ප්‍රංශ ජනතාව ආරක්ෂක පනතට එරෙහිව පාරට බසී

පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වෙමින් පවතින ‘ගෝලීය ආරක්ෂාව’ පිළිබඳ පනතට එරෙහිව ප්‍රංශ ජනතාව අතර දැඩි  විරොදයක් මතුව තිබේ .  නව පනත බලාත්මක වුවහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වෙන බවත්  නිදහස් මාධ්‍යයේ මූලධර්ම  උල්ලංඝනය වීම සිදු වන බව ඔවුන් චෝදනා නගයි.    මෙම නව  පනතට විරෝධය පාමින් නොවැම්බර් මස 22 වැනි ඉරිදා පැරිස්  අයිෆල් කුළුණ අසලදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

උද්ඝෝෂකයන් වීඩියෝ ගත කරන ආරක්ෂක භටයෙක්

නව පනත සම්මත වුවහොත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ  ඡායාරූප ගත කිරීම වීඩියෝගත කිරීම සහ ඒවා බෙදා හැරීම තහනම් වන අතර එවැනි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය  ක්‍රියාමාර්ග ගැනීමට මෙම නිතිය තුලින්  ප්‍රතිපාදන සැලසීමට නියමිතයි. අවම වශයෙන් නව නීතියට අනුව වසරක සිර දඬුවම් හෝ යුරෝ හතලිස් පන්දාහක දඩයකට  වරදකරුවන් යටත් කළ හැකියි . ගෝලීය ආරක්ෂාව නැමැති සටන්පාඨයට මුවා වී ගෙන එන මෙම මර්දනකාරී පනතට එරෙහිව විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියා.

 

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...