ඉන්දියානු බල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලංකාව රූකඩයක් කිරීමට එරෙහිව ජන අරගලේ සටනේ

Date:

ඉන්දියාවත් සමඟ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව මේ රටේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක්, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි ටිකත් අත්පත් කරගන්න සැලසුම් කර තිබෙන බව ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.

වසන්ත මුදලිගේ වැඩිදුරටත් පැවසුවේ,

”කින්නියා ප්‍රදේශයේ ඉඩම් විශාල කොටසක් ඉන්දියානු ආර්ථික කලාපය හදන්න නිදහස් කරගන්න සැලසුම් කර තිබෙනවා. මේ ජනතාවට කියලා තියෙන්නේ වෙනත් තැනක පදිංචි කිරීම් සඳහා නඩත්තු දෙන්නම් වෙනත් ඉඩම්වලට අදාළ වන්දි දෙන්නම් කියලා ජනතාව අන්දලා තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරන්න යන්නේ. නමුත් ජනතාව එක්ක කතා කරලා බැලුවම තේරෙනවා නැවත පදිංචි කිරීම් ගැන සැලසුමක් නැහැ. දෙන ආධාර ගැන පැහැදිලිව කියල නැහැ. පසුගිය කාලයේ රාජ්ය සේවකයන්ට පඩි වැඩිකරන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තිබුනේ නැහැ. මැතිවරණය කල් දානකොට ආණ්ඩුව කිව්වේ ඒ සඳහා මුදල් නැහැ කියලා. බඩු මිල බදු බර වගේ සියලු දේ මිනිස්සු දරාගෙන ඉන්න කල් අපි දන්නවා රටේ රටේ සාමාන්‍ය ආර්ථික කටයුතු කරන්නවත් ආර්ථික හැකියාවක් නැති තත්ත්වයක් තුළ තමයි පවුල් 3600ක් මේ ප්‍රදේශයෙන් අයින් කරලා ඒවාට අදාළ නඩත්තු දෙනවා කියන්නේ. යාන් ඔය වගේ ව්‍යාපෘතිවලදී නැවත පදිංචි කිරීම කරපු නැති වන්දි ලබාදුන්නේ නැති මිනිස්සු සියගණනක් දැනටත් ඉන්නවා. එහෙම තියෙද්දී තමයි කින්නියාවලත් ත්‍රිකුණාමල නගරයේත් ඉන්දියාවට ඕන විදිහට ආර්ථික කලාපයක් හදන්න ඉන්දියාවේ බල දේශපාලනය ලංකාවේ ක්‍රියාත්මක කරන්න ජනතාවගේ ඉඩම් ගන්න හදන්නේ. සාම්පුර්වල බලාගාරයක් ගන්න අක්කර සිය ගණනක් ගන්න යන්නේ. ඒ බලාගාර හදන්නේ ඉන්දියාවේ අදානිලාට ඕන විදිහට ලංකාවේ බල ශක්තියට ඇඟිලි ගහන්න. අපි හිතනවා මේක පරාජය කළ යුතුයි. මොකද අපේ රටේ දේශපාලන ස්වෛරීත්වය බලශක්ති ස්වාධිකාරය ජනතාවට තියෙන්න නම් මේ ඉන්දියනු බල අධිකාරිය පරාජය කරන්න ඕනා. සංවර්ධන ව්‍යාපෘති කියලා ගෙන්න හදන්නේ මිනිස්සු මහා පාරට ඇදලා දාන එක. ඒ වගේම ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත්‍රයට රූකඩයක් ලෙස ලංකාව නටවන එක. රනිල් වික්‍රමසිංහ බදු වැඩිකරලා බඩු මිල වැඩිකරලා රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ටිකක් හොයාගන්නවා. අනිත් පැත්තෙන් චීනය, IMF, ඇමරිකාව, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරලා ජනතා දේපොළ විකුණලා තව කොටසක් හොයාගන්නවා. ඒ වගේම රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකුණලා තමන්ගේ දේශපලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න රනිල් හදන්නේ. ”

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...