රණවිරුවෝ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ යකා නටයි .

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මහවැව සංචාරක බංගලාව වෙන්කොට ගෙන පැමිණ සිටි පුත්තලම හමුදා කදවුරේ ආරක්ෂක අංශයේ ඉහල නිලධාරීන් පිරිසක් බීමත්ව එහි බංගලා භාරකරුට හා මාර්ගෝපදේශකට පහර දී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු රජයේ දේපළ වලටද දැඩි අලාභහානි සිදුකොට උද්යාන මූලස්ථානය වෙත පැමිණ එහිදී ද කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කොට ඇත.

රටක ආරක්ෂක අංශයන් කෙරෙහි සිවිල් ජනතාව විශ්වාසය තබනුයේ එම හමුදාව පොදු ජනයාගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි යන අදහසිනි. එහෙත් එම ආරක්ෂක අංශයන්ම සිවිල් ජනතාව තුල භීතිකාව උපදවන්නේ ජනතාව මෙි පිළිබදව අවධිවිය යුතුය .

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නිළදාරීන්ට පහරදී දේපළ වලට හානි කිරීම සමිබන්ධව සිද්ධිය මෙි වනවිට හමුදා මුලස්ථානට විසින් යට ගැසීමට වනජීවි අමාත්‍යංශයට බලකර ඇති අතර වනජීවි අමාත්‍යවරයා වනජීවි අමාත්‍යංශයට උපදේස් දී ඇත්තේ මෙි සිද්ධිය සමිබන්ධව කිසිදු චොදනාවක් යුද හමුදාවට එල්ල නොකරීමට සැවම වග බලාගත යුතු බවයි.
පරිසර සංරක්ෂණය උදේසා දායක වන වනජීවි දෙපාර්තමෙින්තුවෙි නිළධාරීන්ට පහරදීම සමිබන්ධව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය හා මෙරට පරිසරයට ලැදී සියලුම දේනා මෙි සමිබන්ධව විදිමත් පරික්ෂණයක් කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර විනාශ වු දේපළ සදහා යන වියදමි පහරදීමට සමිබන්ධ හමුදි සොල්දාදුවන්ගෙන් ලබා ගන්නා ලෙස කරුණාවෙින් ඉල්ලා සිටිමි .

පුත්තලම යුද හමුදා කදවුරේ නිළධාරීන් පැමිණ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නිළධාරීන්ට පහරදී දේපළ වලට හානි කරමින් සිදු කල පහත් ක්‍රයාව හෙළා දකිමු.

රවින්ද්‍ර කාරියවසම

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...