Day: August 29, 2020

  • අදෘශ්‍යමාන ගිණි හටගන්නා ලොව විශාලතම තෙත් බිම පැන්ටනල්

    අදෘශ්‍යමාන ගිණි හටගන්නා ලොව විශාලතම තෙත් බිම පැන්ටනල්

    ලොව විශාලතම නිවර්තන තෙත්බිම වන පැන්ටනල්හි ලැව් ගිණි සංඛ්‍යාව පසුගිය වසරේ මේ කාලයට සාපේක්ෂව 2020 දී තුන් ගුණයකින් වැඩි වී ඇති බව බ්‍රහස්පතින්දා නිකුත් කළ චන්ද්‍රිකා දත්ත පෙන්වා දෙනවා .

    බ‍්‍රසීලයේ ජාතික අභ්‍යවකාශ ඒජන්සිය වන INPE, ජනවාරි 1 සිට ජූලි 22 දක්වා පැන්ටනල් හි ගිණි 3,506 ක් හඳුනාගෙන ඇති අතර එය 2019 ට වඩා 192% ක වැඩිවීමක් වන අතර 1998 දී වාර්තා ආරම්භ වූ දින සිට වැඩිම කාලයකි.

    පෘතුගීසි “මඩ වගුරු” යන වචනයෙන් උපුටා ගත් පැන්ටනල්, බ්‍රසීලයේ වර්ග කිලෝමීටර 150,000 කට වඩා විහිදී ඇති අතර බොලිවියාව සහ පැරගුවේ දක්වාද විහිදේ.

    පැන්ටනල්හි වර්ග කිලෝමීටර් දහස් ගණනක් විනාශ කර ඇති ගින්න නිවා දැමීමට සිය ගණනක් ගිනි නිවන භටයින්, පරිසර සේවකයින්, උද්‍යාන පාලකයන් සහ සොල්දාදුවන් දිනපතා පැය 24 ම වැඩ කර මින් සිටිනවා .

    ලොව හැමතැනම වනාන්තර භූමි විනාශ කරමින් , වගුරුබිම් ගොඩ කරමින් සිටිනවා. මේ බොහෝ විනාශයන් පිටුපස සිටින්නේ දේශපාලකයන් ය.

    බ‍්‍රසීලයේ සිට පැරගුවේ හා බොලිවියාව දක්වා විහිදෙන පැන්ටනල්, ජෛව විවිධත්වය අතින් අතිමහත් ධනයකි.

    එය ඇමසන් වැසි වනාන්තරයේ දකුණු කෙළවරේ පිහිටා ඇති අතර, මේ වසරේ ගින්නෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

    වසර 13 ක් තුළ බ්‍රසීලියානු ඇමේසන් හි ලැව්ගිනි ඇතිවූ දරුණුතම මාසය පසුගිය ජුලි මාසය වූ අතර එය 2,248 ක් විය.

    අන්ත දක්ෂිනාංශික දේශගුණික විපර්යාස පිළිබඳ සැකකරුවෙකු වන බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, කෘෂිකර්මාන්තය සහ ආරක්ෂිත ඉඩම්වල පතල් කැණීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති සමඟ රටේ අත්‍යවශ්‍ය ස්වාභාවික සම්පත්වලට පහර දෙන බවට පරිසරවේදීන් චෝදනා කරයි.

    2019 අගභාගයේදී සහ 2020 මුල් භාගයේදී බ්‍රසීලයේ පැන්ටනල් තෙත් බිමෙහි පාලනයෙන් තොර වූ ලැව්ගිනි නැවත ඇතිවිය. හෙක්ටයාර් මිලියන 1.2 ක් (අක්කර මිලියන 3 ක්) මේ වන විට පිළිස්සී ඇත.

    පැන්ටනල් යනු ලොව විශාලතම නිවර්තන තෙත් බිම වන අතර බ්‍රසීලය, පැරගුවේ සහ බොලිවියාවේ දේශසීමා හරහා ගමන් කරයි.

    බ්‍රසීලියානු පැන්ටනල් 2020 දී මේ දක්වා ගින්න දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර එය 2019 දී එම කාලයට වඩා 200% කින් පමණ ඉහළ ගොස් තිබේ.

  • වැස්ස! වැස්ස!! ඉතින් වහින්න.

