Breaking News

බ්‍රෙෂියා නගරසභා මැතිවරණය 2023-ELEZIONI COMUNALI BRESCIA

බ්‍රෙෂියා කොමූනෙ (නගරසභාව) සඳහා නගරාධිපති සහ සභිකයින් තේරීමේ මැතිවරණය මැයි 14 සහ 15 දෙදින තුල පැවැත්වෙනව. මෙවර ඉතාලි පුරවැසිභාවය ලත් විදේශික අපේක්ෂකයින් ගනනාවක්ම ඒ සඳහා ඉදිරිපත්ව තිබෙනව. මෙවන් මැතිවරණ වලදී මින් පෙර විදේශිකයින් කෙරෙහි අවධානයක් යොමු වූයේ නැතිමුත් දැන් තත්වය වෙනස් වෙමින් තිබෙනව. ඒ ඉතාලි පුරවැසිභාවය හිමිකරගත් විදේශිකයින් ප‍්‍රමානයෙන් වැඩි වෙමින් තිබීම හා ඔවුන්ට ඇති ඡුන්ද බලය මගහැර යා නොහැකි තත්වයකට වර්ධනය වෙමින් තිබීම හේතුවෙන්. විවිධ දේශපාලන සංධාන මගින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් ලෙසද මෙවර විදේශික සම්බවයක් සහිත අපේක්ෂයින් 30කට වැඩි ගනනක් තරගයට පිවිස සිටිනව. ඒ අතරින් දක්ෂිණාංශික වාමාංශික මැද හෝ නිශ්චිත දේශපාලන අදහසක් නැති අයද සිටිනව. කෙසේ වෙතත් විදේශිකයින්ගේ අයිතිවාසිකම් දිනා දීම හා රැුක දීම වෙනුවෙන් නිරන්තර උත්සහයක නියැලෙන්නේ වම බව කාගෙත් පිළිගැනීම. හැබැයි පසුගිය කාල වලදී දක්ෂීණාංශික පාලනයන් විසින් ගෙනා සමහර නොගැලපෙන නීති රීති ඉවත් කිරීමේ අවස්ථාව තිබුනත් එසේ නොකර ඒවා දිගටම පවත්වාගෙන ගිය වමේ යැයි කියා ගත් ආණ්ඩු හා නගරසභා වලට ජනතාවගෙන් චෝදනා එල්ල වෙනව. ඒ නිසා හරි වම හඳුනාගැනීමේ ගැටලූවකුත් පැන නගිනව. චෝදනා එල්ල වන වම හරියට ලංකාවේ ශ‍්‍රීලනිප වැනි පක්ෂ නිසා ම නමට පමනක් බව තේරුම් ගන්නට හැකි වේවි.

කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා ගැලපෙන නොගැලපෙන පිරිස් සංධාන ගතවෙමින් තමයි මෙවර තරග වදින්නේ. හැමදාමත් විදේශිකයින්ගේ අයිතීන් උදුරාගන්නට කටයුතු කරන විශේෂයේ ජාති/ජාතික වාදය වපුරමින් තම ඡුන්ද ගොඩ වැඩි කරගන්නා පක්ෂයක් ලෙස ප‍්‍රකට ලේග ලොම්බාර්දා ප‍්‍රමුඛ දක්ශිණාංෂික සංධානයට මෙවර ඉන්දීය සම්භවයක් සහිත අයෙක් එක් කර ගන්නට ඔවුන් සමත් වී ඇත. ස්ථීරවම අලූත් පුරවැසි ඡුන්ද ජයග‍්‍රහණය සඳහා ඉතා වැදගත් හෙයින් එය දක්ෂිණාංශයේ ජයග‍්‍රහණයකි. හේතුව ඔහු නියෝජනය කරන සංධානයේ නගරාධිපති අපේක්ෂක (ෆාබියෝ රොල්ෆි) මින් පෙර බලයේ සිටි අවස්ථාවේ බ්‍රෙෂියා පලාත තුල අපූරු නීති පනවා විදේශිකයින් පීඩාවට පත් කල අයෙක් වන අතර ඒවා පරාජය කිරීම සඳහා අසීරු අරගලයක් කරන්නට වමට ප‍්‍රගතිශීලීන්ට හා සෙසු විදේශිකයින්ට සිදුවිය. එවන් පසුබිමක් පවතින අවස්ථාවෙත් ඉන්දියානුවෙක් ලැයිස්තුවට ඇතුලත් කර ගැනීම සැලකිය යුත්තකි. මේ ලියුම් කරු එම අපේක්ෂකයා මුණ ගැසුනු අවස්ථාවේ ඔහුගෙන් විමසා සිටියේ එවන් සංධානයකින් ඉදිරිපත් වූයේ ඇයිද යන්නයි. එවිට ඔහු ඇතුලූ ආධාරකරුවන්ගේ පිළිතුර වූයේ මහ ආණ්ඩුවේ වගේ මෙතනට පක්ෂ අදාල නැති බවත් වැදගත් වන්නේ පුද්ගලයා දිනවීම බවත් ඔවුන්ට වමේ සංධානයෙන් අවස්ථාව නොලද නිසා මෙම සංධානයෙන් ඉදිරිපත් වූ බවයි. ඒ අනුව අරමුණ ඉතා පැහැදිළියි. ඒ අපිත් හොඳින් දන්න ඒ මජර දේශපාලන සංස්කෘතියමය. එනම් එකම අරමුණ තමා ඉහලට යෑම මිස ජනතා වුවමනා අදාලම නොවන බවයි.

