ම. උ. කො සභාපති ඉවත් කිරීමේ උත්සාහය ව්‍යවස්ථා විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි – චමීර කොස්වත්ත

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකව එම තනතුරින් ඉවත් කිරීම පිළිබඳව විවාදය හෙට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතයි. එම විවාදයෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම  සිදු කරන  හෙයින් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට හෙට පාර්ලිමේන්තු අනිවාර්ය කර තිබේ.  ජනක රත්නායක ව ඉවත් කිරීමට මෙසේ ඡන්ද විමසීමක් සිදු කිරීමද ජනතා විරෝධී ක්‍රියාවකි.   ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සකසා තිබුනත් මේ මොහොතේ එම තනතුරෙන් ජනක රත්නායක ව ඉවත් කිරීමට සූදානම් වන්නේ ආණ්ඩුවේ උවමනාවන් වලට අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් උද්ගතව ඇති අර්බුදය නිසාය. මෙය  සම්පූර්ණයෙන්ම මහජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාවක් තීන්දුවක් බව  පැහැදිලිය.

මේ පිළිබඳව අද මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...