    වැස්ස! වැස්ස!! ඉතින් වහින්න.

    වැස්ස කියද්දිම මට මතක් වෙන තැන් දෙකක් තියෙනව. එකක් ඛුද්ධක නිකායේ තේර ගාථා පාළියේ ගිරිමානන්ද ථේර ගාථාව. අනික ධනිය සූත්‍රය. මේ දෙකේදිම වැස්ස මුල් කරගනිමින් තමන් ලබපු අධ්‍යාත්මික සුවය ගැන ඉතා ඉහළින් පෙන්වා දෙනව. ඒක මට වැස්සක් තරම් ලස්සනයි.

    වැස්ස අපිට පීඩා ගෙන දෙනව, වැස්ස සූදානම් නැති මිනිස්සුන්ට හැම අතකින්ම පීඩා කරනව. වැස්ස වෙලාවක පාරෙ යන්න බැහැ, ගෙදර ඉන්නත් බැහැ. කන්න බොන්න උයන්න කිසිවක් බැරිවෙන්නෙ වැස්සට අපි සූදානම් නැත්නම්. ඒ වගේම තමයි අධ්‍යාත්මික පැත්ත. වැස්ස රාග, දෝශ, මෝහනම්; සීලයට, සමාධියට, ප්‍රඥාවට එ⁣ළඹෙන්න බැහැ. රාගයට, දෝශයට, මෝහයට අපි සූදානම් වෙලා හිටියොත් සීලයට සමාධියට ප්‍රඥාවට එළැඹෙන්න බැරි නැහැ.
    ගිරිමානන්ද ථේර ගාථාවේදී ගිරිමානන්ද හාමුදුරුවෝ වැස්ස ගැන හරි අපූරු සඳහන් ටිකක් කරනව. මෙන්න මේ විදියට;

    වස්සති දේවෝ යථා සුගීතං
    ඡන්නා මේ කුටී සුඛා නිවාතා
    තස්සං විහරාමි වීතරාගෝ
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තිබෙන්නේ. රාග රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

    වස්සති දේවෝ යථා සුගීතං
    ඡන්නා මේ කුටී සුඛා නිවාතා
    තස්සං විහරාමි වීතදෝසෝ
    අථ චේ පත්ථයයි පවස්ස දේව

    වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි ජනේලයත් වහල තියෙන්නේ. ද්වේෂ රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

    වස්සති දේවෝ යථා සුගිතං
    ඡන්නා මේ කුටි සුඛා නිවාතා
    තස්සං විහාරාමි වීතමොහෝ
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තිබෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නේ. මෝහ රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

    වැස්සක සෞන්දර්ය අපිට බලන්න පුළුවන් වෙන්නෙ නොතෙමී ඒ දිහා බලාගෙන ඉද්දි. වැස්සෙ තෙමෙන්න මිනිස්සු ආසයි කිව්වට තෙමෙනවට බයේ කුඩයක් අරගෙන යනව. ගෙදර උළු තහඩු වලින් සෙවිලි කරනව. ඇත්තෙන්ම මිනිස්සු වැස්සට කැමතිද? වැස්සක තියෙන සුන්දරත්වය තෙමි තෙමී විදින්නනම් එයා ඉන් පස්සෙ එන ගැටළු වලට පිළිතුරු හොයාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන.

