සිංහ රජයෙන් අලුත් මලක උපතක්

සිංහරාජයෙන් නව ඕකිඩ් විශේෂයක්

නව දුර්ලභ ඕකීඩ් විශේෂයක් යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයෙන් සොයාගෙන තිබේ. එම ඕකිඩ් විශේෂය පුරෝගාමී පරිසරවේදීන් දෙදෙනෙකු වන නිමල් සහ සාවිත්‍රී ගුණතිලක දෙපලට ගෞරවයක් වශයෙන් Gastrodia gunatillekeorum ලෙස නම් කර තිබේ.

Biotaxa නම් වෙබ්අඩවියේ  ප්‍රකාශයට පත්කරන ලද පර්‍යේශණ පත්‍රිකාවක් මඟින් මෙය හඳුන්වා  දී තිබේ. පරිණත පට්ටමට පත්වූ පුෂ්පයන් 100ක් පමණ දැනට හමු වී ඇති අතර, එම නිසා මෙම ඕකිඩ් විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති ශාකයක් ලෙසට හඳුනා ගත  හැකිව පවතින බව සදහන් වී ඇත.

මෙම අධ්‍යන නව ශාකය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ චම්පික බණ්ඩාර විසින් වේ. ඔහු සිය පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම ශාක නව විශේෂය සිංහරාජා පහත්බිම් වැසි වනාන්තරයෙන් සොයා ගත් බවයි.

මෙම නව සොයාගැනීම හරහාද තහවුරු කෙරෙන්නේ සිංහරාජ වනාන්තරයේ පවතින පාරිසරික වැදගත්කමයි. සිංහරාජ අධි රක්ෂිත වනාන්තරයේ කලවාන, වැද්දාගල, කුඩව පිවිසුම ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස අඩි දහයක් පළල මාර්ගයක් ඉදිකරමින් තිබෙන බව පසුගිය සමයේ වාර්තා විය. එය ඉන්ටර්ලොක් ගල් අල්ලා, කොන්ක්‍රීට් කාණු සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය අසල සිට අධි රක්ෂිත පිවිසුම දක්වා ඇති අධි සංවේදී කලාපයේ මේ මාර්ගය ඉදිකරමින් තිබුණේ  විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර යොදාගනිමිනි. යුන්සේකෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජය මේ ආකාරයට විනාශ කිරීම නීතිවිරෝධී වේ. මෙම ඉදිකිරීම්වලට විරුද්ධව නැගුණු හඬට   කන් නොදුන් ආණ්ඩුව එය දිගින් දිගටම ක්‍රියාත්මක කරන ලදී. අවසානයේ පරිසරවේදීන් මේ විනාශය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයටද පැමිණිලි කරන ලදී. ඉන්පසුවද  මාර්ගය ඉදිකිරිම සඳහා පැවති රජය විසින් විවිධ උපක්‍රම දියත් කරනු දැකිය හැකි විය.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...