උඩුවෙ ධම්මාලෝක කඩේ යන්න පටන් ගත් තැනම මල්ල ඉරා ගනී

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත් තනමල්විල  බෝදාගම ප්‍රදේශයේ ජනතාවට වියළි ආහාර බෙදා දීමේ උත්සවයකට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා. එහිදී ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට කැස කවන කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත සම්බන්ධයෙන් උඩුවෙ ධම්මාලෝක  සහ  රාජකීය පණ්ඩිත පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් අදහස් ප්‍රකාශ කළ අතර ඔවුන් දෙදෙනා ප්‍රකාශ කළා අදහස් එකිනෙකට පරස්පර වීම මේ වන විට සමාජ කතාබහට ලක්වෙමින් පවතී.

උඩුවේ ධම්මාලෝක හිමිගේ දැනුමට අදාළව  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත රටට හිතකර එකකි, අධ්‍යාපනයට හිතකර එකකි, අනාගත පරපුරේ අධ්‍යාපන අවශ්‍යතාවය වෙනුවෙන් සැකසුණු එකකි.  බංග්ලාදේශයෙන් ණය ගැනීමට සිදු වී තිබෙන්නේත් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැතිකම හේතුව බව ඔහු ඉඟිමරන අතර  මේ පනතට එරෙහිව ගුරුවරු උසිගන්වා උද්ඝෝෂණ වලට ගෙන යන්නේ තකතීරු දේශපාලන පක්ෂ බවට චෝදනා නගනවා.

එහිදී අදහස් දැක්වූ රාජකීය පණ්ඩිත පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් ප්‍රකාශ කර සිටියේ  කොතලාවල විශ්ව විද්‍යාල පනත  සම්මත වුණොත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටෙන බවයි. ඒ හරහා ඕනෑම විශ්වවිද්‍යාලයක්  පෞද්ගලිකකරණය කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.   එම පනතේ ඇති අහිතකර අණපනත් ඉවත් කර එය සම්මත කරගැනීමට කටයුතු කලොත් හොඳ යැයි වුන්වහන්සේ පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උඩුවෙධම්මාලෝක නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ හිතේ ඇති දුක ද ප්‍රකාශ කර සිටියා.

 

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...