Breaking News

පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දැනසිටි, ජනතාව පමණක් නොදැන සිටි පාස්කු ප්‍රහාරයට වසර 2ක්!

පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් සම්පූර්ණ වී තිබේ.

2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

එහෙත් වසර දෙකක් ගතවන මොහොතේත් එම ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමක්, ප්‍රහාරය මෙහෙයවූවේ කවුරුන්ද යන්න සෙවීමක් හෝ සිදුවී නැත. එසේම පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමෙන් ද කිසිදු දෙයක් සිදු නොවුණි. එය පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන වුවත් පාස්කු ප්‍රහාරය විකුණමින් බලයට පත්වූ නව රජය ද එය පවත්වාගෙන යනු ලැබුණි. මෙහිදී බොහෝ සාක්ෂි විමසීම් මධ්‍යට විවෘත වුවත් සහරාන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව හෙළිව තිබූ පුද්ගලයන්ගේ සාක්ෂි විමසීම සිදුවූවේ මාධ්‍යට විවෘත නොකරමිනි.

ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු සිදුවූ එකම දෙය වූවේ එහි වාර්තාව අධ්‍යනයයට යයි කියමින් දේශපාලනඥයන්ගෙන් සමන්විත තවත් කමිටුවක් පත්කිරීමයි.

මෙහිදී ජනතාවගේ කතා බහට ලක්වූ තවත් විශේෂිත දෙයක් වූවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් ප්‍රහාරය ගැන කල්තියා දැනගෙන සිටීමයි. ආරක්ෂක ප්‍රධානින් පවා දැනසිටි බව පසුව වාර්තා විය. එසේම වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණ සමයේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරමින් බලයට පැමිණියත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් ආරක්ෂක අංශවල ප්‍රධානියා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසෙනවා තම ආණ්ඩුවට සම්බන්ධ කර ගන්න ලදී. එපමණක් නොව ඔවුන් වෙනුවෙන් කිසිදු පියවරක් ගැනීමද සිදු නොවුණි.

මෙහිදී ආගමික නායකයන්ගේ හැසිරීමද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. කාදිනල්වරයා පසුගිය ජනාධිපතිවරණ සමයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිර නිතර කතා කරනු දැකිය හැකිවිය. එය පොදුජන පෙරමුණට අනියම් වාසියක් වූ බව රහසක් නොවේ. එසේම ඉන්පසුවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රමවත් විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් මතුවූ විරෝධය සමහන් කිරීමට කාදිනල්වරයා උත්සාහ කරනු දැකිය හැකිවිය.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වන තෙක් කළු ඉරිදාවෙන් නොනැවතී විවිධ ස්වරූපයෙන් විරෝධය දැක්වීමට පියවර ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මාර්තු මුලදී පැවසීය. විරෝධතා මාලාවේ පළමු පියවර වන ‘කළු ඉරිදාව’ මාර්තු 07 වැනිදා සියලු කතෝලික දේවස්ථානවල පැවැත්වුනත් ඉන් එහාට එය සිදුවුවේ නැත.අප්‍රේල් 21 වනදා වනවිටත් මෙම ප්‍රහාරයෙහි වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සඳහා මෙහි සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කර නොතිබුණහොත් මුළු දිවයින පුරාම කළු කොඩි ඔසවා දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවකි. කෙසේවෙතත් පෙරේදා දිනයේදී (19) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ එම ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විනාඩි දෙකක නිහඬතාවක් රකින ලෙස පමණකි.

 

leave a reply