Breaking News

එන්න….. අපි යමු වැටුප් දන් දීමේ මහා පුණ්‍ය කර්මයට දායක වන්න…

සනත් බණ්ඩාර 

කොරෝන වසංගතයෙන් බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා කම්කරුවන්ගේ වැටුප් පරිත්‍යාග කිරීමට යෝජනා කර තිබේ. ඒ ගැන කතා කරමු.

2017 වර්ෂයට අදාල අයවැය ලේඛනයට අනුව අපේක්ෂිත රජයේ ආදායම රු.බිලියන 2098කි. ඉන් බදු ආදායම බිලියන 1821යි. බදු අදායමෙන් සෘජු බදු බිලියන 335ක් වක්‍ර බදු ප්‍රමාණය බිලියන 1486ක් වේ. ඒ අනුව2017 වර්ෂයට ඉලක්ක සමස්ත රාජ්‍ය අදායමෙන් 70.8%ක් සඳහා මෙරට සාමාන්‍ය ජනතාව දායක වන අතර ඉහල අදායම් ලබන පිරිසගේ දායකත්වය එනම් සෘජු බදූ(සෘජු බදූ තුල වැඩිම දායකත්වය අදායම් බදු වේ) ප්‍රතිශතය 15.9%කි. මේ අනුව පෙනෙන්නේ මෙරට ආර්ථිකයේ බර දරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව බවයි.

2014 වර්ෂයේ මහබැංකු වාර්තාවට අනුව මෙරට දල ජාතික නිෂ්පාදිතයෙන් 33.56%ක ප්‍රමාණයකට මෙරට ඉහලම අදායම් ලබන 10%ක පිරිස හිමිකම් කියනු ලබයි. ඊලගට ඉහල අදායම් ලබන 20%ක ජනගහනය මෙරට දල ජාතික නිෂ්පාදිතයෙන් 53%ක ප්‍රතිශතයක් බුක්ති විදී. ඒ අනුව ලංකාවේ ජනගහනයෙන් ඉහලම අදායම් ලබන 30%ක ජනගහනය ලංකාවේ ජාතික නිෂ්පාදිතයෙන් 83%ක් බුක්ති විදිමින් සිටීන අතර ඉතිරි 70%ක ජනගහනයට හිමි වන්නේ ජාතික නිෂ්පාදිතයෙන් 17%ක් පමණි.

එක්සත් රාජධානියේ දේපල උපදේශන සමාගමක් වන knight frank ආයතනය විසින් නිකුත් කල ලොව ධනවතුන්ගේ වාර්තාවට අනුව කොළඹ නගරය තුල ඩොලර් කෝටියක වත්කමකට හිමිකම් කියන 170 දෙනෙකු සිටී. 2018 වර්ෂය වන විට මෙරට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ වත්කම් ඩොලර් මිලියන 750ක් පමණ වේ. ලංකාවේ john keels holding සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් කරුවන් වන කපිතාන් සොහාලි සහ රුසි පවුලේ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 450 ඉක්මවා තිබේ. හැරී ජයවර්ධනගේ මුළු වත්කමක් ඇමරිකානු ඩොලර් මිලියන 350 ඉක්මවා ඇත. මෙම ධනපතියන්ගේ වත්කම් 2018 වසරේදී සංඛ්‍යා ලේඛන වේ.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ගෘහස්ත අදායම් සහ වියදම් සමීක්ෂණයට(2015) අනුව ලංකාවේ ග්‍රාමීය ගෘහස්ත ඒකකයක මාසික ආදායම රු. 41 478ක් වන අතර වතු ගෘහස්ත ඒකකයක ආදායම රු 30 220කි. මෙරට එක ගෘහස්ත ඒකකයක සාමාන්‍ය සාමාජික සංඛ්‍යාව 04 දෙනෙකූ සිටින බව වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ග්‍රාමීයව එක් අයෙකුගේ අවශ්‍යතා සඳහා මසකට ලැබෙන්නේ රු. 10000ක මුදලකි.එය වතුකරයේ රු 7500ක් පමණි.මෙම ආදායම පාසල් දරුවෙකුගේ අවශ්‍යතා සඳහා වත් ප්‍රමාණවත් නැත.

මෙවන් තත්වයක් තුල වැටුප් පරිත්‍යාග කරන්නයි ඉල්ලීම හාස්‍යයක් පමණි.දැන් අපි තව තවත් වැටුප් දන් දෙමු සැදැහැ සිතින්.

leave a reply