රෝහල් 42ක සුව සේවකයන් පැය 04ක් සේවයෙන් බැහැර වෙයි

ඉල්ලීම් 5 ක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය අද (09) පැය 4 ක සේවයෙන් බැහැර වී තිබේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් 42 ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි නිරත වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිපයන් සදහන් කර තිබේ.

දෙවසරක් පුරා ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම, සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඞ් අවදානම් දීමනාවක් ලබාගැනීම, ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම විසදීම, සේවක හිඟය විසදීම හා සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බවයි ප්‍රධාන ලේකම් හිමියන් සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...