ඒ අතර සෙසු අපේක්ෂකයින් (විදේශික) සියල්ල තරග වැදී සිටින්නේ දක්ෂිණාංශිකයට එරෙහි කඳවුරු වල වන අතර දක්ෂිණාංශික සංධානයට ප‍්‍රබල අභියෝගයක් එල්ල කර ඇත්තේ මැද වමේ සංධානයයි. ලාවුරා කස්තෙල්ලෙත්ති එහි නගරාධිපති අපේක්ෂකත්වය දරණ අතර වමේ සංධානයේ අපේක්ෂකයා ලෙස අලෙස්සන්ද්‍රෝ ලූකා ඉදිරිපත්ව ඇත. ලාවුරා කස්තෙල්ලෙත්ති යටතේ පීඞී ලකුණ යටතේ විදේශීය අයිතිවාසිකම් වෙනුවෙන් හඩ ගනන අප දන්නා කීප දෙනෙක්ම සිටින අතර විශේෂයෙන්ම ARTAN හා SPREAFICO දෙදෙනා සටහන් කල යුතුයි‘ ඔවුන්ගේ ලකුණ වන්නේ පීඞී ලකුණයි.

මෙවර බ්‍රෙෂියා කොමූනෙ (නගරසභා) මැතිවරණයේදීAL LAVORO CON BRESCIA ලකුණ යටතේ තරඟ වදින CATALANOවෙත ඔබේ ඡුන්දය ලබා දෙන ලෙසට ඉල්ලා සිටිමු. ඒ ඔහුගේ දේශපාලන භාවිතය දසක කීපයක් තිස්සේ අප නිරීක්ෂණය කර ඇති බැවින් සහ වර්ථමානයේද විදේශීය හා මාණුෂීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අරගල කරුවකු හෙයිනි. ඒ අන් කවරකුවත් නොව බ්‍රෙෂියා ඔබ හොඳින් දන්නා රාදියෝ ඔන්ද දූර්තෝ නියෝජිත ෆ‍්‍රැන්සිස් කතලානෝය. ෆේස්ත රාදියෝ ඔන්ද දූර්තෝ හි එක් ප‍්‍රධාන සංවිධායකයෙකු වන ඔහු නියෝජිතයෙකු ලෙස නගර සභාවට යවන්නට බ්‍රෙෂියා කොමූනෙ බල ප‍්‍රදේශය තුල සිටින ඔබට හැකියාව ඇත. ඔබ කල යුත්තේ ඔහු නියෝජනය වන ලැයිස්තුව වන AL LAVORO CON BRESCIA ලකුණ තෝරා ඒ මත කතිරය සලකුණු කර ඒ ඉදිරියේ ඇති හිස් කොටසේ CATALANO යන නම ලිවීමයි. ඡුන්දය දීමේදී නගරාධිපති අපේක්ෂකයාගේ නම මතුපිට කතිරය සලකුණු කිරීමත් ඔබ තෝරාගත් ලකුණ මත කතිරය සලකුණු කිරීම හා ඔබේ කැමැත්ත ඇති අපේක්ෂකයාගේ නම සටහන් කිරීම මගින් ඔබට ඡුන්දය ලබා දීමට පුලූවන්.


.

leave a reply