ලංකාවේ ව්‍යාපාරික මාධ්‍ය භූමිකාවට එරෙහි ජන විරෝධයක් ගොඩනගන්න ඕනා

covid-19 වසංගත තත්වය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිර ගියා. වසංගතය ස්වභාවය අනුව සාමූහිකවත් තනි පුද්ගලයින් ලෙසත් හැමෝටම නිරායාසයෙන් වගකීම් පැවරුණා, මේ වසංගතය පැතිරීම වළක්වා ගැනීම සදහා කටයුතු කරන්න. මිනිසුන් හුදකලා කිරීම, දැනුවත් කිරීම මේ අතර ප්‍රමුඛ කාර්යයක් බවට පත්වුණා, විවිධ මට්ටමින් මේ සඳහා මිනිස්සු උර දුන්නා , දායකත්වය සැපයූවා, දැනුවත් කිරීම සිද්ධ කළා.

වසංගතය හමුවේ මුද්‍රිත මාධ්‍යයේ සීමාවන් අවම වුණා. විද්‍යුත් මාධ්‍යයේ කාර්ය පුළුල් වුණා, ඔවුන්ට ජනතාව දැනුවත් කිරීමේ හැකියාව ලැබුණා. ලෝක ජනමාධ්‍ය හැසිරීමට සාපේක්ෂව ලංකාවේ මාධ්‍යයේ හැසිරීම විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය හැසිරීම විවාද සම්පන්න සහ පක්ෂග්‍රාහී භාවයක් වුසුලනු ලැබුවා . බොහෝ මාධ්‍ය දේශපාලනික වශයෙන් අන්තවාදී ස්වභාවයක් ගත්තා. අපි දුටුවා නීතියේ ආධිපත්‍ය පවා මාධ්‍යයට හිමිවුනු ස්වභාවයෙන් ඔවුන් කටයුතු කරනවා. පිළිකුල් සහගත ලෙස මිනිසුන්ව අපහසුතාවයට පත්වන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කරනවා. කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච පුද්ගලයන්ව සමාජ විරෝධීන් ලෙස හුවා දක්වන්න උත්සාහ කළා. ඔවුන් ආගිය තැන් හැසිරුණු ආකාරය කිසිදු සදාචාර මිනුම් දණ්ඩක් අනුගමනය නොකළ රූප රාමු තුළට පුහුණු හසුකරගෙන ඒ පුද්ගලයන්ව මාජය තුළ ප්‍රසිද්ධියට පත් කරනවා.

ඉතින් මේ මොහොතේ මාධ්‍ය හැසිරීම පිළිබඳව විවර අපි කල්පනා කරා කතාබහක් නිර්මාණය කරන්න. ඒ සඳහා සමාජයේ විවිධ ස්තරයන් නියෝජනය කරන පුද්ගලයින් කීප දෙනෙක්ට මේ සඳහා අදහස් දක්වන්න අපි අවස්ථාවක් ලබා දුන්නා. එහි තුන්වන කතා බහ සමාජ දේශපාලන ක්‍රියාධරයෙකු වන විදර්ශන කන්නන්ගර සමඟ

 


                           ‘වසංගත මාධ්‍ය හැසිරීම’ පළමු ලිපිය – මේ රටේ මුද්‍රිත,විද්‍යුත් මාධ්‍ය මොනතරම් ජුගුප්සාජනකද?                              

                           කොරෝනා හමුවේ යුරෝපයේ ජන මාධ්‍ය භාවිතාව ගැන ලංකාවට සිතා බැලීමක්

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...