උද්ඝෝෂණවල දරුවෝ පේන රනිල්ට කන්න නැති දරුවෝ පේන්නෙ නෑ – හේමමාලි අබේරත්න

උද්ඝෝෂණවලට දරුවන් ගෙනයාම ගැන කතාකරන ජනාධිපතිවරයාට මේ මොහොතේ පීඩාවට පත්ව සිටින දරුවන් ඔහුට නොපෙනෙන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. අද කොළඹදී පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ දරුවන්ගේ අනාගතය ගැන ඒ තරම් වදවෙන්නේ නම් විසඳිය යුතු දරුවන් සම්බන්ධ ගැටළු ඕනෑතරම් තිබෙන බවයි.

හේමමාලි අබේරත්න වැඩිදුරටත් පැවසුවේ,

“කන්න බොන්න නැතුව අපේ රටේ දරුවෝ ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා දැන් පිළිගන්නවා අපේ රටේ මන්දපෝෂණ සියයට 02න් වැඩිවෙලා කියලා. දකුණු ආසියාවෙන් මන්දපෝෂණය දෙවනියට වැඩිම රට බවට ලංකාව පත්වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය අපේ රටේ ජනාධිපතිට පේන්නේ නැද්ද? ඒ වගේම අපේ රටේ දරුවෝ බඩගින්නේ පාසල් යනවා. නිල ඇඳුම්, පොත් පත්,සපත්තු ගන්න විදිහක් නැතුව දරුවෝ අති බහුතරයක් පීඩාවට පත්වෙලා ඉන්නවා. මේවට විසදන්න පනතක් ගෙන්න කියලා ජනාධිපතිට කියනවා. ළමා මෙහෙකාර සේවය නැවත්වීමට මේ ජනාධිපතිවරු ගන්න පියවර මොකක්ද? අනික් පැත්තෙන් දරුවෝ ලිංගික හිංසන අපයෝජනවලට ගොදුරු වෙනවා. මෙන්න මේවා සම්බන්ධයෙන් ජනාධිපති මොකද කරන්නෙ.

උද්ඝෝෂණවලට රැගෙන යන දරුවෝ ගැන හැඟීම්බර වෙන රනිල්ගෙන අපි අහනවා අවුරුදු 14ක දැරියක් අපයෝජනය කිරීම නිසා හිරේට නියමවෙලා හිටි සාරුවා සුනිල් නිදොස් කොට නිදහස් කරාට පස්සෙ ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනාධිපතිවරයා ගන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? ”

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...