කහවත්තේ කොටකෙතන ග‍්‍රාමයේ විසූ අජිත් චාමර සමයවර්ධන ඔහුගේ පාසල් මිතුරන්ට ‘අජියා” වුණා. ගමේ මිතුරන්ට ‘අජා’ වුණා. ඔහුව ‘අජාසත්’ කළේ රටේ ජාතික තලයේ මාධ්‍යය. එ් වෙද්දී රටේ හැමෝගෙම අවධානය කහවත්ත කොටකෙතනට යොමු වෙලා තිබුණු කාලයක්. ස්ත‍්‍රී ඝාතන මාලාවක් කොටකෙතන සිදු වෙමින් තිබුණා. ප‍්‍රථමයෙන් එක් එක් ස්ත‍්‍රිය දුෂණය කොට කපා කොටා මරා තිබුණත්, පස්සේ එ්වා ද්විත්ව ස්ත‍්‍රී ඝාතන බවට පත්වුණා. මේ මිනීමැරුම්වලට හේතු වශයෙන් විවිධ කටකතා බොහෝමයක් ප‍්‍රදේශය පුරාත් – රට පුරාත් පැතිර ගොස් තිබුණා. කෝටි – ප‍්‍රකෝටි ගණනක මැණික් ඉල්ලමක් මේ ප‍්‍රදේශයේ පවතින බැවින් මෙරට ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙක් එම ඉල්ලම පාදා ගැනීමට මේ ප‍්‍රදේශය ජන ශූන්‍ය කිරීමේ රහසිගත මෙහෙයුමක ප‍්‍රතිඵලයක් වශයෙන් ඝාතන දාමය සිදු කරන බව එක කටකතාවක්. තව කටකතාවක් ලෙස පැතිර ගොස් තිබුණේ අදාල ඉල්ලම පාදා ගැනීමට ස්ත‍්‍රීන් සිය දෙනෙක් බිලි දිය යුතු බැවින් අදාල ඝාතන සිදු වෙමින් පවතින බවයි.
මේ සියලූ කටකතා අතරේ තවත් මිත්‍යා කතා බොහෝමයක් පැතිර ගොස් තිබුණා. සියලූම කතා යට ගොස් අවසානයේ උඩ ආවේ අජාසත් කතාව. එ්ක මාධ්‍යය විවිධ විදියට වාර්තා කරලා තිබුණා.
පෙම්වතියගේ උපන් දිනයට තෑගි ගැනීමට මුදල් නොදුන් නිසා මව මරා දැමූ කොටකෙතන අජාසත් පුතා.
පෙම්වතිය හමුවීමට යාමට මුදල් නොදුන් නිසා උදැල්ලෙන් ගසා පුතා තම මව මරා පුළුස්සා දමයි.
විසිපස් හැවිරිදි අජාසත් පුතා තම පෙම්වතියට දීමට මුදල් නොදුන් නිසා මව මරා මුදල් රැුගෙන පලා යයි.
ජාතික තලයේ පුවත්පත්වල වාර්තාවෙලා තිබුණු විධියට අජිත් චාමර සමයවර්ධන මව මරා දැමීමෙන් පසු තම පෙම්වතියට කෙටි පණිවිඩ හාරසීයක් යවලා තියෙනවා. පුවත්පත්වලට අනුව අජිත්ගේ පියා ජයතුංග සමයවර්ධන කොළඹ වරායේ සේවකයෙක්. ඔහු නිවසට එන්නේ මාසයකට සැරයක්. සමයවර්ධන පවුලේ එකම දරුවා අජිත්. කහවත්තේ කාන්තා ඝාතන පෙළේම දිගුවක් ලෙසටම මේ මිනීමැරුමත් සිදු වූ බව දැන වීමට අජිත් උත්සාහ දරා ඇති බවට විද්‍යුත් මාධ්‍ය අනාවරණය කළා. කර ගැනීම සඳහා ඔහු මිනිය පුළුස්සා ඇති බවට පොලීසිය අනාවරණය කරගත් බව විද්‍යුත් මාධ්‍යය ඡුායාරූප සහිතව පෙන්නුවා. සැකකරුවන් නොමැතිව වැළලෙන්නට ගිය ඝාතනයක් අනාවරණය කර ගැනීම පිළිබ`දව පොලීසිය ගැන කවුරුත් කතා කළේ මහත් ප‍්‍රසංසාවකින්.
