Breaking News

2026 අයවැය කතාව සිදුකළ මුවින්ම එලඹෙන ඉල්මහා විරු සමරු දේශනයද සිදු කෙරෙනු ඇති….

1977 වසරේ නොවැම්බර් මාසයේදී ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික කටයුතු ඇමති රොනී ද මෙල් නවලිබරල් ආර්ථිකය මෙරටට හඳුන්වා දුන් පළමු අයවැය ඉදිරිපත් කරමින් පහත අදහස් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලදී.

“වසර විස්සක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින හැකිලුණු ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම අපගේ ප්‍රධාන අරමුණ වේ. නව රජයේ පළමු අයවැය එක තැන පල් වෙන ආර්ථිකය විසින් නිර්මාණය කරන ලද දේශීය සහ විදේශීය ණය කඳු කඩා බිඳ දැමීම සඳහා ඉදිරිපත් කරනු ලබන සැලසුම් සහගත අයවැයකි. මෙම බරපතල ක්‍රියාන්විතය අප ආණ්ඩුවේ දේශපාලන හැකියාව තීරණය කරන අභියෝගයක්ද නිර්මාණය කරනු ලබයි.මෙම අයවැය ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ලිබරල්කරණයට ලක් කොට වෙළඳපොළ යාන්ත්‍රණය මත ආර්ථිකය රඳා පැවතීමත් වෙළඳාම ලිබරල්කරණය කිරීමත් දේශීය මූල්‍ය වෙළඳපොළ විශාල වශයෙන් ඉහල නැංවීමත් මූලික අරමුණු කරගත්තකි. රජය සෘජු මිල පාලනය, ආනයන සහ අභ්‍යන්තර ගෙවීම් වලින් ඉවත් වී ඒවාට ඇති සීමා සීමා ඉවත් කිරීමත්. භාණ්ඩ නිෂ්පාදනය, සකස් කිරීම බෙදා හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම සීමා කිරීම සහ හෝ ඉවත් කිරීම සහ පුද්ගලික අංශයට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා උපරිම සහන ප්‍රධානය කිරීම අරමුණු කරගත්තකි.”

ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ ආර්ථික කටයුතු ඇමතිතුමා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විවිධ භාෂාමය හරඹ මගින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය කතාව මීට වසර හතළිස් අටකට පෙර රොනී ද මෙල් විසින් නවලිබරල් ආර්ථිකය හඳුන්වා දෙමින් සිදුකරන ලද කතාවට කිසිදු වෙනසක් නොමැත.

රොනී ද මෙල් අයවැය කතාව ලියන විට රෝහණ විජේවීර ය මැගසින් බන්ධනාගාරයේ පී සිරමැදිරියේ ජයවර්ධන ආණ්ඩුව විසින් සිරගත කොට තිබිණි. එම සිරමැදිරියේ සිට 1977 ඔක්තෝබර් මස 29 වන දින ඔහු විසින් අවස්ථාවාදය සහ නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය නැමැති පොත මුද්‍රණයට පෙරවදනක් ලෙස ලියන ලද අත්‍යවශ්‍ය හැඳින්වීම පහත ඡේදයෙන් අවසන් කරනු ලැබීය.

” මේ සියලු තත්ත්වයන් යටතේ නිර්ධන පන්තියේ සැබෑ සමාජවාදී ව්‍යාපාරය දියකරලීම සඳහා සකල විධ සුළු ධනේශ්වර අවස්ථාවාදියෙක් හා ද්‍රෝහියෙක්ම ගෙනගිය යටිකූට්ටු වංචනික ක්‍රියාදාමයට එරෙහිව නිර්ධන පංතියේ සමාජවාදී පරමාර්ථ සුරකිනු සඳහා දුෂ්කර මර්දනකාරී තත්ත්වයන් යටතේ දැඩි වෙහෙසක් දැරීමට අව්‍යාජ නිර්ධන පන්ති සමාජවාදීන් හට සිදුවිය. සකලවිධ ද්‍රෝහියෙක්ම අවස්ථාවාදියෙක්ම හෙළිදරව් කිරීමටත් නිර්ධන පංතියට පරම සතුරු වූ ධනේෂ්වර මතවාදය ඔවුන් විසින් වංචනික ලෙස උපක්‍රමශීලීව නිර්ධන පංති සමාජවාදී ව්‍යාපාරය තුළට කාන්දු කරමින් වැළැක්වීමටත් ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ මාක්ස් ලෙනින්වාදීන් නූතන බොල්ෂෙවික්වාදීන් ධනපති මර්ධනය හමුවේ පසු නොබා ඉදිරිපත් න්න ක්‍රියා කළ යුතු අයුරු ප්‍රශංසනීයය.”

යුගයේ ඛේදවාචකය වන්නේ ඡේ.ආර් ගේ ප්‍රතිපත්තිය 2026 අයවැය කතාව මගින් ඉදිරිපත් කරන ලද මුවින්ම දින කීපයකින් එළඹෙන ජේ.ආර් ප්‍රතිපත්තියට විරුද්ධ වීම මත ඝාතනය කර පිළිස්සු රෝහණ විජේවීරන් සමරන ඉල්මහ විරු සමරුවේ ප්‍රධාන දේශනය සිදුකෙරෙනු ඇත.

නුවන් බෝපගේ 

leave a reply