කොරෝනා අතරින් මතුවුන මොකද්ද මේ “කවසාකි “රෝගය ?

Date:

කවාසාකි රෝගය යනු ශරීරය පුරා රුධිර නාල වල දැවිල්ල (ඉදිමීම සහ රතු පැහැය) ඇති කරන රෝගයකි. එය අදියර තුනකින් සිදු වන අතර කල් පවතින උණ සාමාන්‍යයෙන් පළමු සංