ජෙහාන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක්

ඊයේ පැවැත්වූ අන්තරේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු බව වාර්තා වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිට විදෙස් ගත වීම වළකාවාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද ඊයේ අත්අඩංගුවට ගත් සිසු – ජන ක්‍රියාකාරීන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පොලීසිය අධිකරණයට පැවසුවේ ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව පලාගොස් ඇති බවයි. ඒ අනුව ඔහුට විරුද්ධව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටියා.

කෙසේවෙතත් ඔහු එළෙස පලාගොස් නැති බවත් පොලිසියෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු නිදහස් කළ බවත් ජෙහාන් වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥයන් ප්‍රකාශ කර සිටියා. අවශ්‍ය ඕනෑම වෙලාවක ජෙහාන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ සුදානමකින් සිටින බවද නීතිඥයන් පවසා සිටියා.

නමුත් අධිකරණය විසින් ජේහන්ට විරුද්ධව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...