Breaking News

මොන තරම් අගේද ඔබට ආ හැකි නම්

සකියනි මුහුණු මත අරක් ගත් වැහුම්කඩ
තවත් කොයි තරම් කල් අපට මග අවුරද්ද
අඳුරටම ඉඩ නොදී බදු ගන්න අවුරුද්ද
එකතු වෙන්නට බැරිද දෙහෝරා විරාමෙක?

තියේ නම් පොඩි ඉඩක් දිවි සටන අතර මැද
එනු මැනවි පොතක් ගැන කතා බස් කරන්නට
දිනය විසි හත වේය හෝරාව දෙක- හතර
පොතේ නම, එලි දකින තැන පහත බලනු මැන

වෙස් මුහුණ තම මුහුණ කරගත්ත සමාජෙක
දැකීමත් නිවීමක් සුහද මුහුණක සතුට
රුහිරු විකුණා යැපෙන වර්තමානෙක අපුල
කියවන්න කවුළුවකි එදා එලි දකින පොත

මා විසින් පරිවර්තිත රුහිරු විකුණා යැපුණු මිනිසෙක් කෘතිය එළිදැක්වීම-
(Chronicle of a blood merchant by Yu Hua)
තැන- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය, රාජගිරිය
2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 2-4
දෙසුම- මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

leave a reply