Breaking News

කොරෝනා මරණ අස්සෙත් අවභාවිතාව ප්‍රගුණ කරන රාජපක්ෂලාගේ තක්කඩියෝ

කොවිඩ් 19 වසංගතය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ උපාය මාර්ගික සැලසුම්
අජිත් නිවාඩ් කබ්රාල් – හිටපු මහබැංකු අධිපති විසිනි

උපාය මාර්ග සැලසුම් 01:
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂයෙන් (Members’ Balances) දළ වශයෙන් 20% ක් වන රුපියල් බිලියන 500 ක් පමණ එම සාමාජිකයින්ට කොන්දේසි රහිතව නිදහස් කිරීම.

අප සැම දන්නා පරිදි, 2015 සිට 2019 දක්වා වසර 5 ක් තිස්සේ ආර්ථිකය අඛණ්ඩව පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් අර්බුධයට ලක්ව තිබුණි. ඒ සමගම, 2019 වසරේදී සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ආර්ථිකය තවදුරටත් අර්බුධයට ලක් වුනි. එම පිරිහීම නතර කොට, ආර්ථිකය නැවත යහපත් අතට හැරවීම සදහා, දැවැන්ත බදු කප්පාදුවක් සහ ණය සහන රාශියක් ලබා දෙමින් නව රජය 2020 ජනවාරී මාසයේදී ආර්ථිකයට නව උත්තේජනයක් ලබා දෙන්නට උත්සාහයක් දැරීය.

පසුබිම මෙසේ තිබියදී, අද පැන නැගී ඇති කොවිඩ් – 19 වසංගතයට මුහුණ දීමට, ඇතැම් දියුණු ආර්ථිකයන් විසින් අනුගමනය කරනු ලබන ආකාරයේ පරිභෝජනය සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා මහජනයාට ලබා දෙන විශාල බදු ආපසු ගෙවීම් හෝ පූර්ණ ප්‍රදානයන් වැනි නව උත්තේජන සැපයීමට, ශ්‍රී ලංකාවට මූල්‍ය අවකාශයක් නොමැත. එසේ වුවද, ශ්‍රී ලංකා රජයට එවන් සෘජු මූල්‍යමය දායකත්වයන් සැපයීමට වර්තමානයේදී නොහැකි වුවද, ඊට විකල්පයක් ලෙස, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ රුපියල් බිලියන 2,500 ක් පමණ වන වර්තමාන අරමුදල් ශේෂයෙන් 20% ක් පමණ එම සාමාජිකයින්ට කොන්දේසි විරහිතව සෘජුව ආපසු ලබා දීමෙන් රුපියල් බිලියන 500 ක් පමණ නව උත්තේජනයක් ආර්ථිකයට එක් කළ හැක.

මෙම යෝජිත ප්‍රාග්ධන දානය, රජයෙන් ලබා දෙන මූල්‍යමය දිරි ගැන්වීමකට ශක්‍ය විකල්පයක් විය හැකි අතර, කිසිදු මූල්‍ය බරක් රජය මත පැටවීමකින් තොරව, ආර්ථික උත්තේජකයක් ලෙස ප්‍රතිඵල ලබා දිය හැකි එකකි.

මීට අමතරව, විසිපන් ලක්ෂක පමණ පුද්ගල සමූහයක් අතට මෙම රුපියල් බිලියන 500 ක පමණ “නව” ප්‍රාග්ධනය එකතු වූ විට, එම ප්‍රාග්ධනය පදනම් කර ගනිමින්, ණය දෙන ආයතන වලින් ලබා ගන්නට හැකිවන තවත් ණය අරමුදල් ඔස්සේ එම මුදල තවදුරටත් පුළුල්වී සමහර විට දෙගුණයක්ද විය හැකිය.

මෙම අතිවිශාල අරමුදල “නිදහස්” කිරීමෙන් සහ එම මුදල් විසිපන් ලක්ෂයක දෙනා අතට පත් කිරීම මගින් තවත් බොහෝ ප්‍රතිලාභ ජනතාවට සහ ආර්ථිකයට ලැබෙනු ඇත. එවැනි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ:

1. මෙම නව මුදල හරහා ඇතිවෙන ආයෝජනය සහ පාරිභෝජනය හරහා ආර්ථික වර්ධනයට සැලකිය යුතු සහයක් ලැබීම.

2. තමන්ගේ ඉහළ පොලී ණය පියවා ගැනීමට බොහෝ පුද්ගලයින් හට හැකියාවක් ලැබීම.

3. ව්‍යවසායක අදහස් හා හැකියාවන් ඇති පුද්ගලයින් මෙම ප්‍රාග්ධනය පාවිච්චි කරමින්, නව ව්‍යාපාර ආරම්භ කිරීම හරහා රට තුල නව ව්‍යාපාර ස්ථාපනය වීම.

4. මෙම නව ප්‍රාග්ධනය නව ආර්ථික ක්‍රියාකාරකම්වල යොදවා ගනිමින් ආර්ථික කටයුතු වල පුද්ගලයින් යෙදෙන විට, එම ආර්ථික ක්‍රියාකාරකම් වලට ණය ලබා දීමට බැංකු සහ මූල්‍ය ආයතන වලට නව අවස්ථා විවෘත වීම.

5. අලුතින් නිදහස් කරන ලද මෙම “ඉතිරිකිරීම්”, පුළුල් ආර්ථිකයේ ආයෝජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස “ව්‍යාපාර විශ්වාසය” (Business Confidence) වර්ධනය වී රට තුළ ශුභවාදී හැඟීම් යලි පණ ගැන්වීම.

6. රටේ සෑම ප්‍රදේශයකම පාහේ දැනට අත්හිටවී ඇති සුළු සහ මධ්‍යම පරිමාණයේ ඉදිකිරීම් කටයුතු ඉහළ නැංවීමට දායකත්වයක් ලැබීම.

7. රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය වර්ධනය වීම තුළින් රැකියා අවස්ථා වැඩි වීම.

8. රට පුරා ආර්ථික ක්‍රියාකාරකම් මට්ටම ඉහළ යාම හේතුවෙන් රජයට බදු එකතු කිරීමට අවස්ථාවන් වැඩි වීම.

“කොවිඩ් – 19 පසු” ආර්ථිකය නැවත ගොඩ නැගීම වෙනුවෙන්, තවත් උපාය මාර්ග ඉදිරි දිනවලදී ඉදිරිපත් කෙරෙනු ඇත.

leave a reply