දහස් ගණන් මහල්ලන් මිය යන ලෝකයේ චාල්ස් කුමාරයා සුවය ලබයි. ඔව් එය සතුටුදායක පුවතක්. නමුත් කොරෝනා වෛරසයෙන් මියයන්නේ මහල්ලන් බව පුන පුනා පවසන ලෝකයක 71 හැවිරිදි චාල්ස් කුමාරයාද මහල්ලෙකි. එහෙත් වෛරසය උපරිම සැප සම්පත් සෞඛ්‍ය පහසුකම් මැද දිවි ගෙවන චාල්ස්ලා වෙනුවට බිලි ගන්නේ කවුරුන්ද…මේ වසංගතය සමග එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් ලැබී ඇත.
යම් අයෙකු ජීවිත කාලය පුරා මහංසි වී උපයන වැටුපෙන් ගෙවන බදු මුදල තමන්ගේ විශ්‍රාම ජීවිතයේ අවසන් කාලය ගත කිරීමට විශ්‍රාම වැටුපක් වශයෙන් සෑම රටකම ගෙවනු ලබයි. මෙම එක්රැස් කල මුදල අති විශාල ධනස්ඛන්දයක් වන අතර එය ආර්ථිකයේ සංරක්ෂිත අරමුදලකි. යම් අයෙකු වසර 65 න් විශ්‍රාම දිවියට එළඹී වසර 90 ක් ජීවත් වේ නම් සුරක්ෂිත අරමුදලින් මාස් පතා විශ්‍රාමිකයාට වැටුප් ගෙවිය යුතුය. එම මුදල ඉතිරි වන්නේ ඔහු හෝ ඇය මිය යාමෙනි. වෛරසයෙන් ලොව පුරා මියගිය අයගෙන් 90% ක් අයත්වන්නේ වයස අවුරුදු 70 න් ඉහළ පිරිස බව සනාථ වී ඇත. මෙසේ ලක්ෂ ගණනක් මේ වනවිට මියයාමට ඉඩ දී බොහෝ රටවල් ක්‍රියා කරන අතර ප්‍රමුඛ අවදානය ලබා දී ඇත්තේ තරුණ පරපුරටය. සමාජයට දැවැන්ත බරක් සේ සැලකෙන වැඩිහිටි ජනතාව මෙසේ මියයාමෙන් අතිවිශාල ධනයක් රාජ්‍යය කලමණාකරණයට ඉතිරි කර ගත හැකි බව ධනය සියල්ලට පෙර සිතන ධනපති පාලකයින් විශ්වාස කරනු ලබයි. මහළු ජනයා මිය යනවාද ජීවත් කරනවාද යන්න ඔවුන්ගේ බල පුළුවන්කාරකම් මත දැං සිදුවේ. දහස් ගණන් මහල්ලන් මිය යනවිට චාල්ස්ලා සුවය ලබන්නේ එකී පදනම මතය. මේ තමයි අප ජීවත් වන නරකාදිය.