Breaking News

මනුෂ්‍ය වාසය සදහා අවශ්‍ය කුමණ පන්නයේ ලෝකයක්දැයි අර්බුදය විසින් උගන්වමින් සිටිනවා -නෝම් චොම්ස්කි

ඇමරිකාවේ ජීවත්වන දර්ශනවාදියෙක්,සංජානන විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම භාෂා විද්‍යාඥයෙක් වන නෝම් චොම්ස්කි ( Noam Chomsky ) සහ යුරෝපයේ DiEM25 දේශපාලන සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු වන Seckko Horvat සමග කොරෝනා වෙරසයේ සමාජ දේශපාලන විවරණ සංවාදයේ ප‍්‍රථම කොටස පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණා. “කොරෝනා වෛරස් ව්‍යසනයට මුහුණදෙන ලෝක බලධාරින්ගේ ක‍්‍රියාකලාප වල හැගවුම්කාරකය යුධවාදියි ” යනුවෙන් පලකෙරුනු ලිපියේ දෙවන කොටසයි මේ.

නෝම් චොම්ස්කි

නෝම් චොම්ස්කි – කොරෝනා අර්බුදයේ හොද පැත්තක් තමයි සමහරවිට අපට අවස්ථාව තියනව නැවතී කල්පනා කරන්න මනුෂ්‍ය වාසය සදහා මොන පන්නයේ ලෝකයක්ද අපට අවශ්‍ය කියා. අපි හිතන්න ඕනි මේ අර්බුදයේ ආරම්භය කොහෙද කියල. කොරෝනා වෙරසයක් ලෝකයට ආවේ අයි? නියෝලිබරල් වාදය විසින් වර ගන්වන ලද කෑදරකාරී වෙළදපොල ප‍්‍රසාරණය වීම නිසා ගැබුරු සමාජ ආර්ථික ප‍්‍රශ්න රැසක් අද සමාජයේ ඉතිරිවෙලා.

කොරෝනා කියන්නේ මීට වසර පහලවකට පෙර ආපු SARS වෙරසයේම දිගුවක්. එය මුල් කාලයේම හදුනාගෙන ලෝකය පුරාම එයට අවශ්‍ය වැක්සින් වර්ග නිෂ්පාදනය කොට අද වෙනකොට එය ලෝකයේ පාලනය කොට තිබෙනවා. මේ වගේ වෙරසයක් පැමිණිය හැකියි කියල දැන් ගොඩ කාලයක සිට කථා බහක් තියනව. එහෙනම් ඇයි ලෝකයට කොරෝනා පාලනය කිරීමට නොහැකිවී ඇත්තේ ? මෙහි ඇති වෙළදපොල පණිවිඩය වෙනස්.

ඖෂධ හා වැක්සින් නිෂ්පාදනය හා ඊට අදාළ පරීක්ෂණ කිරීම දැන් ඖෂධ සමාගම් වෙතින් මහා පරිමාණ ආයෝජන සමාගම් වෙත මාරුවෙලා. මේ සමාගම් ජන සමාජය සමග සම්බධයක් හෝ ඊට ඔවුන්ට වගකියන තත්වයක් නෑ. මිනිස් සිරුර තුලට යවන ක්ෂුද්‍ර කැමරා නිෂ්පාදනය කිරීම වෙරස් වැක්ස්සීන් නිපදවනවට වඩා ඔවුන්ට ලාභාදායකයි. අනෙක් අතට වෙරසය හොදින් ව්‍යාප්ත වූ පසු වැක්සින් නිපදවීමට උත්සහ කිරීමෙන් ඔවුන් වෙළදපොල වටිනාකම් වැඩිකර ගන්නව. ආණ්ඩු වලට මේ දේවල් වලට ආණ්ඩු වලට මේ දේවල් වලට මැදිහත්විය නොහැකියි. ඔවුන් මේ සමාගම් වලට වඩා කුඩයි. මේ දේවල් සමාජගත වීම වැළැක්වීමට ආණ්ඩු විසින් කරන්නේ දෙවන ලෝක යුධ සමයේ මෙන් ජනතාව නිහඩවිමට බලමුළුගැන්වවිම. ලොව පුරා සිදුවෙන්නේ එයයි.

මට මතකයි පෝලියෝ වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත උනු කාලය. ඒ කාලෙත් ලෝකය මේ වගේම භයංකර තත්වයකට මුහුණ දුන්න. එය ඉවර උනේ ී්කන වැක්සිනය සොයා ගැනීමෙන්. වැක්සිනය සොයා ගත්තේ එවකට ඇමරිකා ජනාධිපති රුස්වෙල්ට් විසින් පිහිටුවන ලද රාජ්‍ය ආයතනයකින්. මේ වක්සිනයට පේටන්ට් බලපත‍්‍ර තිබුනේ නෑ ලෝකයේ හැම රටක්ම ඉන් ප්‍රොයෝජන ගත්ත. අද රාජ්‍යන් වලට මෙවැනි ක‍්‍රියාමාර්ග ගන්න බෑ නියෝ ලිබරල් වසංගතය මේ සියළු දේවල් නවතා දමා තිබෙනවා.

