර තරග වලදී මුණගැසුණු අතර හොඳ මිතුරන් බවට පත්ව සිටියහ. දෙදෙනාගේම දිගු කාලීන සිහිනය යථාර්ථයක් වන ලකුණු ඊයේ පහල වුවද, එය පැමිණියේ සුන්දර පරහක් සමගිනි. එය දෙදෙනාම කිසිදින නොසිතූවකි.

බාෂිම්, ටම්බෙරි දෙදෙනාම අවසන් වටයේ අවසන් උස මට්ටම ජයගැනීමට අසමත් වූ විට ඔවුන්ට යමක් තීරණය කිරීමට සිදුවිනි. එයට හේතුව පිටු 135ක් වන මලල ක්‍රීඩා නීති පොතේ සඳහන් කිරීමට අපූර්ව ලෙස මගහැරීගොස් තිබූ කරුණකි. ඔවුන් දෙදෙනාගේම කැමැත්ත මත, ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දෙදෙනා අතර තව විශේෂ පැනුම් වටයක් පැවැත්වීම හෝ රන් පදක්කම දෙදෙනා සමව බෙදාගැනීම එම තීරණයයි. නිලධාරියා ඔවුන් දෙදෙනා අසලට පැමිණ නීතිය පැහැදිලි කර අවසන් වීමටත් ප්‍රථම එම නිලධාරියාට බාධාකල බාෂිම් “අපිට රන් දෙකක් ගන්න පුළුවන් ද?” විමසීය.

ක්‍රීඩකයන් දෙදෙනාම කිසිවක් කතා නොකළහ. එසේ කිරීමට අවශ්‍යතාවයක්ද නොතිබුණි.

“මම එයා දිහා බැලුවා, එයා මම දිහා බැලුවා. අපිට වැටහුනා” බාෂිම් පසුව පැවසීය.

ඔවුහු රන් පදක්කම බෙදා ගත්හ.

“අපි ඒ මොහොත විඳගත්තා. මොකද අපි දෙන්නාටම ඒක ගොඩක් අවශ්‍ය වෙලා තිබුණා” ටම්බෙරි පැවසීය.

අසාමාන්‍ය, පුදුමසහගත කැරකිලි මැද කිසිදා නොවූ විරූ ලෙස ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම් දෙකක් පිරිනැමිණි.

චන්නක ද සිල්වා

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...