මුදාහරින ලද කන්ටේනර්වල ඖෂධ තිබුනදැයි විමර්ශනයක්

පරීක්ෂාවකින් තොරව වරාය පරිශ්‍රයෙන් පසුගියදා මුදාහල කන්ටේනර් තුළ රටට හානිදායක ඖෂධ වර්ග පැවැතියේදැයි වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය වසරක පමණ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරීයේ නිසි විමර්ශනයකින් තොරව මුදා හැරීමක් කර තිබේද, එසේ ගෙන්වන ලද සමාගම් සහ ඒවා නිසි පරිදි අදාළ ප්‍රසම්පාදන ආයතන මගින් නිසි ලේඛනවලට යටත්ව මුදා හැරීමක් සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස එම ලිපිය මගින් දන්වා තිබේ.

ඒ අනුව මේ පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පසුගියදා වරාය පරිශ්‍රයෙන් මුදා හරින ලද ආන්දෝලනාත්මක කන්ටේනර් තුළ රටට හානිදායක සායනික අපද්‍රව්‍ය, ශල්‍ය උපකරණ, අන්තරාදායක ඖෂධ හෝ ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලද ඖෂධ හෝ තිබේදැයි සැකයක් නිර්මාණය වන බැවින් ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය ජුනි මාසයේදී ඉල්ලීමක් කරනු ලැබීය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...