Breaking News

සෙල්ලයියා සතීෂ් කුමාර් අද දින නිදහස් විය.

ජෙගන් ගනේෂන්

ඔහු සම්බන්ධයෙන් මේ වනවිට විවිධ ප්‍රබන්ධ සහ හඬ නැගූ බවට පවසමින් විවිධ පිරිස් ඉදිරිපත් වී ඇති පසුබිමක, ඔහු නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පළ කළ අදහස් මෙලෙස පහතින් සටහන් කරමි.

“සැකපිට 2008 වසරේ දී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා මට විරුද්ධව නඩු ගොනු කරලා තිබුණේ. විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධයි කියලා ගොනු කරපු චෝදනා පත්‍රයට වව්නියාව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා.

මම ඒ දඩුවමට විරුද්ධව අභියාචානධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. වසර පහක දීර්ඝ කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරු මහාධිකරණය දුන් දඩුවම ස්ථිර කරලා මගේ නඩුව ආයෙත් කල් දැම්මා.
අවසානයේ දී මම ශ්‍රේෂ්ඨාධිකරණයට මට ලබා දුන් දඩුවමට එරෙහිව පෙත්සමක් ගොනු කළා. ඒක අවුරුදු 07 ක් විභාගය ගත්තා. ඒ අතරතුර තමා පෙබරවාරි 01 වැනිදා මා ඇතුළු තිදෙනෙකුට ජනාධිපති සමාව දුන්නා කියන ලිපිය ලැබුණේ. ඒ දවසේ ම සෙසු දෙදෙනා නිදහස් වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව ඉල්ලා අස්කරගැනීමටත් ඊට අදාළ ලියවිල අධිකරණයෙන් බන්ධනාගරය වෙත ලැබීමේ ඇති වූ දුර්වලතා සහ ප්‍රමාදයෙන් හේතුවෙන් තමා මගේ නිදහස මේ තරම් පමා වුණේ.

දඩුවම් ලබා දී ඇති සිරකරුවන් දස දෙනෙකුත්, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති රැඳවියන් 14 දෙනෙකු ඉන්නවා. ඔවුන්ගේ නිදහස තහවුරු කරනතුරු මේ සටන දිගට අරන් යන්න අවශ්‍යයි. දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් පක්ෂ, ආගම් භේදයකින් තොරව හැමෝම එකතු වෙලා ක්‍රියා කරන්න ඕනේ. මේක මානූෂිය කරුණක්.
බිත්තර හතරක් තුළ සිරගත වෙලා ඉන්න, අපි වෙනුවෙන් සමාජය තුළ කථිකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් විශාල කොටසක් කළ, මා ගොඩාක් ආදරය කරන මාධ්‍ය ක්ෂේත්‍රයට මේ වෙලාවේ දී හිස නවා ආචාරය කරනවා.
මා වෙනුවෙන් හඬ නැගු සෑම තනි පුද්ගලයෙකුට ම, මානව හිමිකම් සංවිධානයකට ම දේශපාලන ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් සියලු දෙනාට මම ස්තූතිය පළ කරනවා.”

අවසන් වශයෙන් කීමට ඇත්තේ, එක් දෙයක් පමණයි. එයත් ඔහුගේ ‘කුයිල් කුඩුම්භම්’ නමැති කෙටි කතාවෙන් උපුටා දක්වන්නම්.

“මහත්තයෝ, ඔයා හිරේ ඉඳන් එද්දී මට මොකුත් අරන් එන්න එපා. ඒ බිත්ති හතර ඇතුළත අහිමිකරගත් තාරුණ්‍ය සමඟ ඇවිත් මාව තදින් වැළඳගෙන හාදුවක් දෙන්න…”

 

leave a reply