Breaking News

ඉතාලියේ දෙවන අධියර ක‍්‍රියාත්මක වීමේ අලූත්ම තත්වය

ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සම්පූර්ණ කැලැන්ඩරය
අගමැති කොන්තෙගෙ විශ්වාසය වන්නේ මේ වන විට ලැබෙමින් තිබෙන දත්ත දෙවන අධියර ක‍්‍රියාත්මක කිරීම සඳහා ධෛර්යමත් බවයි.
සියලූම යාවත්කාලීන කිරීම්

  • මැයි 18 සිට
    බාර්, අවන්හල් ආදිය නැවත විවෘත කිරීම.
    කලාප සීමාව තුළ ස්වයං සහතිකයකින් තොරව සංචරණය කිරීමේ අවස්ථාව.
    ආගමික කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාව.
  • මැයි 25 සිට
    ජිම් (ශරීර යෝග්‍යතා කටයුතු) නැවත ආරම්භ කිරීම.
  • ජුනි 3 සිට
    නිරෝධායනයකින් තොරව කලාප අතර සහ යුරෝපා සංගම් රටවල් අතර ගමන් කිරීමට අවසරය.
  • ජුනි 15 සිට
    සිනමාහල් සහ නාට්‍යශාලා නැවත විවෘත කිරීම.

මේ වන විට ඉතාලියේ කොරෝනා තත්වය ලිහිල් වෙමින් පවතින අතර එය අභිබවා ගිහින් ආර්ථාක කටයුතු සඳහා වාඩි අවධානයක් යොමුවෙමින් පවතී. ඊට හේතු කාරණා කීපයක්ම තිබෙන අතර මුල සිටම හාම්පුතුන්ගේ සංගමය සහ ඔවන් සම්බන්ද ධනවාදී පක්ෂවල වුවමනාව වූයේ මෙම වසංගත තත්වය තුල පවා නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යා යුතු බවයි. ඊට අමතරව තවත් තවත් කරුණක් වන්නේ මෙම පැනවූ කොන්දේසි ඒ අයුරින් ක‍්‍රියාත්මක කරවා ගැනීමට මධ්‍යම රජය අපොහොසත් වීමයි. එක් එක් කලාප ආණ්ඩු ඒවා උල්ලංගණය කරමින් තම දේශපාලන බලයද පාවිච්චි කරමින ගෙන ගිය හිතුවක්කාරී තත්වයන් විසින් ඉතාලියේ කලාප තුල පැනනැගී තිබෙන අසමාන තත්වයද ප‍්‍රශ්ණ කරමින් ඉක්මනින් තම ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සහ දැරීමයි. තවත් කාරණයක් වන්නේ මධ්‍යම ආණ්ඩුව ලබා දෙනවායැයි කියූ සහන නිසි ආකාරයට නිසි වෙලාවට නොලැබීමත් සහන සැපයීමට අදාල විවිධ කොන්දේසි පැනවීමත් නිසා බොහෝ ආයතන හා පුදගලයින්ට එම සහන අහිමි වීමත් පොදුවේ මොන දේ දෙනවා කිව්වත් අවසානයේ ලැබෙන්නේ සොච්චමක් බව ඉතාලි ජාතිකයින් තම ආණ්ඩුපිළිබඳව තිබෙන අවබෝධයත් විසින් කෙරෝනා අභිබවා මෙය ඉස්මතු වීමයි. වෙනත් රටවල මේ හා සමාන ව්‍යාපාර කටයුතු වලදී අනුගමනය කරන තත්වයන් වල වෙනස විසින්ද මධ්‍යම ආණ්ඩුවට තම ක‍්‍රියාවළිය බලාපොරොත්තු ආකාරයට පවත්වා ගැනීමේ දුෂ්කර තාවයකට මුහුණදී තිබෙන අතර එය උත්සන්න වී ඇත්තේ බොහෝ කරුණු නිසා ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයට ලක්වී තිබීමයි. අවශ්‍ය බහුතරය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් උදාවී තිබෙන අතර ලබන සඳුදා විශ්වාසය පල කිරීමේ යෝජනාවකට මුහුණ දීමට සිදුවී ඇති තත්වයක් තුල ආණ්ඩුව කඩා වැටෙයිදෝ යන සැකයද මෙයට හේතුවී ඇත. සිරකරුවන් නිදහස් කිරීමේදී මාෆියා නායකයින්ද නිදහස් කිරීමත් විදෙස් සංක‍්‍රමණිකයින්ට අදාල ගෙනා වීසා ලබා දීමේ නීති විවාදයේදී සිදුවූ බෙදීමත් අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ක‍්‍රියාවළියේදී ඇතිවූ නොඑකග තාවයනුත් යුරෝපා සංගමය හා එකගතා විවාදයේදී ඇතිවූ පරස්පර තත්වයන් සියල්ල ආණ්ඩුවට බහුතරය අහිමිවීමේ තත්වයට බලපා ඇත. මේ වන විට වාර ගනනකදීම අවශ්‍ය බහුතරය නොමැති කමින් ආණ්ඩුව කඩා වැටුන නමුත් මැතිවරණයකට යෑමේ තත්වය වැලකුනේ ජනාධිපතිවරයා විසින් ඊට ඉඩ ලබා නොදීම නිසා වන අතර මෙවර ආණ්ඩුව බිඳ වැටුනහොත් අනිවාර්යය මැතිවරණයකට යෑමේ තත්වයක් නිර්මාණය වී ඇත. ඒ මේ වන විට අවස්ථා කීපයකදීම එකතු කර ගත හැකි කොටස් එක්රැස් කරගෙන ගැලපෙන නොගැලපෙන ආණ්ඩු හදා තවදුරටත් එකතු කරගැනීමට පිරිස් පාර්ලිමේන්තුව තුල නොසිටීමයි. එසේ වීමට බලපෑවේ පසුගිය මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සියයට 33ක් ඉක්මවා යන්නට අසමත් වීමෙන් කිසිවකුට සරල බහුතරය හෝ ලබා ගැනීමට ඉතාලි ජනතාව ඡුන්දය ලබා නොදීමයි. මේ මොහොතේ මැතිවරණයකට යාමට සිදුවුව හොත් ගහෙන් වැටුනු මිනිහාට ගොනා එක වරක් නොව දසවරක් ඇන්නා සේ මහා අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැකි වනු ඇත. එහෙත් ජනතාව ගැන නොසිතන බලයට කෑදර දේෂපාලන පක්ෂ උත්සහ කරන්නේ මැතිවරණයකට යෑම වන අතර කොරෝනා විසින් නිර්මිත සකල විධ අර්බුදයන්ට වගේම මෙම අර්බුදයේ බරද අනිවාර්යයෙන් පැටවෙනු ඇත්තේ බහුතර වැඩකරණ ජනතාව මතමය. ඛෙදවාචකය ඇත්තේ එතැනය.

leave a reply