අප මේ ජීවත්වෙන්නෙ රොනල්ඞ් රේගන් විසින් ඇතිකරන ලද දෘෂ්ටිවාදය තුලයි. ඔහු ලිබරල් පිටපත සකස් කරල සිනා මුසු මුහුණින් ව්‍යාපාරික ප‍්‍රජාව වෙත බාර දෙනව. ඔහු කීවේ ‘රාජ්‍ය තමයි ප‍්‍රශ්ණය’ කියල. මෙහි අර්ථය තමයි ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය බහුජාතික කුරිරු සමාගම් හස්තයන් වලට බාරදෙමු යන්නයි.

අත්ලාන්තික් සාගරයෙන් මෙපිට යුරෝපයේ අත්දැකීම් ද වෙනසක් නෑ. එහි තියෙන්නේ මාගරට් තැචර් විසින් ඇතිකරපු දේශපාලනය. එනම් සමාජය යනුවෙන් දෙයක් නොපවතී. තිබෙන්නේ පුත්ගලික සාධක සහ වෙළදපොළ යන්නයි. ඔවුන් කියමින් සිටින්නේ විකල්පයක් නෑ කියලයි. නමුත් ධනවතුන් අභියස සියළු දෙනාම වින්දිතයන් වෙලා. සමාජයට සෘජු ලෙස මැදිහත්වීමේ රාජ්‍යයේ හැකියාව දැන් ක‍්‍රමානුකුලව අහුරල තියනව.

මේ කොරෝනාවෙරස් වසංගතය ආරම්භක අවස්ථාවේදීම, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පමණ නතරකරගැනීමේ අවස්ථාවක් තිබ්බ. මෙවන් අර්බුදයක සමාකරණ අවස්ථාවක් ඇමරිකා එක්සත් ජනපදයේ අත්හදා බලලයි තිබ්බේ. නමුත් සැබෑ උවදුර පැමිණිය පසු ඔවුන් කිසිවක් කලේ නෑ. දෙසැම්බර් 31 වෙනිද චීනය විසින් ලෝකයට දැනුම් දෙනව ඔවුන් නිවුමෝනියා පන්නයේ මින් පෙර හදුනා නොගත් වෙරසයක් හදුනාගෙන තිබෙන වග. සතියකට පසුව චීනයේ විද්‍යාඥයින් එය කොරෝනාවෙරස් ලෙස හදුනා ගන්නවා. සමාකරණ අත්දැකීම් තිබ්බ ඇමරිකාවේ ආයතන දන්නවා මේ වෙරසයේ ස්භාවය. ඒත් ඔවුන් කිසිවක් කරන්නේ නෑ. ඒත් ඔවුන් එය ඉතාමත් ආත්මාර්ථකාමී ලෙස අමතකක කරලා දැම්ම. එක්සත් ජනපදය සහ එක්සත් රාජධාණිය අතිශය ආත්මාර්ථකාමී රටවල්. ඔවුන්ට තිබ්බෙ වෙන ප‍්‍රශ්ණ. මැතිවරණ දිනාගැනීමේ ප‍්‍රශ්ණ.

අද ලෝකයේ බලය දරාගෙන ඉන්නේ මේ වගේ චින්තනයක් සහිත පිරිසක්. ඔවුන් අභිමුවේ දැන් ලෝක සමාජ ආර්ථික සැකැස්ම බිදවැටිල. නව ලිබරල් සමාජ ආර්ථික පෙළගැස්ම තුල ජනතාවට වග කියන සියළු ආයතන බිදවැටුණු පසු අප මෙවැනි අභයෝග හමුවේ අප අවධානය කල යුත්තේ මා කලින් සදහන් කල පරිදි දැන් අපට ජනතාවට අවශ්‍ය වන්නේ කුමන පන්නයේ ලෝකයකද යන්නයි.

මේ තත්වය හමුවේ අපට ඇති විකල්ප මොනවාද ? . එකක් තමයි දැඩි ඒකාධිකාරී පාලන අධිකාරියක්, රැඩිකල් පරිවර්ථනයක්, පුත්ගලික ලාභ මානයෙන් තොර මානුෂිය වැඩපිළිවෙලක්. දැන් දැඩි ඒකාධිකාරී පාලන තන්ත‍්‍රයන් හැමවිටම නව ලිබරල්වාදය අල්ලාගෙන ඉන්නේ. මේ ආකාරෙයෙන් තමයි ඔවුන් ආර්ථික සංවර්ධනයක් ඇතිකරගෙන තියෙන්නේ.

