නිහාල්නෙල්සන් නම් ගායකයාගේ මිය ගොස් තිබෙන්නේ ඔහු ආදරය කළ බිරිඳ ය. මළ ගෙදරකට ගොස් හඬා වැලපිය යුතු යැයි යැයි අපි කිසිසේත් පවසන්නේ නැත.
එහෙත් මේ මොහොතේ සමාජය යනු කුමක්දැයි තේරුම් ගැනීමට සහ මේ මොහොතේ මිනිස් හැඟීම් වල ස්වභාවය කුමක්දැයි තේරුම් ගැනීමට, පොදුවේ අදහසක් ගැනීමට මේ සටහණ තැබීමට සිත් විය.
මේ විකාරරූපී ස්වභාවය මීට ඉහත ද අප ඕනෑවටත් වඩා මතු කර තිබූ අවස්ථා බොහෝය.
ගංවතුරක් ආපසු තමන් සමඟ සිටි අසල්වාසී සහෝදරයා තමන්ගේ බඩු මුට්ටු නැතිවී, රෙදි පාන් කඩය නැතිවී එක්තැන් වී සිටින විට බත් පැකට් එකක් ගෙනගොස් සෙල්ෆි ගසා බුකියේ දමන සමාජයක් අද දවසේ නිර්මාණය වී ඇත.
මේ මොහොතකට කලින් අප සමඟ අභිමානයෙන් ජීවත් වූ තමන්ගේ මිතුරා හෝ සහෝදරයා යැයි කිසිවෙකුටවත් ඒ මොහොතේ මතක නැත.
“අම්මා මැරුණ යාළුවනේ.. ඔයාලටත් දුක නම් like එකක් දාන්න..” කියා මිනීපෙට්ටිය සමග ෆොටෝ එකක් ගසා බුකියට දමන සමාජයක මේ ඡායාරූපය එතරම් අරුමයක් වන්නේ නැත.
දයාන් විතාරණ යනු ගීත කියන විටද හඬා වැලපෙන චරිතයකි..
ඡායාරූපයක් අපට නිර්වචනය කල නොහැක.
එහෙත් බැලූ බැල්මට මෙහි නිහාල් නෙල්සන් ගේ මුහුණ දෙස අවධානය යොමු කරන කළ ඔහු මහත් අපහසුවෙන් සිටින්නේ දැයි මේ ඡායාරූපය බලන්නෙක්ම තීරණය කළ යුතුය.
නිහාල් නෙල්සන්ට දුක හෝ දුක නැතුවා හෝ, මියගොස් තිබෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ය.
නැවත වරක් අප සටහන් කරන්නේ මළ ගෙදරකට ගොස් හඬා වැළපුනා ට මිය ගිය කෙනාට පන එන්නේ නැත.. සහ මළ ගෙදරක හඬා වැලපිය යුතු හෝ මූණ දුක සේ පෙන්විය යුතුයි කියා දෙයක් ද නැත.
මළ ගෙදරක සිනහ සී සිටියාට කිසිවකුට කිසිවක් කිව නොහැක. එය වරදක්ද නොවේ..
දයාන් විතාරණ මගුල් ගෙදරක මෙන් ෆොටෝ ගත්තාටද වරදක් නැත.. සහ අපට කිසිවක් කිව නොහැක.
එහෙත් තමන්ගේ මිතුරුකුගේ බිරිඳ මියගිය විට නිහාල් නෙල්සන්ගේ මඟුල් ගෙදරට ගොස් මෙන් ලබාගත් මේ ඡායාරූපය සමාජ මාධ්‍යට නිකුත් කරන්නේ දයාන් විතාරණ කුමකටදැයි අපට සිතාගත නොහැක..
අපට දයාන් ගෙන් එක් ඉල්ලීමක් සිදු කිරීමට ඇත.
දයාන්.. මීට පස්සෙ ලව් බූට් සින්දු කියනකොට විතරක් අඬන්න එපා.
මේ වගේ හිනා වෙලා සින්දු කියන්න.
නිහාල් නෙල්සන්.. ඔබේ බිරිඳ මියයාම පිළිබඳව ශෝකය ප්‍රකාශ කිරීමට හෝ මේ මාධ්‍ය සුදුසු නොමැති බව පසක් වන බැවින් අප එසේද මේ තප්පරේ පවසන්නේ නැත.