දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිකේතනය බවට පත්වෙමින් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ඊයේ (01) රාත්‍රීයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන සහ දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයින් රැසක්ද සහභාගී විය.
මෙම උත්සවය අමතමින් ජෝන් කීල්ස් සමුහයේ සභාපති කිෂාන් බාලේන්ද්‍රන් කියා සිටියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක් ඉක්මවන ආයෝජනයකින් යුත් මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බොහෝ සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙම ආයෝජනයේ ප්‍රමාණය ගෝලීය ආයෝජකයන්ට දැවැන්ත පණිවුඩයක් යවන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආයෝජනයන් සඳහා ස්ථාවර සහ හිතකර තත්වයක් පවතින බව සනාත කරවන බවත් ය. CITY OF DREAMS ගෝලීය නගර සිතියම තුළ ලංකාවේ තත්වය ඉහළ නංවනු ඇත. එසේම CITY OF DREAMS ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදනයේ වර්ධනයට දායක වෙමින් අවට ප්‍රදේශ වල යටිතල පහසුකම් වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බව කිෂාන් බාලේන්ද්‍රන් සඳහන් කළා.
එම හෝටල් පරිශ්‍රයේ ඉදි වූ වර්ග අඩි 180,000 කින් යුත් නව කැසිනෝ ශාලාව විවෘත කිරීම බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන්ගේ සහභාගීත්වයෙන් අද රාත්‍රියේදී සිදු කිරීමට නියමිතය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තම facebook ගිණුමේ සටහනක් තබමින් ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ පවසන්නේ කාර්මීකරනය පැත්තකට දමා හෝටල් සංකීර්න හරහා ආර්තිකය පරිවර්තනය කරන්න යෑම තමන්ම විපක්ශයේ සිටියදී කී දේවල් වලට පයින් ගැසීමක් බවයි.
මීට අමතරව ජෝන් කීල්ස් සමූහයේ තවත් ව්‍යාපාරයක් වන වාහන ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇති බවට මේවනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.
කීල්ස් සමූහය මගින් ආනයනය කරන ලද චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම වාහනවල ධාරිතාවය සඟවා ඒවා ගෙන්වන ලද බවට වන චෝදනාවයි.
ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන බන දේශනා කරන්නේ ලංකාවට ලැබෙන බදු වංචා කරන්නන් ද යන සැකය මේ අනුව ඇතිවේ.