මහජන විරෝධය මැද විදුලි ගාස්තු සංශෝධනයක් – දැන් වැඩි කරනවා කියන්නේ 18% න්

Date:

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව්වන ණය කොටස අනුමත කිරීමට නම් විදුලි ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන මෙන් එම අරමුදලේ විධායක කමිටුව කළ දැනුම්දීමට අනුව එම ගාස්තු 35%කින් වැඩිකිරීමට විදුලි බල මණ්ඩලය කළ මුල් යෝජනාවට දැඩි විරෝධයක් එල්ල විය. මේ තත්වය තුළ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් විදුලිබල නිෂ්පාදනය සඳහා සහනදායක මිලකට ඉන්ධන සපයන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබුණු සහතිකය මත මෙසේ විදුලි ගාස්තුව වැඩි කිරීම 18.3% දක්වා සීමා කරන්නට විදුලි බල මණ්ඩලය සළකා බලා ඇත.

කෙසේවුවත් යෝජිත ගාස්තු වැඩිකිරීම පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ජුනි මස ආරම්භයේදී මහජනයාට අවස්ථාව සලසන අතර මාසයේ අග භාගයේදී ගාස්තු වැඩි කිරීමටඅදාළව එම කොමිසමේ අනුමැතිය ලැබීම අපේක්ෂිතය.

මෑත ඉතිහාසයෙන් ගත් ඡායාරූපයක් 

ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත්තේ විදුලිය නිෂ්පාදනයේදී භාවිත කරන නැප්තා ලීටරයක් රුපියල් 9කටත් සහ බැර ඉන්ධන රුපියල් 10 කටත් විදුලි බල මණ්ඩලයට සැපයීමෙන් සහාය ලබා දීමටය. 2025 වසරට අදාළ දෙවැනි ගාස්තු සංශෝධනයට ලංවිම විසින් සකස් කරන ලද යෝජනාවක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇතිකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. වසර ආරම්භයේදී ගාස්තු 20% කින් අඩු කිරීමෙන් පසු පළමු කාර්තුවේදී ලංවිම රුපියල් බිලියන 18 ක පාඩුවක් දරන බවත් මැයි මාසය වන විට පාඩු රුපියල් බිලියන 25 දක්වා වැඩි වූ බවත් විදුලි බල මණ්ඩලය පවසයි. මීට අමතරව උමා ඔය ව්‍යාපෘතිය සඳහා ගෙවිය යුතු ගෙවීමක් වසරකින් කල් දැමීමට ද විදුලි බල මණ්ඩලය තීරණයක් ගෙන ඇත.

IMF ණය වැඩසටහන විසින් පිරිවැය පරාවර්තක මිලකරණ ක්‍රමයක් නිර්දේශ කළ අතර මහජන උපයෝගිතා කොමිසම විසින් කළ විදුලි ගාස්තු අඩු කිරීම නිසා එම ණය වැඩසටහනේ ප්‍රමාදයක් ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...