‘‘මීට කලින් ගමේ ගැහැනුන්ව මරන්න ඇත්තේ ඕකා…’’
‘‘ඌ මානසික ලෙඩෙක්. ගෑනු මරන්නැතිව ඌට නින්ද යන්නේ නැතිලූ’’
‘‘මරපු අනිත් ගෑනුන්ව වගේම මූ අම්මවත් දුෂණය කරලා’’
ඇතැමුන් ප‍්‍රසිද්ධියේ කියපු අදහස් කොටකෙතන ග‍්‍රාමයේ උඩුවියන් බැන්දා.
අජිත් තරුණයා සිදු කර ඇති ආනන්තරීය පාප කරම්ය හේතුවෙන් ඔහු යන අපාය පිළිබදවත් එහි දිග-පළල-උස පිළිබ
දවත්, එහි විදින්න වෙන වේදනාව පිළිබ
දවත් රූපවාහිනියට වැඩම කළ යතිවරු ඇඟ ලොමු ඩැහැගැන්වෙන පරිද්දෙන් ධර්ම දේශනා කළා. උපාසක අම්මලා සාදුකාර දුන්නා.
අජිත් සැකකාරයෙක් විධියට අවුරුදු දෙකක් රත්නපුර බන්ධනාගාරයේ සිටියේ. අවසානයේ ඔහු නිදොස් කොට නිදහස් වුණා. මෙය සම්පූර්ණයෙන්ම පොලිසිය විසින් සැලසුම් කරපු චෝදනාවක් විධියට අධිකරණය තුළදී ඔප්පු කරන්න ජයතුංග සමයවර්ධන අල්ලපු ජනාධිපති නීතීඥතුමා සමත් වුණා. රටම තමන්ගේ පුතා අපරාධකාරයෙක් කියද්දි එ්ක විශ්වාස නොකරපු එකම කෙනා ජයතුංග. තමන්ගේ බිරිදව මැරුවේ පුතා නොවන බව ජයතුංග තදින්ම විශ්වාස කළා.
ද ගත්තා. අජිත් හයියෙන් අ`ඩන්න වුණා. උසාවි භූමියේ හිටිය ඔක්කොගෙම දෑස් පිය-පුතු දෙදෙනා වෙත යොමු වුණා. දැන් අජිත් චාමර සමයවර්ධන නිදහස් තරුණයෙක්. මේ කතාව ඉදිරියට කියාගෙන යන්න අපි අජිත්ටම භාර දෙමු.
උසාවියෙන් එළියට ආපු අජිත් තාත්තට වැන්දා. තාත්තා පුතාව තදින් වැළ
තාත්තා මට උසාවිය ඉස්සරහ අඹ ගහ යට ඉන්න කියාලා ගිහින් ඉක්මණින්ම නීතිඥවරයාව හම්බවෙලා ආවා. තාත්තාගේ විඩාබර මුහුණ තුළින් දිස් වුණේ ජයග‍්‍රාහී සිනාවක්.
‘‘ලෝයර් කියනවා අපිට එෆ්.ආර්. එකක් දාන්න කියලා. එයා නොමිලේ පෙනී හිටින්නම්ලූ.’’ මම තාත්තාගේ කීමට සිනහ වුණා පමණයි. මගේ ඇෙඟ් හැම තැනම කැසිල්ලකුයි තුවාලයි තිබ්බා. එ් ඔක්කොටම වඩා මගේ හිත තුවාල වෙලා තිබුණේ. උසාවිය ඉස්සරහා තිබ්බ හෝටලයට මාව එක්කගෙන ගියපු තාත්තා මට
බනිස් ගෙඩියකුයි කිරි තේ එකකුයි අරන් දුන්නා. අවුරුදු දෙකකට පස්සේ මං රස කිරි තේ එකක් බීවා.
