මිනිසුන් නොමඟ යවා ඇමරිකාවට යවන බව පවසා මුදල් මංකොල්ල කන ජාවාරමක්

ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ ජීවත් වන උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන යුවළ ග්‍රීන් කාඩ් -අමෙරිකානු සංක්‍රමණික වීසා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගෙන් මුදල් වංචා කොට ඇති අතර මේ පිලිබඳව පැමිණිලි රැසක් ලැබී තිබේ. ලංකාදීප පුවත්පත වාර්තා කල පරිදි මොවුන් විවිධ පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ අසූවකට වඩා වංචා කොට ඇත. මෙම යුවළගේ ග්‍රීන් කාඩ් වංචාවට අසුවූ පානදුරයේ සරත් කුරේ මහතා මේ දෙදෙනා පිලිබඳව කොලඹ වංචා විමර්ශණ මූලස්ථානයට පැමිණිලි කොට ඇති අතර මොවුන් දෙදෙනා පිලිබඳව කොලඹ වංචා විමර්ශණ ඒකකය විසින් පරීක්‍ෂණ පවත්වති. උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන දෙදෙනාට මුදල් ගෙවන ලද බොහෝ දෙනෙකු ගේ ඇමරිකානු සිහිනය බිඳ වැටී සිටින අතර ඔවුන් විසින් ඇමරිකානු රජය විසින් නොමිලේ පවත්වන ලොතරැයිය වංචනිකව ශ්‍රී ලාංකිකයන්ට විකිනීම සම්බන්ධයෙන් කොලඹ ඇමරිකානු තානාපති කාර්‍යාලයට , වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට සහ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්‍යාලයටද පැමිණිලි කොට ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...