ජනතා මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නෙ නැති බව දැන් පැහැදිලියි – පුබුදු ජයගොඩ

පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බවත් ලක්‍ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙකක බලයක් තිබූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත්කිරීමට ද රටේ ජනතා බලය ක්‍රියාත්මක වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ජනත මතය පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නියෝජනය නොවන්නේ යැයි ජනාධිපතිවරයා පත්කිරීමේ ඡන්දයේදී පැහැදිළිව ප්‍රදර්ශනය කළ බව කී පුබුදු ජයගොඩ පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හෑලුල්වට ලක්කර ඇති බව ද සඳහන් කරයි

රටේ ජනතාවට කාලයක සිටම පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොතිබුණු නිසා ප්‍රශ්න විසඳාගැනීමට අරලිය ගඟ මන්දියර අසළට යෑමට සිදුවූ බවත් ‘බලය ජනතාව අතට’ යන සටන් පාඨ අද වන විට පාර්ලිමේන්තුව තහවුරු කර ඇති බවත් පුබුදු ජයගොඩ පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ , පාර්ලිමේන්තුවේදී පැවැති ජනාධිපති පත්කිරීමේ ඡන්දය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...