ගෝල්ෆේස් භූමියෙන් ඉවත්වීම ගැන වසන්ත සහ ළහිරු කියන කතාව

අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර සිදුවන්නේ අරගලය නව මාදිලියකින් ඉදිරියටත් ක්‍රියාත්මක වීම බව ගෝල්ෆේස් අරගලයේ නියමු සංවිධාන පවසයි.

ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුවත් අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර තිබේ.

සිදුකර ඇත්තේ අරගලයේ මාදිලිය වෙනස් කිරීම පමණක් බවයි ඔහු පවසයි.

ඒ අනුව හෙටින් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පලවා හරින්නේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීමට පත්‍රිකා මුද්‍රණය කරමින් ගමක් ගමක් ගානේ පැමිණෙන බව ද ඔහු සඳහන් කර ඇත.

එසේම වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ළහිරු වීරසේකර පැවසුවේ අරගලයේ පාඩම මහපොළවට රැගෙන යා යුතු බවයි. තව කවුරුන් හෝ විධායක ජනපති පුටුවේ වාඩි කරවා මේ අරගලයට මැදිහත්වූ සියලු දෙනාගේ ශ්‍රමය දියාරු කිරීමට ඉඩ නොදී මේ අරගලය ජනතාව තුළ තහවුරු කිරීමට කැපවිය යුතු බව ද ඔහු පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...