    තමන්ගේ කුටියට වෙලා වැස්ස දිහා බලාගෙන ඉද්දි දැනෙන හැඟීම් ටික ගිරිමානන්ද හාමුදුරුවෝ දක්වන්නේ හරිම ලස්සනට. මම වැස්සට බය නැහැ. මම මගේ කුටියෙ ඉන්නෙ, ඒ කුටිය හොඳට සෙවිලි කරලයි තියෙන්නෙ, කවුළු පියන් වහල තියෙන්නෙ, වැස්සනිසා ඇති විය හැකි රාග ද්වේශ මෝහාදී සිත් මම යටපත් කරල තියෙන්නෙ. වැස්ස! ඇති තරම් වහින්න කියල වැස්සට කියනව උන්වහන්සේ. උන්වහන්සේ එතනින් පෙන්වන්නේ උන්වහන්සේගේ අර්හත් බවේ උත්තරීතර බව. ලෞකික අපිට ගන්න තියෙන්නෙ වැස්සෙ සෞන්දර්යාත්මක බව කියල මට හිතෙනව. මේ වැහි වලට තෙමෙන්නනම් අපි ඇත්තෙන්ම සූදානම් වෙලා ඉන්න ඕන. අඩු තරමෙ කුඩයක්වත් අතේ තියන් ඉන්න ඕන.
    ධනිය සූත්‍රයේ දී ධනිය ගෝපාල සහ බුදුන්වහන්සේ අතර සිද්ධ වෙන සංවාදයත් ඉතාම රමණීයයි. එයත් විවරණය වෙන්නෙ වැස්ස හෙවත් වර්ෂාව මුල් කරගනිමින්. ධනිය කියන්නෙ විශාල ගව පට්ඨියක අයිතිකාරයෙක්. එයා ලොකු සල්ලිකාරයෙක්. ඉතිං දවසක් මෙයා තමන්ගෙ ගව පට්ඨියට තණ කවන්න “මහී” කියන ගංගා තීරයේ තාවකාලිකව නවාතැන් ගන්නව. තනියම නෙමෙයි. තමන්ගෙ බිරිඳත් දරුවොත් එක්ක. මෙහෙම ඉද්දි තද වැහි වළාකුළුත් එක්ක වර්ෂාවක සංඥා අහස තුළ පැන නගිනව. මේක බලාගෙන හිටපු ධනිය ඉතාමත් සතුටට පත් වෙනව. නිකං නෙමේ එයා ඒ ගැන කෑ ගගහ සතුටට, උද්දාමයට පත්වෙනව;

    පක්කෝදනෝ දුද්ධඛීරෝ හමස්මි
    අනුතීරේ මහීයා සමාන වාසෝ
    ඡන්නා කුටි අභිතෝ ගිනි
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    මම බත් පිසල තියෙන්නෙ, දෙනුන්ගේ කිරි දොවල තියෙන්නෙ, මගෙ බිරිඳත් දරුවොත් එක්ක එකට වාසය කරන්නෙ, සෙවිළි කරපු කුටියෙ හීතල එනවට ගිණිමැලයක් තියෙනව, ඉතින් වළාකුළු! කැමති තරම් වහින්න. කියන ආයාචනය ධනිය සිද්ධ කරනව.

    මේක බුදුන්වහන්සේ දකිනව. මේ වහින්න යන වැස්ස ලේසි පාසු වැස්සක් නෙමෙයි කියල බුදුන්වහන්සේ දැනගෙන හිටිය. විශාල ගංවතුරක සේයාවක් උන්වහන්සේ දැක්ක. මේ වහින වැස්සෙන් ලොකු ජීවිත විනාශයක් විය හැකි බව තේරුම් ගත්ත.

    ධනියගේ උද්දාම සම්පන්න වචන අතර තුර බුදුන්වහන්සේ අහසින් වඩිනව ධනිය ලගට. එහෙම වැඩම කරල බුදුන්වහන්සේ උද්දාමයෙන් ප්‍රීති වාක්‍ය දේශනා කරනව;

    අක්කෝධනෝ විගතිඛිලෝ හමස්මි
    අනුතීරේ මහියේකරත්ති වාසෝ
    විවටා කුටි නිබ්බුතෝ ගිනි
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    මම ක්‍රෝධයෙන් තොර වූයෙමි, කෙළෙස් මුල් ගලවා විසි කරන ලද්දෙමි, මේ මහී ගං තීරයේ මම ද හුදෙකලාව වෙසෙමි. ඒ විතරක් නෙමේ මට හාත්පසින්ම විවර වූ කුටියක් තියෙන්නෙ, ඒ වගේම මට පත්තු කරපු ගිනිමැල මුකුත්ම නැහැ. ඉතින් වළාකුළු කැමති තරම් වහින්න.

