Breaking News

නීතියේ ආධිපත්‍ය රටේ ජනතාවට කියා දෙන්ට යන මරු ඩබල ටිරාන් – විජේදාස

සුප්‍රකට ජාවාරම් කාරයෙක් නීතියේ ආධිපත්‍ය රටේ ජනතාවට කියා දෙන්න යන බව අද මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා.විජේදාස රාජපක්ෂ යනු බරපතළ වංචාවන් වලට චෝදනා ලැබ ඇති පුද්ගලයෙක් බවත් ඒ හා සමානවම වර්තමාන ආරක්ෂක ඇමතිවරයා ලෙස සිටින ටිරාන් අලස් ද වංචා සඳහා චෝදනා ලැබ ඇති බවත් මෙවන් පුද්ගලයන් රටේ ජනතාවට නීතියේ ආධිපත්‍ය පිළිබඳ ව කියා දෙන්නට පැමිණීම විහිළුවට කරුණක් බව ඔහු අද මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය .

නීතියේ ආධිපත්‍යය නැති නිසා ආර්ථිකය කඩා වැටුණු බව ටිරාන් අලස් ප්‍රකාශ කර සිටි බව කියන පුබුදු ජයගොඩ විජේදාස රාජපක්ෂව ප්‍රශ්න කර සිටියේ නීතියේ ආධිපත්‍ය ලෙස විජේදාස රාජපක්ෂ අර්ථකථනය කරන්නේ ඔහුට ජාවාරම් කිරීමට තියෙන අයිතිය ද කියායි.

විජයදාස රාජපක්ෂ යනු සුප්‍රකට ජාවාරම් කාරයෙකු බව මෙම මාධ්‍ය හමුවේ දී ඔහු චෝදනා එල්ල කළා. විජේදාස රාජපක්ෂ යනු එල්ටීටීඊයට මුදල් ලබාදීම සිදු කළ බවට චෝදනා ඇති පුද්ගලයෙක් මෙන් ම එල්ටීටීයට ලබාදෙන්න ලබාගත් මුදල් පවා වංචනික ලෙස තමන් සන්තකයේ තබා ගෙන වංචා කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය .

leave a reply