නීතියේ ආධිපත්‍ය රටේ ජනතාවට කියා දෙන්ට යන මරු ඩබල ටිරාන් – විජේදාස

සුප්‍රකට ජාවාරම් කාරයෙක් නීතියේ ආධිපත්‍ය රටේ ජනතාවට කියා දෙන්න යන බව අද මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා.විජේදාස රාජපක්ෂ යනු බරපතළ වංචාවන් වලට චෝදනා ලැබ ඇති පුද්ගලයෙක් බවත් ඒ හා සමානවම වර්තමාන ආරක්ෂක ඇමතිවරයා ලෙස සිටින ටිරාන් අලස් ද වංචා සඳහා චෝදනා ලැබ ඇති බවත් මෙවන් පුද්ගලයන් රටේ ජනතාවට නීතියේ ආධිපත්‍ය පිළිබඳ ව කියා දෙන්නට පැමිණීම විහිළුවට කරුණක් බව ඔහු අද මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය .

නීතියේ ආධිපත්‍යය නැති නිසා ආර්ථිකය කඩා වැටුණු බව ටිරාන් අලස් ප්‍රකාශ කර සිටි බව කියන පුබුදු ජයගොඩ විජේදාස රාජපක්ෂව ප්‍රශ්න කර සිටියේ නීතියේ ආධිපත්‍ය ලෙස විජේදාස රාජපක්ෂ අර්ථකථනය කරන්නේ ඔහුට ජාවාරම් කිරීමට තියෙන අයිතිය ද කියායි.

විජයදාස රාජපක්ෂ යනු සුප්‍රකට ජාවාරම් කාරයෙකු බව මෙම මාධ්‍ය හමුවේ දී ඔහු චෝදනා එල්ල කළා. විජේදාස රාජපක්ෂ යනු එල්ටීටීඊයට මුදල් ලබාදීම සිදු කළ බවට චෝදනා ඇති පුද්ගලයෙක් මෙන් ම එල්ටීටීයට ලබාදෙන්න ලබාගත් මුදල් පවා වංචනික ලෙස තමන් සන්තකයේ තබා ගෙන වංචා කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...