තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යවයි

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව කී අමාත්‍යවරයා එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද සඳහන් කර තිබේ.

තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව එහි වෘත්තීය සමිති අරගලයක නිරතව සිටියි. මෙම අරගලය අතරතුරදී ආණ්ඩුව නිවේදනය කර තිබුනේ තෙල් බෙදාහැරීම විදෙස් සමාගම් තුනකට ලබාදෙන බවයි. ඒ අනුව වෘත්තීය සමිති ඊයේ දිනයේ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වී තිබේ. එයට ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ පොලිසිය සහ ත්‍රිවිද හමුදාවේ සහය ලබාගැනීම සහ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමයි.

අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාමලේඛනය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම නාමලේඛනය පහතින් දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...