Breaking News

දිනපතා අලුත් වෙන ලාල්කාන්තගේ අරලිය හෝටල් කතාව 

අරලිය හෝටලය සම්බන්ධයෙන් ලාල්කාන්තගේ ස්ථාවරය දිනෙන් දින වෙනස් වන බව පෙනෙන්න තියනවා . ලාල් කාන්තා අලුතෙන්ම කළ ප්‍රකාශයට අනුව අරලිය හෝටලය තියෙන්නේ වැවේ රක්ෂිතයේ  නෙමෙයි . ඒ නිසා වැව් රක්ෂිත මායිම ලකුණු කරද්දී ඉවත් කරන්නට දෙයක් ඉතිරිවී නැහැ .

වැව් මායිම් ලකුණු කිරීම රජය විසින් ආරම්භ කළ වැඩකි . එසේ මායිම් ලකුණු කරන විට වැවට අයිති සීමාවේ තියෙන සියලුම ඉදිකිරීම් ඉවත් කරන බවද පැවසුවේ මේ මැති ඇමතිවරුන් මය . ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව එසේ ඉවත් කරන  ඉදිකිරීම් වලට ඩ්ලිගේ හෝටලය අයත් වනවාද යැයි ප්‍රශ්න කළේ ජනතාවයි . ජනතාවගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ගිහින් දැන් එහි වඩාත් පැටලුණු පුද්ගලයා බවට පත්වී සිටින්නේ ලාල් කාන්තයි .

leave a reply