විදුලි බලයට විකල්ප තියෙද්දිත්  කන බත  පිදුරු වෙන්න හරින  විදුලිබල සහ කෘෂිකර්ම ඇමතිලා

Date:

උඩවලව ජලාශයෙන් වතුර අරගෙන  අස්වද්දන ගොවිබිම්වලට  වතුර සැපයුම නවතා දමා සති දෙකකට ආසන්න කාලයක් ගත වී තිබේ . පීදෙන්න ඔන්න මෙන්න කියා තිබෙන මේ ගොයම  වතුර නොමැතිකම හේතුවෙන්  පිදුරු බවට පත් වෙමින් පවතින බවට ගොවීන්ගෙන් මැසිවිලි නැගෙන අතර තමන්ගේ ගොයම බේරා ගැනීමට අවශ්‍ය කරන ජලය ලබාදීමට කටයුතු කරන්න කියා බලපෑම් කරමින්  ගොවි ජනතාව උද්ඝෝෂණ කළ ද  ඒ සඳහා වගකිව යුතු කිසිවෙකුගේ අවධානය යොමු වී නොමැත.  ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ද මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කර තිබෙන මුත්  එහි දී ද ප්‍රශ්නයට පිළිතුරක් ලැබී නොමැත.  විදුලිබල ඇමති සහ කෘෂිකර්ම ඇමති අතර තියෙන කඹ ඇදීම හේතුකරගෙන ගොවි බිම් සඳහා අවශ්‍ය කරන ජලය උඩවලව ජලාශයෙන් ලබා දීමට  නොහැකි බවට වූ තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින්  ගෙන ඇති බව සඳහන්.

කාංචන ඇමතිවරයා පුන පුනා කියා සිටින්නේ  සමනල වැවෙන් ගොවිබිම් සඳහා ජලය ලබා දුන්නොත් අනිවාර්යෙන්ම විදුලිය විසන්ධි කිරීමට  සිද්ධ වෙන බවයි.

මේ අතරතුර වේළිඔය ජලාශයෙන් තම ගොවි බිම් පෝෂණය කරගත් ගොවියන් තමන්ගේ අස්වැන්න නෙළාගෙන අවසාන හෙයින්  විනාශවෙන ගොවිබිම් ටික රැක ගැනීම සඳහා වේලි ඔයෙන් යම් ජල ප්‍රමාණයක් මුදා හැරීමට එකඟතාවය පළ කරල තියෙනවා.  නමුත් මේ මුදාහරින ජලය මේ කුඹුරු  ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන ජල ප්‍රමාණය නොවුනද  සහමුලින්ම විනාශ වීම වළක්වා ගෙන යම් අස්වැන්නක් ඉතිරි කරගැනීමට ගොවියන්ට හැකිවෙතැයි විශ්වාසය තැබිය හැකිය .  ගොවි ජනතාව විසින් වේලිඔය නිර්මාණය කරගෙන තිබෙන්නේ වලවේ ගඟේ  අතු ඔයාක් වන වේලි ඔය හරස් කරමින් තනාගත් අමුණක් මගිනි. මේ ජනතාව දිනකට අක්කර අඩි 150 ක ජාල  ප්‍රමාණයක් සති දෙහෙකට ලබා දීමට එකඟතාවය පළ කරනවා.  ඔවුන් එසේ කරන්නේ තම සහෝදර ගොවි ජනතාවගේ දුක දන්නා හෙයිනි.   කන්නය පාළු වී ගියොතින් ඔවුන්ට අත්වන ඉරණම ඔවුන් දන්නා හෙයිනි.  සියල්ල ආරක්ෂා කර ගැනීමට සෑහීමකට පත් නොවන ජල ප්‍රමාණයක් වුවද  එය හෝ ලබා දීමට ඔවුන් කටයුතු කරන්නේ  පාලකයන්ට වඩා  ගොවියාගේ දුක මේ ජනතාව දන්නා හෙයිනි.

ජනතා අනුමැතියක් නැති ජනාධිපතිවරයෙක් සමග එකට  වාඩිවී සිටින  මෙ කැබිනට් මණ්ඩලයට ජනතාව පිළිබඳව කිසිදු හැඟීමක් නොමැති බව මේ සිදුවීමෙන් ද  තහවුරු වෙනවා.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...