‘‘තාත්තේ කවුද අම්මව මරලා තියෙන්නේ?’’ මගෙ හිතේ පැසවමින් තිබෙන ප‍්‍රශ්නය මං තාත්තගෙන් ඇහුවා.
හෝටලේ සිවිලිමේ හයිකරලා තිබ්බ විදුලි පංකාව දෙස බොහෝ වේලාවක් බලාගෙන හිටපු තාත්තා දෙපසට හිස වැනුවා.
මාව ඇතුළට දාද්දී රටේ හැම මාධ්‍යයක්ම එ්ක වාර්තා කරාට මං නිදොස් කොට නිදහස් වුණු එක ගැන දාලා තිබ්බේ එකම එක විකල්ප පත්තරේක විතරයි. එ්කෙ සදහන් වෙලා තිබ්බ විදියට මට විරුද්ධව බොරු චෝදනා ගොතපු පොලිස් ස්ථානාධිපතිවරයයි තවත් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුයි වව්නියාවට මාරු කරළා තිබ්බා. බන්ධනාගාර ගතවුණු මුල් දවස්වල මට එ් පොලිස් කාරයෝ ගැන ලොකු තරහක්, වෛරයක් තිබ්බා. පස්සේ එ් වෛරී හැඟීම් මගෙන් ඈත් වුණා. මිනිහෙකුට ආධ්‍යාත්මිකව සම්පූර්ණයෙන් කඩා වැටෙන්න හෝ ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න හෝ හො
දම තැන හිර ගෙදර.
‘‘මිනිසෙකුට ජීවිතේ අත් විදින්න වෙන ලොකුම ඛේදවාචක පහක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා දෑහට දකින එක. දෙවෙනි එක තමන් ජීවත් වෙලා ඉද්දි අකාලයේ නැත්නම් ගොඩක් පොඩි වයසෙදි තමන්ගේ දරුවෝ මැරෙන එක. තුන්වෙනි එක තමන්ගේ අතක් පයක් ඇහැක් අහිමි වෙන එක. හතරවෙනි එක පිළිකා රෝහලක ඇ
දකට වැටෙන එක. පස්වෙනි එක තමයි මාස හතරක් හරි ඊට වැඩි කාලයක් හරි හිර ගෙයක් ඇතුළේ ඉන්න වෙන එක. ඔය පහට චේන් පන්න ගන්නැතිව මූණ දුන්නොත් ජීවිතේ නතින් පුතා…’’ ප‍්‍රධාන ජේලර්වරයා නිතරම කියූ වදන් මගේ මතකයේ රැව් පිළිරැව් දෙමින් තිබුණි.
රිය අනතුරක් වැනි දේකට බන්ධනාගාර ගත වෙන පුද්ගලයන් පවා සතිය දෙක යන විට කයින් මෙන්ම මනසින් වැහැරී යන ආකාරය මම සියැසින් දුටුවා. සැක පිට හෝ අච්චු වී හිර ගේ ඇතුළට එන බොහෝ පිරිසක් මාස තුන හතර යන විට ඔහේ බලාගත් අත බලාගෙන සිටීමට පුරුදුවෙනවා. ඔවුන් තනියම කතා කරනවා. අ`ඩනවා. සිනා සෙනවා. මෙවැනි අයට කියන්නේ ‘චේන් පැන්න බුවෙක්’ කියලා. මුලින් මුලින් මටත් චේන් පැන්නා. මාස තුනක් යනකන් රැය දවල් මට ඉන්න වුණේ වාට්ටුවේ තිබ්බ ලැට් එකේ. එ් හින්දා කකුල් පොල් ගෙඩි වගේ ඉදිමෙන්න ගත්තා.
කුඩු විකුණලා ආපු උන්, ළමයි දුෂණය කරලා ආපු උන්, හොරකම් කරලා ආපු වුන් එ් හැමෝම මන් දිහා බැලූවේ ලෝකෙම ඉන්න ලොකුම අපරාධකාරය දිහා බලනවා වගේ.
