රාමුකර නුඹව එල්ලනවා සත්තයි බිත්තියක….

පින්තූරයක් කර නුඹව
මගේ ගෙදර බිත්තියේ එල්ලන්න
මට ඕන
හදවතේ එල්ලි එල්ලී
රිදුම් දෙන නුඹව
හදවතෙන් ගලවා
මට පෙනෙන තැනක
ලොකු කර එල්ලන්න
මට ඕන…

ඇත්තටම නම්
ගැලවෙන්න ඕන
මට මගෙන්
තියාගෙන නුඹව
මට පේන මානෙක…
පේනවටත් වැඩිය
ටිකක් ලොකුවට…

පොළොව පලා එන ළපලු
නියපොතු තුඩින් සිඳ දමන්න
ලේ මස් ඇට නහර
ගිනි නොගන්න
මට ඕන
ගැලවෙන්න මට මගෙන්…

කවදාවත් දැකලා නැති
පිංතූරෙකට කොහෙද පාටක්..
මුදු සීයක් දුර ආපු සුළඟක
කොහෙද සුවඳක්…
මේක නිකම්ම නිකම්
බොරුවක්….
මායාවක්…
ඉන්ද්‍රජාලයක්
මනෝ භ්‍රාන්තියක්…
ඒත්..
කට්ට කරුවල නදී තීරෙක
චන්ද්‍ර බිම්බයක්…..

ගැලවෙන්න ඕන
මට මගෙන්
දවසක්ම
නුඹේ එකමෙක
දයාර්ද වදනක්
යදින මගෙ හිතෙන්….

එල්ලූ පසුව රාමු කර
නුඹේ රූ බිත්තියේ
ඒ රුවට කියාවිද මං කවදාක
නුඹට මං පෙම් කළ තරම…..!!
ඒ ප්‍රේමයේ අරුම…..!!

 

 

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...