කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ස්ථාන මාරුව අනුව  කටයුතු කර නැහැ – සෞඛ්‍ය සේවකයන් විරෝධය දක්වයි  

Date:

වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ අද (13) පෙරවරුවේ වෛද්‍ය වීරබණ්ඩාරට රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී රෝහල ඉදිරිපිටට රැස්වී  විරෝධතාවයක නිරත වී තිබේ .

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වී ඇති බව පැවසේ.

රෝහල් අධ්‍යක්ෂවරයා භාවිතා කරන කාර්යාල කාමරයද කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි ආකාරයට අළුතින් ඉබි යතුරු දමා වසා තිබූ බවද වාර්තා විය .
කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සරත් වීරබණ්ඩාරව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරුකර තිබේ .

ඒ සම්බන්ධයෙන් වන පළමු ස්ථාන මාරුව පසුගිය 6 වන දිනත් , දෙවන ස්ථාන මාරුව පසුගිය 12වනදාත්  ලැබී තිබුණද වෛද්‍ය වීරබණ්ඩාර එම ස්ථාන මාරුවීම් දෙකම ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝග නොසලකමින් තවමත් නීති විරෝධි ⁣ආකාරයට රෝහල් අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටින බව විරෝධතාවය මෙහෙයවූ කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක  පවසා ඇත.

අමාත්‍යාංශ නියෝගයට ගරු කරමින් වහාම ධූරයෙන් ඉවත්ව යන ලෙසද වෛද්‍ය වීරබණ්ඩාර මහතා තව දුරටත් බලහත්කාරයෙන් රෝහල් අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටියහොත් හෙට (14) සිට රෝහලේ සියළුම සේවා වලින් ඉවත් වන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කුරුණෑගල රෝහලේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍යවරයෙකු වූ මොහොමඩ් සාෆිට එරෙහිව තිබූ ‘වඳ සැත්කම්’ චෝදනාවේදී  සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර පැමිණිලි 11ක් යොමු කළේය.

එම පැමිණිලි 11න් පැමිණිලි 09ක්ම බොරු පැමිණිලි බව විමර්ශනවලදී අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉන්පසු මහ මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් පවතින බවද පවසන ලදී.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...