‘‘මූ අම්මා මරලා ආපු පරයෙක්. අජාසත් කෙනෙක්. මූව ලැට් එකේමයි තියන්න ඕනේ…’’ ඇතුළට ගිහින් මාස හතරකට පස්සේ කාමර පාටි මට මැද බෝඩරේ ඉඩක් දුන්නු බව දැනෙගෙන කුඩු කපිල කෑ ගැහුවා.
‘‘ ඔව් මං අජාසත් කෙනෙක්… තොපි එතකොට බෝසත්’’ මං කුඩු කපිලගේ ඇස් දිහා එක එල්ලේම බැලූවා.
‘‘යකෝ අපි කුඩු ටිකක් වික්කට … තෝ වගේ අම්මට හු.. මරපු එකෙක් නෙවේ….’’
‘‘ඔව්… ඔව්… කසිප්පු විකුණලා ආපු එකා කියනවා මං කසිප්පු ටිකක් වික්කට ගංජා වික්කේ නෑනේ කියලා. ගංජා විකුණලා ආපු එකා කියනවා මං ගංජා වික්කට කේ.ජී. වික්කේ නෑ. කේ.ජී. විෂ ජරාවක් කියලා. කේ.ජී. විකුණලා ආපු එකා කියන්නේ කේ.ජී. වික්කට මං කුඩු වික්කේ නෑ කියලා. කුඩු විකුණලා…’’ මට කියන්නට ලැබුණේ එච්චරයි. මා අසලට ආපු කුඩු කපිල මා පසුපසට තල්ලූ කළා. මාව විසික්කවෙලා ගිහින් බිම වැටුණා. හැමෝම මට හූ කිව්වා. කපිල හයියෙන් හිනා වුණා. ක්ෂණිකවම නැගී සිටි මා දකුණත මිට මොළවා වේගයෙන් කපිලගේ මුහුණට එල්ල කළ පහරෙන් කටින් ලේ දමාගෙන ඔහු බිම වැටුණා.
‘‘පුතේ මොනවද ඔය කාමරේට වෙලා කල්පනා කරන්නේ. අපි හවස් බාගේ පන්සල පැත්තේ ගිහින් එන්න යමු.’’ තාත්තාගේ හඩින් මං හිර ගෙදරින් මිදුණා. කාමරයට ඇතුළුවන දොරේ රෙද්ද මැත් කරගෙන හිටපු තාත්තගේ මූණ දිහා එක එල්ලේ බැලීමට මට ශක්තියක් තිබුණේ නෑ. ඇ
දේ දිගා වෙලා හිටපු මම නැඟිටලා ඇෙද් ඉ
ද ගත්තා.
අවුරුදු දෙකකට පෙර තිබ්බ විධියටමයි පන්සල. මට දහම් පාසල් ආපු කාලේ මතක් වුණා. අපිව දැක්ක ඇබිත්ත කොලූවා කරමින් හුන් කාර්යය නවත්තලා ලැඟුම් ගේ දෙසට ගියා. තාත්තයි මායි පන්සලේ ටිකක් ඇවිද්දා. පන්සල් භූමියේ තිබ්බේ දැඩි නිහඩ බවක්. තාත්තට ඕනෙ වෙලා තිබ්බෙ ලොකු හාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරන්න. එ්ත් ලොකු හාමුදුරුවෝ පේන්න හිටියේ නෑ. අපි ලැඟුම් ගේ අසල ටික වේලාවක් රැු
දී සිටියා.
‘‘ආ මේ සිරිවර්ධන මහත්තයනේ…’’ සිවුර සකසමින් ලොකු හාමුදුරුවෝ ලැඟුම් ගෙයින් එළියට වැඩියා. තාත්තා ලොකු හාමුදුරුවන්ට වැන්දා. මමත් තාත්තාව අනුකරණය කළා.
‘‘මට ආරංචි වුණා පුතණ්ඩියව ගෙදර එක්කන් ආව කියලා. මෙහෙමයි මහත්තයෝ, නීතියෙන් ගැලවුණාට තමන්ගේ හෘද සාක්ෂියෙන් නම් ගැලවෙන්න බැරිවෙයි.’’
