රනිල් මැතිවරණ වලට බයයි ජනාධිපතිවරණය සැකයි

ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නේ නැතුව කට්ටි පනින ආණ්ඩුවක් ජනාධිපතිවරණය තියයිද කියන පැනය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උදිත ලොකු බණ්ඩාර මාධ්‍ය හමුවේදී මතු කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ යනු මැතිවරණ තියෙන නායකයකු නොව මැතිවරණවලින් පළා යන නායකයකු බවත් ඔහු ජනාධිපතිවරණය අබියස විපක්ෂයේ පක්ෂ බේද බින්න කිරීමේ කුමන්ත්‍රණයක යෙදෙන බවත් ප්‍රකාශ කළා. විපක්ෂය අක්‍රීය කරන්න සිදු කරමින් පවතින පහත් මර්ධනකාරී ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න කියා ඔහු ආණ්ඩුවට කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අඩපණ කිරීමට එහි සභාපතිවරයාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තත් එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි බව උදෙත් ලොකුබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව දැනුවත්ව සිදු කරන ක්‍රියාවලියක් බවට චෝදනා එල්ල වුණා.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...