ප්‍රංශ ජනතාව ආරක්ෂක පනතට එරෙහිව පාරට බසී

පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වෙමින් පවතින ‘ගෝලීය ආරක්ෂාව’ පිළිබඳ පනතට එරෙහිව ප්‍රංශ ජනතාව අතර දැඩි  විරොදයක් මතුව තිබේ .  නව පනත බලාත්මක වුවහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වෙන බවත්  නිදහස් මාධ්‍යයේ මූලධර්ම  උල්ලංඝනය වීම සිදු වන බව ඔවුන් චෝදනා නගයි.    මෙම නව  පනතට විරෝධය පාමින් නොවැම්බර් මස 22 වැනි ඉරිදා පැරිස්  අයිෆල් කුළුණ අසලදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

උද්ඝෝෂකයන් වීඩියෝ ගත කරන ආරක්ෂක භටයෙක්

නව පනත සම්මත වුවහොත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ  ඡායාරූප ගත කිරීම වීඩියෝගත කිරීම සහ ඒවා බෙදා හැරීම තහනම් වන අතර එවැනි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය  ක්‍රියාමාර්ග ගැනීමට මෙම නිතිය තුලින්  ප්‍රතිපාදන සැලසීමට නියමිතයි. අවම වශයෙන් නව නීතියට අනුව වසරක සිර දඬුවම් හෝ යුරෝ හතලිස් පන්දාහක දඩයකට  වරදකරුවන් යටත් කළ හැකියි . ගෝලීය ආරක්ෂාව නැමැති සටන්පාඨයට මුවා වී ගෙන එන මෙම මර්දනකාරී පනතට එරෙහිව විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...