රාමුකර නුඹව එල්ලනවා සත්තයි බිත්තියක….

පින්තූරයක් කර නුඹව
මගේ ගෙදර බිත්තියේ එල්ලන්න
මට ඕන
හදවතේ එල්ලි එල්ලී
රිදුම් දෙන නුඹව
හදවතෙන් ගලවා
මට පෙනෙන තැනක
ලොකු කර එල්ලන්න
මට ඕන…

ඇත්තටම නම්
ගැලවෙන්න ඕන
මට මගෙන්
තියාගෙන නුඹව
මට පේන මානෙක…
පේනවටත් වැඩිය
ටිකක් ලොකුවට…

පොළොව පලා එන ළපලු
නියපොතු තුඩින් සිඳ දමන්න
ලේ මස් ඇට නහර
ගිනි නොගන්න
මට ඕන
ගැලවෙන්න මට මගෙන්…

කවදාවත් දැකලා නැති
පිංතූරෙකට කොහෙද පාටක්..
මුදු සීයක් දුර ආපු සුළඟක
කොහෙද සුවඳක්…
මේක නිකම්ම නිකම්
බොරුවක්….
මායාවක්…
ඉන්ද්‍රජාලයක්
මනෝ භ්‍රාන්තියක්…
ඒත්..
කට්ට කරුවල නදී තීරෙක
චන්ද්‍ර බිම්බයක්…..

ගැලවෙන්න ඕන
මට මගෙන්
දවසක්ම
නුඹේ එකමෙක
දයාර්ද වදනක්
යදින මගෙ හිතෙන්….

එල්ලූ පසුව රාමු කර
නුඹේ රූ බිත්තියේ
ඒ රුවට කියාවිද මං කවදාක
නුඹට මං පෙම් කළ තරම…..!!
ඒ ප්‍රේමයේ අරුම…..!!

 

 

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...