මහ බැංකුව – වීරසිංහ ආචාරියාගේ කෙරුවාව…….

මහ බැංකු අධිපතිකම කියන්නෙ ගරුකටයුතු තනතුරක්. නැතුව ලෝකෙ කාල වතුර බීපු,පිරමීඩ ජාවාරම් මෙහෙයවපු නීල හොරු පත්කරන තැනක් නොවෙයි. මහ ජනතාව ගැන අවංකව වගකියන මනුස්සයෙක් එතනට එන්න ඕන.

රාජපක්සලා ගවනර් විදියට පත්කලේ කබ්‍රාල්. ඌ නියමෙට රට විනාශ කලා. මිනිස්සු ඌව එලෙව්වට පස්සෙ දැන් අධිපතිකම දෙන්න හදන අචාර්‍ය නන්දසේන වීරසින්හ කියන්නෙ කව්ද බලමු.

මහ බැංකුවේ දෙවන උසස්ම නිලයේ ඉඳගෙන කබ්‍රාල්ගේ සියලු කාපාලු වැඩ දනුවත්වම අනුදැන වදාළ හෙන්චය්යෙක් තමයි මේ. මහින්ද 2015 පැරදිලා ගෙදර යනකොට කබ්‍රාල්ටත් යන්න වුනවෙලේ ප්‍රසිද්දියේම අඬා වැළපුණේ ඔය ආචරියා තමයි.

කබ්‍රාල් තමන්ට අයුතුලෙස පැන්ශන් එකක් හදා ගත්තු බව රටම ඩන්නවා. වීරසිංහ ආචරියාත් පැන්ශන් යන්න ඔන්න මෙන්න කියලා ඉඳගෙන බැංකුවේ ඉන්න උගේම කැචර්ලා ලවා උගේම පැන්ශන් එක සෑහෙන ගානකින් වැඩිකර ගත්ත බව දන්නෙ බැන්කුවෙත් ටික දෙනයි.

ලැජ්ජ නැතුව මූ ආයෙත් බැංකු අදිපතිකමත් දුන්නොත් ගන්නන් කියනවාලුනෙ.

ඔය තනතුරට පත් කරන්න කොච්චර ගරුකටයුතු පුද්ගලයො ලංකාවෙ ඉන්නවද?

රාජපක්සලාට ඕනෙ මුන් වගේ එවුන්ම තමයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...