මේවනවිට ප්‍රගතිශීලී බලවේග බොහොමයක් පවසමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ 26වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහුට විරුද්ධව ඇති අනෙක් චෝදනා සම්බන්ධයෙන් ද කටයුතු කරන ලෙසයි.
විශේෂයෙන් බටලන්ද වධකාගාරය , මහ බැංකු වංචාව වැනි චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.
නමුත් අද ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහල් නිලධාරීන් පවසන පරිදි ඔහුගේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එදින අධිකරණයට පෙනී සිටීමට නොහැකි වනු ඇති බවයි.
ඉදිරි දින තුන සඳහා ඖෂධ ලබා ගැනීමට සහ විවේක ගැනීමට වික්‍රමසිංහට උපදෙස් දී ඇති බව කොළඹ ජාතික රෝහලේ (CNH) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ. පෙර දින ඔහු විජලනය හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
දැන් පෙනෙන පරිදි රනිල් රිමාන්ඩ් බන්ධනාගාර ගතවුවද කිසිදු අතුරු ආන්තරාවක් තොරව රෝහලේ ඇඳක් මත සිටියි.
ඉතා සුළු වැරදිවලදී රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙන්නන් දැඩි අසනීප තත්ත්වයකදී වුවද අවශ්‍ය ප්‍රතිකාර ලබා නොදෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව රනිල්ලා වැනි ප්‍රභූන් වෙනුවෙන් වෙනම නීතියක් සම්ප්‍රදායක් ක්‍රියාත්මක වෙන බව නැවත නැවතත් තහවුරු වෙමින් පවතියි.