තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යවයි

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව කී අමාත්‍යවරයා එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද සඳහන් කර තිබේ.

තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව එහි වෘත්තීය සමිති අරගලයක නිරතව සිටියි. මෙම අරගලය අතරතුරදී ආණ්ඩුව නිවේදනය කර තිබුනේ තෙල් බෙදාහැරීම විදෙස් සමාගම් තුනකට ලබාදෙන බවයි. ඒ අනුව වෘත්තීය සමිති ඊයේ දිනයේ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වී තිබේ. එයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ පොලිසිය සහ ත්‍රිවිද හමුදාවේ සහය ලබාගැනීම සහ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමයි.

අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාමලේඛනය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම නාමලේඛනය පහතින් දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...