    ඒ තමයි බුදුන්වහන්සේගේ ප්‍රීති වාක්‍ය. ධනිය සතුටු වෙන්නෙ තමන්ගේ මෙලොව සුබ සිද්ධිය ධනය බලය තුළින් ගොඩනගාගත්ත නිවහල් බව ගැන. එයාත් තෙමෙන්නෑ, වැස්සට ගානක් නෑ. වැස්සෙ සුන්දරත්වය විදින්න එයා ආසයි. හැබැයි බුදුන්වහන්සේ කතා කරන්නෙ ලෞකික නොවූ ලෝකෝත්තර දෙයක් ගැන. ඒක හරියට මේ වගේ; “ධනිය වැස්සත් එකයි නොවැස්සත් එකයි. මට වැස්සේ ප්‍රතිඵලය නිසා ඇති වෙන කිසිම දෙයක් බලපාන්නෙ නැහැ. මගෙ කුටිය සිව් කොනින්ම විවෘතයි. මාව තෙමෙන්න පුළුවන්! හැබැයි මට හානියක් වෙන්නෑ. මගෙ කුටියෙ හීතලට අවුලපු ගිනිමැල නෑ. මට වැස්ස නිසා සීතල ඇති වෙන්න පුළුවන්. හැබැයි මම දන්නව! මට හානියක් නැහැ. ධනිය! ඔයා කොච්චර සැප සම්පත් තිබුනත් වැස්සට බයයි.” උන්වහන්සේ අරහත් නම් වූ සුළඟින් කෙලෙස් නමැති වහල සිඳබිඳ දැමු නිසා විවර වූ කුටිය යැයි වදාළ සේක. එමෙන් ම රාග, ද්වේශ, මෝහ , ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන එකොළොස් ගින්න ම බෝධිමූලයේ දී විමුක්තිය නමැති සිහිල් දියෙන් නිවාලු නිසා, නිබ්බුතෝ ගිනි හෙවත් නිවන ලද ගිනි ද ඇත කියා උද්දාමයට පත්වුනා. ඒ විතරක් නෙමෙයි. අතීතය ගැන ශෝක නො කරමින්, අනාගතය නො පතමින්, වර්තමානයෙහි විදසුන් නුවණ තුළ සුන්දර හුදකලාවේ වසන බැවින් මේ දේවල් ගැන මට තැකීමක් නැහැ කියල උද්දාමයට පත්වුනා.

    ධනිය බුදුන්වහන්සේගේ විවරණය අහල සතුටු වුනා. ඒ නිසාම තවත් තණ්හාධිකව උද්දාමයට පත්වෙලා තවත් ප්‍රීති වාක්‍යයක් කිව්ව. බුදුන්වහන්සේගේ විවරණයක් අහන්න තියෙන ආසාවට.

    අන්ධක මකසා න විජ්ජරේ
    කච්ජේ රූළ්හතිණේ චරන්ති ගාවෝ
    වුට්ඨිම්පි සහෙය්‍යුමාගතං
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    ලේ උරන මැස්සො මදුරුවො නැහැ, ළා තණ පදුරු ඉතා හොඳින් ගොනුන් විසින් කා දමනවා, වැහි වැටෙද්දි ඉවසන්න පුළුවන් ඔවුන්ට. ඉතිං ඇති වෙන්න වහින්න!.

    මේ විදියට ධනිය සතුටු වෙද්දි බුදුන්වහන්සේ නැවත ප්‍රීතියෙන් මේ විදියට කියනව;

    බද්ධා හි භිසි සුසංඛතා
    තිණ්ණෝ පාරගතෝ විනෙය්්‍ය ඕඝං
    අත්ථෝ භිසියා න විජ්ජති
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    ඉතා හොඳින් බදින ලද පහුරක් තිබෙනවා, සැඩ පහර කපාගෙන යන්න ඒ පහුරට පුළුවන්කම තියෙනව. මම ඒ පහුරෙන් ගංගාව තරණය කරලත් ඉවරයි. මේ පහුරෙන් මට දැන් ඇති වැඩකුත් නැහැ. ඇති වෙන්න වහින්න! මට කමක් නෑ.

    මේ ගිරිමානන්ද හාමුදුරුවෝත් බුදුන්වහන්සේත් වැස්ස නිසා ප්‍රීතියට පත්වීම හරිම ලෝකෝත්තරයි. ඒ වැස්ස කියන්නෙ අපි සම්මුතියේ කතා කරන වළාකුළු අතර ගට්ඨනයෙන් ඇති වෙන වැස්ස නෙමෙයි. කෙලෙස් වැස්ස ගැනයි උන්වහන්සේලා උදම් ඇනුවෙ. ධනිය උදම් ඇණුවෙ සම්මුතියේ අපි කතා කරන වැස්සට තමන් සූදානම් බැවින්.
    ඉතින් මේ වැහි දෙකම එක වගේ නැතත් කොච්චර රුදුරු වුනත් වැස්සට සූදානම් වෙලා ඉන්නවනම් වැස්සට බිය නොවී ඒ වැස්ස විදින්න පුළුවන්: වැස්සෙ තෙමෙන්න පුළුවන් .

