රනිල් අධිකරණයට එන්න බැරි තරම් ලෙඩ වෙලාලු

මේවනවිට ප්‍රගතිශීලී බලවේග බොහොමයක් පවසමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ 26වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහුට විරුද්ධව ඇති අනෙක් චෝදනා සම්බන්ධයෙන් ද කටයුතු කරන ලෙසයි.

විශේෂයෙන් බටලන්ද වධකාගාරය , මහ බැංකු වංචාව වැනි චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.

නමුත් අද ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහල් නිලධාරීන් පවසන පරිදි ඔහුගේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එදින අධිකරණයට පෙනී සිටීමට නොහැකි වනු ඇති බවයි.

ඉදිරි දින තුන සඳහා ඖෂධ ලබා ගැනීමට සහ විවේක ගැනීමට වික්‍රමසිංහට උපදෙස් දී ඇති බව කොළඹ ජාතික රෝහලේ (CNH) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ. පෙර දින ඔහු විජලනය හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

දැන් පෙනෙන පරිදි රනිල් රිමාන්ඩ් බන්ධනාගාර ගතවුවද කිසිදු අතුරු ආන්තරාවක් තොරව රෝහලේ ඇඳක් මත සිටියි.

ඉතා සුළු වැරදිවලදී රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙන්නන් දැඩි අසනීප තත්ත්වයකදී වුවද අවශ්‍ය ප්‍රතිකාර ලබා නොදෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව රනිල්ලා වැනි ප්‍රභූන් වෙනුවෙන් වෙනම නීතියක් සම්ප්‍රදායක් ක්‍රියාත්මක වෙන බව නැවත නැවතත් තහවුරු වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...