‘‘ඇවිත් මාස හතරක් යන්න හම්බුන් නෑ. පරණ වුන් එක්ක ගහගන්න යන්න එපා. උන් උඹව මරයි.’’ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාමරයේ මම හිටියේ දණ ගසාගෙන. මගේ තොල්වලට දැණුනේ ලේ රස. මුළු ඇඟම ගැහෙමින් තිබුණේ. මං කීදෙනෙකුට ගැහුව ද මට කී දෙනෙක් ගැහුව ද කියලා නිච්චියක් නෑ.
‘‘ගිහින් ‘ඞී’ වාට්ටුවේ කාමර පාටිව එක්කගෙන එන්න.’’ බන්ධනාගාර අධිකාරීවරයා තම පුටුවේ හරිබරි ගැසෙමින් අසල සිටි ජේලර් සමන් මහත්තයාට කිව්වා. සැලියුට් එකක් ගහපු එ් මහත්තයා කාමරයෙන් පිටත් වුණා.
‘‘තමුසෙව මං මගේ වාට්ටුවට දානවා. එ්කෙ කාමර පාටිගේ වැඩවලට තමුන් උදව් කරගෙන ඉන්නවා.’’
බන්ධනාගාර අධිකාරිවරයාගේ වචන මගේ කණ ළඟින් ගලා ගියා. මට දැනුණේ හීන් සතුටක්. ‘ඞී’ වාට්ටුව භාරව සිටින්නේ බන්ධනාගාර අධිකාරීතුමා. එ්කට කීවේ මෝර වාට්ටුව කියලා. එ්කේ වැඩි තද බදයක් තිබුණේ නෑ. මෝර වාට්ටුවට යන්න ලක්ෂ ගණන් සල්ලි දෙන්න ඕනෑ. ඔගඪග රේඩියෝ, ෆෑන් හැම එකක්ම ‘ඞී’ වාට්ටුවෙ තියෙන බව මම කලින්ම දැනගෙන හිටියා. සැකකාරයෝ මුලින්ම දාන්නේ ඞී වාට්ටුවට. එ් හින්දා එකට කිව්වේ ලොකේෂන් වාට්ටුව කියලා. එ්කේ දවසක් තියලා තමයි අනිත් වාට්ටුවලට කට්ටියව දාන්නේ. මට භාර වුණු රාජකාරිය වුණේ මෝරුන්ව කොටුකරන වැඬේ. අලූත් එන සැකකාරයන්ව අනිත් වාට්ටුවල තියෙන තදබදේ ගැන කියලා, ඒවායේ තියෙන දුක කියලා මේ වාට්ටුවේ කොහොම හරි ඉන්න ඔවුන්ව පොළඹවා ගන්න එක. වැඬේට කැමති වුණාට පස්සේ ගනුදෙනුව කතා කරන්නේ කාමර පාටි. ‘ඞී’ වාට්ටුවේ බෝඩරයක් රුපියල් ලක්ෂයේ ඉ`දලා ලක්ෂ පහ වෙනකන් අලෙවි වුණා. මුදල් ගියේ බන්ධනාගාර අධිකාරීවරයාට.
‘‘උඹ වැඬේ හොඳට කරනවා. එස්.පී. මහත්තයා උඹ ගැන සැටිස්’’ මං ලොකේෂන් වාට්ටුව ගිහින් ටික දවසකින් එ්කේ කාමර පාටි කීවා. මට මං ගැන පොඩි ආඩම්බරේකුත් ඇති වුණා. හිර ගේ ඇතුළේ මට තැනක් හැදුණා.