    ගුරුගොඩ සිරිවිමල හිමි

     

  • තෝරා බේරාගෙනයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය

    තෝරා බේරාගෙනයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය

    ලංකාවේ ජාතික ගුවන් සේවයේ මගී පහසුකම් සලසන්නේ තෝරාගත් රටවල් කිහිපයක ගුවන් මගීන්ට පමනක් බව ඒම ගුවන් සේවය දැනුම් දී ඇත.

    මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන්නට 54,000ක් ලියාපදිංචිව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය නිල වශයෙන් පිළිගෙන ඇති අතර ඒහෙත් ඔවුන් මෙරටට ගෙන්වීම දින දියමයක් නැතිව අවලංගුකර ඇත. මේ නිසා ගුවන් යානා යවනු ලබන්නේ ඒසේ මැදපෙරදිග නොවන රටවල් කිහිපයක් වෙතය. එනම්, ඉතාලියේ මිලාන්, ඒක්සත් රජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ මාලේ, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්, ප්‍රංශයේ පැරිස් හා ඔ්ස්ට්‍රෙලියාවේ සිඩ්නි යන නගරවලට පමණකි. මෙම නගරවල සිට පැමිණෙන මගීන් නිරෝධායන මධයස්ථානවලට යවන්නේ නැතිව සමාජය වෙත් නිදහස් කරන්නේදැයි පැහිදිලි නැත. කෙසේවෙතත් මැදපෙරදිග කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින්, රැකියාවලින් නෙරපා හරිනු ලැබ, මාස තුනක් වැටුප්, නවාතැන් හෝ නිසි ආහාරයක්, ප්‍රතිකාරයක් හෝ වාසස්ථානයක් නැතිව සිටින ලාංකිකයන්ට තවදුරටත් ප්‍රමුඛතාවක් ගුවන් ගමන්වලදී හිමි නොවන බවද පැහැදිලිය.

    උපුටා ගැනීම .lankaviews.com

  • සීහ නිරිඳා -සිහබා රජින්දා

    සීහ නිරිඳා -සිහබා රජින්දා

    සීහ නිරිඳා පුතේ සිහබා
    දාරකයි පෙම හදම රිදවා
    ගල් ලෙනේ දොර වසා සුරැකා
    පියා නුඹලගෙ සිංහ රජිඳා

    තොපට අසිපත කවුද දුන්නේ
    කාගෙ බහටද මාන එන්නේ
    මගේ ගෙළටද පහර දෙන්නේ
    සෙනෙහසයි බිම තෙත් කරන්නේ

    සිංහබා නුඹ නො දරු මා පුත
    මා මාරා නුඹ රටට අසිපත
    පිය සෙනේ කළ වරද මේක ද
    නැසෙන්නට වරිගයම පාපෙක

    මවයි සුප්පා වනය මේ බිම
    සීවලී නුඹෙ එකම ලේ ගඟ
    බලය අසිපත කහවණු ද සැප
    පියාණන් හද නිරුද කළ හැක

     

  • නංගිව ආවරණයක් කරගෙන අක්කාව කෙළෙසීම

    නංගිව ආවරණයක් කරගෙන අක්කාව කෙළෙසීම

    අපි දන්න ලංකාගම ඉන්නේ පවුල් 200 අඩුවෙින් . නෙලුව , ලංකාගම මාර්ගය පෙන්වා ලංකාගම දෙණියාය මාර්ගය හදනවානමි එය සිංහරාජය විනාශ කිරීමක්. ජනතා අවශ්‍යතාවයන් ඉෂ්ට කරනවා යැයි කියමින් සිංහරාජ විනාශය සිදු කරන්න සූදානම් වෙනවා නම් ඉදිරියේදිත් ඊට විරුද්ධව ජනතාව පෙලගසමින් පෙනී සිටිනවා. සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පවසයි.