Breaking News

සිතන්නට යමක්… 02

AABN

එදිනෙදා ජීවිතයේදී අපට විවිධ පුද්ගල චරිත මුණ ගැසේ. ඒ අතරින් කෙනෙකු දුටු විට අපට නිරායාසයෙන්ම සුහදශීලී බවක් දැනෙන්නට ගනී. එසේම සමහර කෙනෙක් දුටුවිට කිසිදු ප්‍රසන්න හැඟීමක් ඇති නොවේ. මෙම තත්ත්වයට ඔබ මා ඇතුළු සියලු දෙනා මුහුණ දී ඇති බව නිසැකය.

මෙසේ වන්නේ ඇයි….? ඔබ මේ ගැන වරක් හෝ සිතා බැලුවාද? එම තත්වය තීරණය වන්නේ, එම පුද්ගලයාගේ ලස්සන හෝ වත් පොහොසත්කම නිසාද? සමාජ තත්වය නිසාද?… නැත
පුද්ගලයෙකුගේ ප්‍රසන්නභාවය තීරණය වන එකම සාධකය ඔහුගේ/ඇයගේ අභ්‍යන්තර සිතුවිලි පමණි.
ඔබගේ සිතේ හට ගන්නා හොඳ හෝ නරක ඕනෑම සිතුවිල්ලක් ඔබගේ මුහුණෙන් දිස්වන්නට ගත වන්නේ ඉතාම සුළු කාල පරාසයකි.

ආදරය, කරුණාව මෙන්ම රාගය, කේන්තිය වැනි සිතුවිලි පවා ඔබගේ මනසේ හටගන්නා පමාවට ඔබගේ මුහුණෙන් විද්‍යාමාන වන්නට ගනී.
මෙය ඔබටම හඳුනාගත හැකි එක අවස්ථාවක් වේ. ඔබ යම් කරුණක් මත කේන්තියට පත් අවස්ථාවක කැඩපතක් ඉදිරියට ගොස් ඔබේම ඡායාව නිරීක්ෂණය කරන්න. ඔබගේ රුව ඔබටම අප්‍රසන්න වන තරමට විරූපීව ඇති බව ඔබට දැනේවි. එසේම සුරතල් කුඩා දරුවකු අසලදී ඔබ ක්‍රියා කරන ආකාරය පිළිබඳව සිහිපත් කර බලන්න. එවන් අවස්ථාවක ඔබේ මුහුණේ ආදරණීය බවක් නොවේ නම් ළදරුවකු කිසිසේත්ම ඔබ අසල රැඳෙනු නැත.

එසේ නම්, නිරතුරුවම සමාජයත් සමග මුසුවන විට අප, අපගේ හැඟීම් කළමනාකරණය කරගත යුතුය. මනුෂ්‍යයන් ලෙස අපට දැනෙන හැඟීම්
නතර කිරීම කළ නොහැක. අපගේ වරදක් නොවන හේතු මත අපට බොහෝවිට කේන්ති යාම සිදුවන අවස්ථා ඇත.

එහෙත්, ඇතිවන හැඟීම් එලෙසම පිට කිරීම තුලින් ඔබට දීර්ඝ කාලීන අවාසියක් සිදුවන බව ඔබ දැන සිටියාද?

ඔබ සමග ගනුදෙනු කරන ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම ඔබ සමග එකම සේවා ස්ථානයේ සේවය කරන සගයන් ඔබව විනිශ්චය කරන්නේ ඔබ සතු සහතික හෝ දේපළ මිළ මුදල් මත නොවේ. ඔබ ඔවුන් සමග කටයුතු කරන විට ඔබ දක්වන ප්‍රතිචාර පමණයි ඔවුන්ට වැදගත් වන්නේ.

සිතන්න, මිනිසා යනු සාමූහික සත්ත්වයෙකි, අපට කිසිදු විට තනිඔබ අනුන්ගේ අදහස්වලට ගරු නොකරන අයෙක් නම්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී කිසිවෙකු ඔබව ප්‍රිය නොකරාවි. ඔබ අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරීමට රුචිකත්වයක් නොදක්වයි නම් අන් අය ඔබව ප්‍රතික්ෂේප කරාවි. එලෙසම ඔබ අකැමති පුද්ගලයින් සමග කටයුතු කිරීමට සිදුවුවහොත් ඔබට දැඩි පීඩනයක් දැනේවි. සිහි තබා ගන්නේ සියල්ල සාමාන්‍ය මිනිස් සබඳතා අතර සුලබ සිදුවීම් බව.

එසේ නම්, ඔබ කළ යුත්තේ කුමක්ද?…

ඇතිවන හැඟීම කුමක් වුවත් එය එලෙසින්ම එළි දැක්වීම නොකරන්න.
අන් අයගේ අඩුපාඩු පෙනේ නම්, ඔබද සර්ව සම්පූර්ණ අයෙකු නොවන බව සිහි කරන්න.
* මිනිසුන්ගේ රුචි අරුචිකම් විවිධ බැවින් අන් අයගේ කැමැත්තට ගරු කරන්න.
* සියලු තැන්හිදීම ඔබගේ අදහසම ක්‍රියාත්මක විය යුතු බව නොසිතන්න.

නිසැකවම ඔබට අන් අය අතරදී පහසුවක් දනේවි.


leave a reply