නව ලිබරල්වාදයයේ මුල්‍යයන් 1920 දක්වා දිවයනව. මේ කාලයේ ඔස්ට‍්‍රියන් රාජ්‍ය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදි මාවත අතහැරලා ෆැසිස්ට් වාදී මාවතක් තෝරා ගන්නවා, ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන්. මීලගට චිලියේ ඡුසබදජයැඑ විසින් ඒකාධිකාරී පාලන තන්ත‍්‍රයක් ඇතිකරනව. මේ අළුත් රාජ්‍යයන් එකිනෙකාව ආදරයෙන් පිළිගන්නව. හේතුව තමයි ආර්ථික සංවර්ධනය – ජනගහනයෙන් ඉතා කුඩා කණ්ඩායමක් පමණක් අත්විදින සංවර්ධන ප‍්‍රතිලාභ.

කෙසේ වෙතත් පිඩාවට පත්වන ජනයා එකතුවී, සංවිධානය වී මීට වඩා හොද ලෝකයක් ගොඩනැගීමේ අවස්ථාව තවමත් ගිලිහිලා නෑ. මෙවැනි එකතුවකට පමණයි මිනිසා මුහුණදෙන සැබෑ ප‍්‍රශ්ණ වලට මුහුණ දිය හැකි වන්නේ. ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා ත‍්‍රිවුර වී ඇති න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවධානම, පාරිසරික ප‍්‍රශ්ණත්‍ව මේ අප ගෙවා දමමින් සිටින්නේ මනුෂ්‍ය ඉතිහාසයේ ඉතා තීරණාත්මක අවධියක්. කොරෝනා පමණක් නෙමෙයි, සමාජයේ ප‍්‍රගමණය සදහා ක‍්‍රයා නොකරන සමාජ ආර්ථික සාධක සහ ඒවා බිහිවීමේ මුලයන් සහ තවදුරටත් සක‍්‍රියව ක‍්‍රියාත්මක වීමේ හැකියාව හදුනාගැනීමට මෙය හොද අවස්ථාවක්.

Seckko Horvat – ලෝකයේ ගොඩනැගී ඇති සමාජ ආර්ථික අසාධාරණයන් වලට එරෙහිව සම්බුද්ධික ජනතාව ඉතා අමාරු කොන්දේසි මත එකට එකතුවී අරගල කරමින් සිටිනවා. නමුත් මේ හදිසි තත්වය – කොරෝනා වෙරස් පසුබිම තුල අප සියළු දෙනා නිවෙස් තුලට කොටුවී තිබෙනවා. මේ තත්වය ඇතැම්විට තව බොහෝ කාලයක් පවතීවි. ජනතාවගේ අරගලයේ අනාගතය ඔබ දකින්නේ කොහොමද

ප‍්‍රථමයෙන්ම අපි තේරුම් ගන්න ඕනි පසුගිය වසර කීපය තුලම සමාජය හිටියෙ ස්වයං නිරෝධානයක. මැක්ඩොනල්ඞ්ස් අවන්හලකට ගොස් බලන්න. තරුණ තරුණියන් එකට වාඩිවී ඉතාමත් පැතලි කථාබස් වල නිරත වෙලා ඉන්නව. ඒ අතරම ඔවුන් එකිනෙකා තම දුරකථන මගින් වෙන වෙන හුදකළා කතාබස් වල නිරත වෙනවා. මාර්ගට් තැචර් කීව සමාජයක් යනුවෙන් දෙයක් පවතින්නේ නෑ යනකාරණය බොහෝ ඉදිරියට ගිහින් අවභාවිත වූ සමාජ මාධ්‍ය හරහා ඉතා හුදකලා වූ මිනිසුන් නම්වූ සමාජ සත්වයෝ බිහිවෙලා තියනවා.

අපි යලිත් අපේ අරගල පටන්ගත යුතුව තිබෙනවා, අවස්ථාව ලද පළමු වාරයේදීම. මේ සයිබර් යුගයේදී එකිනෙකාව අදුනගෙන සටන් අළුත් කරගෙන අපි මානව වර්ගයාගේ අද දවසේ සැබෑ අනතුර ගැන ඔවුන් සමග සංවාදයක් ඇතිකරගත යුතුයි.

පරිවර්ථනය : සරද සමරසිංහ

 

 

 

 


ඉහත ලිපියේ පළමු කොටස මෙතනින් කියවන්න 

කොරෝනා වෙයිරස් ව්‍යසනයට මුහුණදෙන ලෝක බලධාරින්ගේ ක‍්‍රියාකලාප වල හැගවුම්කාරකය යුධවාදියි – නෝම් චොම්ස්කි

 

leave a reply