‘සහරාන්ගේ බෝම්බ එළියේ පිපුරුණාට තුවාල වුණේ අපිට’ කියලා තමයි ඇතුළේ වුන් කීවේ. බන්ධනාගාරේ ‘රෝල’ එ් කියන්නේ සමස්ත එකතුව පන්සීයේ ඉදලා එක්දාස් පන්සීය දක්වා වැඩි වුණා. මුස්ලිම් මුදලාලිලා සිය ගණන් ඇතුළට දාලා තිබ්බා. ජාතියානුරාගයෙනුයි දේශපේ්‍්‍රමයෙනුයි පරණ සැක කාරයෝ ඇලලී ගියා. කුඩුවලට ඇතුළට ඇවිත් හිටපු අය බෝම්බවලින් මැරුණු මිනිස්සු ගැන කියමින් ඇ
ඩුවා. ඔවුන් පඩිපෙල් දිගේ මුස්ලිම් මිනිස්සුන්ව ඇදගෙන ගියා. ඔවුන්ගේ රැවුල් කැපුවා. රේසර්වලට නානලගේ මුහුණත් කැපුණා. වයසක නානලාට ගූ-හුජ්ජ යනකම් තඩිබෑවා. බුද්ධ රූප ගාව ඔවුන්ව දනගස්සලා පන්සිල් කියෙව්වා. ජේලර්ලා එ්වා නොදැක්කා වගේ හිටියා.
‘‘අනේ මාතියා.. අපි සහරාන් කෙනෙක්ව දන්නනේ නෑ… අනේ මාතියා…’’ බැගෑපත් වෙන්න වෙන්න ඔවුන්ට තඩිබාන්න වුණා. එ් සිදුවීම්වලින් මං කලකිරිලා හිටියේ.
ලොකේෂන් වාට්ටුවේ බෝඩරයක් ලක්ෂ දහයකට විකිණෙන්න ගත්තා. මාවත් වාට්ටුවෙන් විසික් වුණා.
මං නිදහස්වෙලා අපු බව දැනගෙන ගෙදරට කතා කරන්න ආවේ අසේල විතරයි. අසේල කියපු විධියට දැන් ගොඩක් යාළුවෝ කොළඹ රස්සාවලට ගිහින්. සමහර පවුල් පිටින් ගම අතහැරලා දාලා ගිහින්. අසේලත් එක්ක කතා කර කර මමත් කඩමණ්ඩිය පැත්තට ගියා. හිරගෙදරදි ලෝකල්වලට හුරුවෙලා හුරුවෙලා හිටපු මට දැන් දවසට සිගරැුට් දෙක-තුනක් නිකම්ම පෙවෙනවා.
‘‘ජගත් අයියගේ කඩෙන් සිගරැට් දෙකක් ගමු.’’ අසේල යෝජනා කළා.
කඬේ අසලට ආපු මං රුපියල් දෙසීයක් අසේල අත තිබ්බා. අසේල කඬේට ඇතුළු වුණා. මං කොට්ටම්බ ගහ මුල තිබ්බ ලෑලි බංකුව අසලට ඇදුනා. ලෑලි බංකුවෙ වාඩි වෙලා හිටපු මැදි වයසෙ මිනිස්සු දෙන්නෙක් මාව දැකලා බංකුවෙන් නැගිට්ටා. අදුරන්නැති වුණත් මං ඔවුන් එක්ක හිනා වුණා. එක් අයෙක් මගෙ මූණ දිහා බලාගෙන ඉ
දලා අහක බලා ගත්තා. අනෙක් පුද්ගලයා කාරලා කොට්ටම්බ ගහ මුලට කෙළ ගැසුවා.
‘‘පව් කාරයෝ….. මිනීමරුවෝ…’’ මගේ මූණ දිහා බලලා අහක බලාගෙන හිටපු පුද්ගලයා හයියෙන් මුමුණන්න වුණා. මං කිසිවක් නෑසුණා වාගේ ලෑලි බංකුවේ වාඩි වුණා. කඬේ ගිය අසේල හිස් අතින් මං ලඟට ආවා.
‘‘අපි යමු මචං’’ අසේල ඉඳගෙන සිටි මගේ අතකින් ඇද්දා.
‘‘ඇයි… කෝ… සිගරැුට්…’’ කිසිවක් සිතා ගත නොහැකි වුණු මං නැගිට්ටා.
