දින 14 කට බන්ධනාගාර ගත කළ නාට්‍ටාමි කම්කරු සොහොයුරන් වහා නිදහස් කරනු..!!
පොළොන්නරුවේ සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය හොර පොහොර ගබඩාවක් වැටලූ පුවත පළ වුණේ දින තුනකට පෙර..CIC පොහොර බෑග් ලෙස ව්‍යාජ ලෙස සැකසු බෑග් වල පොහොර පැකට්කර රට පුරා බෙදාහැර ඇති බව මේ පිළිබඳව කරන ලද විමර්ශනවලදී පොලිසිය තහවුරුු කරගත්තා…පොලිසිය අදාළ ගබඩාව වටලා ස්වල්ප මොහොතකට පසු එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය ඇමති ටී බී සරත් මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් තමන් මහා මෙහෙයුමක් කළ බව හැඟවෙන පරිදි එහි හැසිරෙන්නට පටන් ගත් අයුරු එදින රූපවාහිනී නාලිකාවල දී මුළු රටම දැකගත්තා..
පසුදින පුවත් මැවුණේ අදාළ මහා වංචාවට සම්බන්ධ පුද්ගලයන් දොළොස් දෙනෙක් අත්අඩංගුවට ගත් බවටයි.
නමුත් මේවන විට සත්‍ය හෙළිදරව් වී හමාරය..සිරිපුර ප්‍රදේශයේ නාට්‍යාමි කටයුතු කරමින් වී මිටි කරගැසූ මට කලපු දිස්ත්‍රික්කයේ අහිංසක කුලී කම්කරුවන් දහ දෙනෙකු ඊට පෙර දින අදාළඅදාල වී ගබඩාව භාර බාර තැනැත්තා විසින් මෙම පොහොර ගබඩාව වෙත යොමු කර තිබුණා..ඔහු පවසන්නේ තමාගේ වි ගබඩාවේ කටයුතු ඒ වනවිට අවසන්ව තිබූ බැවින් ඔවුන්ට රැකියාවක් කිරීමට නොමැති නිසා අදාළ පොහොර ගබඩාවේ අයිතිකරු විසින් කළ ඉල්ලීමකට අනුව ඔවුන් එහි යැවූ බවයි..ඔවුන් එහි ගොස් ගතව තිබුණේ පැය විසි හතරක් පමණි.. පොහොර ගබඩාව වටලා අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අහිංසක කම්කරුවන් දස දෙනාය..මහා පරිමාණය ජාවාරම කළ තැනැත්තා මෙවන විටත් පලා ගොස් සැඟව සිටි..දින දා හතරකට බන්ධනාගාර ගත කර ඇත්තේ මෙම ජාවාරම ගැන කිසිවක් නොදත් අහිංසක කුලී කම්කරුවන් පිරිසක්ය..ජාවාරමට සම්බන්ධ බවට සැක කළ හැක්කේ අදාල ජාවාරම්කරුගේ සොහොයුරා බව කියන තැනැත්තා පමණි..
දුරකථන කනේ ගහගෙන මහා රඟපෑමක් කළ නියෝජ්‍ය ඇමති ටී බීබ සරත් ….දැන් මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද..? අයුක්තියට අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් දැන් නිහඩවත රකිමින් සිටින මේ සියල්ලන්ට අප පවසන්නේ වහාම මැදිහත්තයේ අසාධාරණට ලක් වූවන්ට යුක්තිය සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන ලෙසය..
පහතින් පලවනුයේ තම.ස්වාමිපුරුෂයන් දැක ගැනීමට පොළොන්නරුව බන්ධනාගාරයට මඩකලපුවේ සිට ආ අහිංසක දමිල කාන්තාවන් සිය දුක කියමින් හඩා වැළපුනු අයුරුය.. සහබ ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ගොවි අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවේ අවස්ථාය..