ජෙහාන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක්

ඊයේ පැවැත්වූ අන්තරේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු බව වාර්තා වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිට විදෙස් ගත වීම වළකාවාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද ඊයේ අත්අඩංගුවට ගත් සිසු – ජන ක්‍රියාකාරීන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පොලීසිය අධිකරණයට පැවසුවේ ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව පලාගොස් ඇති බවයි. ඒ අනුව ඔහුට විරුද්ධව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටියා.

කෙසේවෙතත් ඔහු එළෙස පලාගොස් නැති බවත් පොලිසියෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු නිදහස් කළ බවත් ජෙහාන් වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥයන් ප්‍රකාශ කර සිටියා. අවශ්‍ය ඕනෑම වෙලාවක ජෙහාන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ සුදානමකින් සිටින බවද නීතිඥයන් පවසා සිටියා.

නමුත් අධිකරණය විසින් ජේහන්ට විරුද්ධව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...