Breaking News

ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයකට කුමන්ත්‍රණකාරී සාකච්ඡා

සමන්සිරි හේරත්

පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය ඉතා ලාබෙට සිල්ලරට නොපවත්වා ඉන්න මේ ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒ මැතිවරණ නොපැවැත්වූ වත් මැතිවරණ සිහිනවල සිටින කණ්ඩායම් සිහින දකිමින් සිටියේය ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන අවුරුද්දේ අවසානයට ප්‍රථම පැවැත්විය යුතුයි කියන සිහිනයේ. ව්‍යවස්ථා ප්‍රතිපාදනය නිසා එහෙම සිතීමේ කිසිදු වරදක් නැහැ. ව්‍යවස්ථානුකූලව ලබන වසර අවසාන වෙන්න ප්‍රථම ජනාධිපතිවරණය පවත්වා ආවසාන කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මහින්ද නඩය දැන් කල්පනා කරමින් ඉන්නේ මේ ජනාධිපතිවරණයක් කල් දමා ගන්නේ කොහොමද කියලා. ඒ සඳහා සියලු දෙනා හිරකරන ගුණ්ඩුවක් රනිල් යෝජනා කරමින් ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙන බව බොහෝ දේශපාලන වේදිකාවල දැන් කිය වෙමින් තියෙනවා.

මොකක්ද මේ රනිල්ලාගේ රාජපක්ෂලාගේ අලුත්ම සෙල්ලම.

ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළ දා සිට එය අහෝසි කරන්න කියලා උද්ඝෝෂණයක් පැන නගිමින් තිබුණා. එක රනිල් උපක්‍රමයක් ලෙස මේ මොහොතේ බලය රඳවා ගැනීම සඳහා පාවිච්චි කරන්න සූදානම් වෙනවා .

රනිල් රාජපක්ෂ කණ්ඩායම සූදානම් වෙන්නේ කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනමත විචාරණයකට ගිහින් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් බලය රඳවා ගැනීමටයි.

මේ උපක්‍රමය ඇතුළෙ විපක්ෂයට පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්න කියලා බලපෑම් කරන්න බැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනමතවිචාරණය හරහා රනිල් එන්න සූදානම් වෙන්නේ විධායක අගමැති ක්‍රමයක් නිර්මාණය කරගෙන නැවතත් විධායක බලය තමන් අතේ තබා ගැනීමටයි.

රනිල් රාජපක්ෂ නඩේ මේ අලුත් ගේම උපහාසයට ලක් කරමින් මේ දිනවල වේදිකාවල කතා පැවැත්වෙනවා ඔබ දැක ඇති. නීතිය පිළිබඳ හැඟීමක් නැති බලය පිළිබඳ කෑදර ව ඇති රනිල් රාජපක්ෂලා කණ්ඩායම සරලව අත්හැර ව්‍යවස්ථාවට අනුකූලව ලබන වසර අවසානයේ ජනාධිපතිවරණයක් තියයි කියා අපට හිතන්න බැහැ. ඊට අදාළ කරන නිදසුන් ඕනතරම් මේ හොර නඩය පෙන්වන්න අපට අවස්ථාව සලසා දී තිබෙනවා.

දැනට මේ කුමන්ත්‍රණකාරී සාකච්ඡාවක් ලෙස පැවතිය ද මීට එරෙහිව ජනතා බලයක් නිර්මාණය කර කරළියට ගේන්න මත්තෙන් විනාශ කර දැමිය යුතුයි.

leave a reply