රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි

ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද කියන පැනය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උදිත ලොකු බණ්ඩාර මාධ්‍ය හමුවේදී මතු කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ යනු මැතිවරණ තියෙන නායකයකු නොව මැතිවරණවලින් පළා යන නායකයකු බවත් ඔහු ජනාධිපතිවරණය අබියස විපක්ෂයේ පක්ෂ බේද බින්න කිරීමේ කුමන්ත්‍රණයක යෙදෙන බවත් ප්‍රකාශ කළා. විපක්ෂය අක්‍රීය කරන්න සිදු කරමින් පවතින පහත් මර්ධනකාරී ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න කියා ඔහු ආණ්ඩුවට කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අඩපණ කිරීමට එහි සභාපතිවරයාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තත් එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි බව උදෙත් ලොකුබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව දැනුවත්ව සිදු කරන ක්‍රියාවලියක් බවට චෝදනා එල්ල වුණා.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...