Breaking News

මිනිසුන් නොමඟ යවා ඇමරිකාවට යවන බව පවසා මුදල් මංකොල්ල කන ජාවාරමක්

නිලක්‍ෂි පෙරේරා

ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ ජීවත් වන උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන යුවළ ග්‍රීන් කාඩ් -අමෙරිකානු සංක්‍රමණික වීසා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගෙන් මුදල් වංචා කොට ඇති අතර මේ පිලිබඳව පැමිණිලි රැසක් ලැබී තිබේ. ලංකාදීප පුවත්පත වාර්තා කල පරිදි මොවුන් විවිධ පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ අසූවකට වඩා වංචා කොට ඇත. මෙම යුවළගේ ග්‍රීන් කාඩ් වංචාවට අසුවූ පානදුරයේ සරත් කුරේ මහතා මේ දෙදෙනා පිලිබඳව කොලඹ වංචා විමර්ශණ මූලස්ථානයට පැමිණිලි කොට ඇති අතර මොවුන් දෙදෙනා පිලිබඳව කොලඹ වංචා විමර්ශණ ඒකකය විසින් පරීක්‍ෂණ පවත්වති. උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන දෙදෙනාට මුදල් ගෙවන ලද බොහෝ දෙනෙකු ගේ ඇමරිකානු සිහිනය බිඳ වැටී සිටින අතර ඔවුන් විසින් ඇමරිකානු රජය විසින් නොමිලේ පවත්වන ලොතරැයිය වංචනිකව ශ්‍රී ලාංකිකයන්ට විකිනීම සම්බන්ධයෙන් කොලඹ ඇමරිකානු තානාපති කාර්‍යාලයට , වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට සහ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්‍යාලයටද පැමිණිලි කොට ඇත.

 

leave a reply