දළදා පෙරහැරට සභාභාගී වූ 45 කට කොවිඩ්

මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .

හතරවැනි රන්දෝලි පෙරහර නිමාවීමත් සමඟ මෙම කලාකරුවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී මෙම ආසාදිතයන් පිරිස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් පෙරහැර මංගල්‍යයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබේ .

මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන් දෛනිකව ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබන බව වාර්තා වේ.

අද (22) දිනයේ අවසන් රන්දෝලි පෙරහැර විදි සංචාරය කිරීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...