මෙවර පුලිට්සර් සම්මානය ඉන්දීය ආණ්ඩුවේ මර්දනය අනාවරණය කළ ඡායාරූප ශිල්පින් තිදෙනෙකුට

2020 වසර සඳහා හොඳම විශේෂාංග ඡායාරූපයට හිමිවන පුලිට්සර් සම්මානය ඡායාරූප ශිල්පීන් තුන්දෙනෙකු විසින් දිනාගෙන තියෙනවා. ඔවුන් තිදෙනා වන්නේ චන්නි ආනන්ද, මුක්තාර් ඛාන් සහ දාර් යසින්. මෙම සම්මානය හිමිව ඇත්තේ ඔවුන් විසින් ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය ලෝකඩවුන් කර තිබූ සමයේ ගන්නා ලද ඡායාරූප සඳහායි.

2019 වසරේ කාශ්මීර වැසියන්ට රජයේ රැකියා සහ ඉඩම් ලබාදෙන ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් 35 ඒ වගන්තියත්, ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ස්වාධීන පාලනයක් ලබාදෙන 370 වගන්තියත් සංශෝධනය කිරීමට මධ්‍යම රජය තීරණය කිරීමත් සමඟ ජම්මු – කාශ්මීරය පුරා විරෝධතා ආරම්භ වුනා. මෙම විරෝධතා ඉන්දීය ආණ්ඩුව විසින් කෘර ලෙස මර්දනය කෙරුණා. මිට අමතරව ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා භාවිතය අවහිර කර තිබුණි

මෙම තත්ත්වයට මුහුණ දෙමින් චන්නි ආනන්ද, මුක්තාර් ඛාන් සහ දාර් යසින් යන තිදෙනා මෙම ඡායාරූප ගැනීම සඳහා විශාල අවදානමක් දරා තිබෙනවා. ඔවුන් නාදුනන ගෙවල් වල නවාතැන් ගනිමින් තම කැමරා සඟවා තබා ගනිමින් මෙම ඡායාරූප ගෙන තිබෙන බව සඳහන්. එසේම ඔවුන් මෙම ඡායාරූප The Associated Press වෙත එවීම සඳහාද විශාල වෙහෙසක් දරා තිබෙනවා.

මෙම ඡායාරූප ශිල්පීනුත් ජම්මු -කාශ්මීර ප්‍රාන්ත වැසියන්. ඔවුන් පවසන්නේ කාශ්මීරය තුළ සිදුවෙමින් පැවති දෙය දකිමින් තමන්ට නිහඬව සිටීමට නොහැකිවූ බවයි. සත්‍ය පැවසීමට අවශ්‍ය වූ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල...

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...

ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක

'සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම' විසින් තම ආයතනයේ සේවකයන්ට...