‘‘මුන්ට පිස්සු. අපි යමු.’’ අසේල ඉස්සර වුණා. කඬේ අයිති ජගත් අයියා දත් මිටි කමින් මගේ මූන දිහා බලාගෙන හිටියා. කඬේ අසල පාරෙදි අසේල මගෙන් සමු ගත්තා. ආපහු ගෙදර එන අතරතුර කාන්ති අක්කව හමු වුණා. ඇය මා නොදැක්කා මෙන් බිම බලාගෙන ගමන ඉක්මන් කළා. මං මද වේලාවක් නැවතී ඈ දෙස බලා සිටියා.
‘‘ඇයි තෝ එ් කෙල්ල දිහා බලාගෙන ඉන්නේ…. එ්කිවත් මරන්න ද?’’ පිටුපසින් ආපු හඩින් මා තිගැස්සුණා.
ඞ් අයිතිකාරයව හ
‘‘නිහාල් අයියා...’’ මං කටහෙදුනා ගත්තා.
ඩ නැගෙන පරිදි දොර වසා ගත්තා.
‘‘මේ... මේ... උඹලා වගේ වුන් අපේ නමක්වත් කියන්නෙපා. උඹලා වගේ වුන්ගේ මූණක්වත් දකින්න අපි කැමති නෑ..’’ ඇස්වලින් ගිනි පිටකරමින් නිහාල් අයියා කාන්ති අක්කා ගිය දෙසටම වේගයෙන් යන්න වුණා. කිසිවක් සිතා ගත නොහැකි වූ මං නැවතත් ගමන පටන් ගත්තා. පුංචි අම්මලාගේ නිවස අසලින් එන විට මා දුටු නිවසේ උදවිය නිවස තුළට ගොස් හ
‘‘මගේ අක්කාව මරපු තොට හෙන ගහනවා පර බල්ලෝ…’’ නිවස තුළින් පුංචි අම්මාගේ අෙදා්නාවක් ඇසුණා.
ඩ මාගේ කන ළඟින් ගලා ගියා.
‘‘අම්මා කෑ නොගහා ඉන්න. නීතියෙන් ගැළවුණාට ඌ දිනුම් නෑ. එහෙම නම් ඉතින් ලෝකෙ තියෙන ආගම් බොරු...’’ සුජීව අයියාගේ කට හ
ටාං… ටාං.. උළු වහලෙට එක දිගට ගල් වදින්න වුණු නිසා මං කරුවලේම ඇෙ`දන් බැස්සා. එ් වෙද්දි තාත්තා සාලේ ලයිට් එක දාලා ඉස්සරහ දොර අරින්න හදනවා. මං තාත්තව වැලැක්කුවා.
‘‘යකෝ මේක හරි කෙලියක්නේ, උසාවියෙන් නිදොස් කොට නිදහස් කරලත් මුං හදන්නේ මගේ කොල්ලව මිනීමරුවෙක් කරන්න ද? …’’ තාත්තා කෑ ගහන්න වුණා.
අජිත්ට මෙතනින් එහාට මේ කතාව ලියන්න බෑ. ඒ ඔහු ඊයේ ? තමන්ගේ කාමරේ බාල්කෙක බෙල්ලෙ වැල දාගෙන මැරුණු නිසා. මේ කතාව මෙතනින් එහාට ලියාගෙන යන්න මං උත්සාහ කළා. එ්ත් එ්ක එච්චර සාර්ථක වුණේ නෑ. එ් හින්දා මේ කතාව මෙතනින් නවත්තලා දානවා. ඊට කලින් අජිත්ගේ සියදිවි නසා ගැනීම ගැන ජාතික පුවත්පත්වල ගියපු ප‍්‍රවෘත්ති සිරස්තල ටිකත් උදුරා දක්වන්නම්.
මව ඝාතනය කිරීමේ චෝදනාව ලබා සිටි අජිත් චාමර සමයවර්ධන හෙවත් කොටකෙතන අජාසත් ගෙල වැලලාගෙන මිය යයි.
නීතියෙන් ගැලවුනත් හෘද සාක්ෂියට කොටකෙතන අජාසත් බිලිවිය.
ගෙල වැලලාගෙන මිය ගිය කොටකෙතන අජාසත් කල්ප විසිපහක් නිරයේ දුක් වි`දින බව බෞද්ධ භික්ෂූන් වහන්සේ කියති.