” කොක්ටේල්” හි අකුරු සුවද මුලින්ම වීදීමට පොත සන්ථක කරගත් පළමුවැන්නා වීමට හැකි වීම සතු⁣ටට කරණක්

කවියා තමන් ප්‍රායෝගිකව ලබාගන්නා අත්දැකීමක් , ඇස ගැටෙන, අසා දැනගන්නා හෝ පොත පත පරිශීලනය තුලින් උකහා ගත් යම් සිදුවීමක් තම හදවතට සියුම්වම දැනෙන තැනකදී තම පරිකල්පන ශක්තියද උපයෝගී කොට ගනිමින් කවිසමයෙහි ඔබා කවියක් නිර්මාණය කරයි.

බොහෝවිට පොත් ගණනකින් මිනිසාට අවබෝධ කරවීමට නොහැකි යම් කරුණක් පද හතරක කවියකට කිරීමට හැකිවීම විශ්මය ජනකයි. කවිය හදවතකින් කලතා පෙරා තවත් හදවතකට වත්කරණු ලබන තිත්ත වූද විටක පැණි රස වූද කසායකට සමානයැයි මට හිතෙන්නේ එහි ඇති මනස් සුවපත් කිරීමේ විශ්මිත හැකියාව නිසයි.

කවිය ගැන මේ විඟ්‍රහය කිරීමට මා පෙළඹවූයේ කවියේ වගේම කවියන්ගේ වටිනාකම හදුනාගත් ” ඕපියම් කාව්‍ය සාමූහිකය” විසින් එය තැබිය යුතු උසස්ම තැන තැබීම සදහා ගන්නා ලද කර්තව්‍ය පිළිබදව හෘදයාංගම ස්තූතියි පුද කළයුතු නිසාමයි.

සමාජ මාධ්‍ය තුලම පිපී යටයන කවි කැකුළු පුප්පවා මුද්‍රිත මාධ්‍යකට ගෙන ඒම නිර්මාණ කරුවෙකුගේ එක් සිහිනයකි. බො⁣හෝවිට සැබෑවක් කරගැනීමට අපමණ වෙහෙසක් දැරිය යුතුවීම වගේම විටෙක එය සිහිනයක් ලෙසම මැකීයාමට ඉඩහැරීමට සිදුවීම යතාර්ථයයි.

එවන් වූ පසුබිමක ඒ කවි සිහින කැටි කොට කවීන් 80වකට වැඩි පිරිසකගේ කවි නිර්මාණ සුදුසුම සංස්කරණ මණ්ඩලයක් හරහා තෝරා ගෙන ” Poetic Wine” හෙවත් ” කොක්ටේල් ” කෘතිය සම්පාදනයෙහි ලා අපමණ වෙහෙස දැරූ “ඕපියුම සාමූහිකයේ” සියළුම නිලධාරීන්ට නැවතත් කෘතවේදිත්වය පළකිරීමට කැමැත්තෙමි.

” කොක්ටේල්” හි අකුරු සුවද මුලින්ම වීදීමට පොත සන්ථක කරගත් පළමුවැන්නා වීමට හැකි වීම සතු⁣ටට කරණක් වන අතර, ආදරණීය කවි කිවිදියනි මම ඔබේ හැඟුම් සාග⁣රයේ පිහිනමින් ,ගිලෙමින් අතිශයම අහ්ලාදයටද විශ්මයටද පත්වෙන කාලයක් පසුකරගෙන යන බවටද ප්‍රකාශ කරණු කැමැත්තෙමි.

” ඕපියුම් කාව්‍ය සාමූහිකය” කවියන්ගේ ප්‍රගමනය වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන සියළුම ඉදිරි කාර්යන්හි සාර්ථකකත්වයේහි ලා ආශිර්වාදය පුදකරමි.

ඉෂූ බණ්ඩාර

Share post:

Popular

More like this
Related

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...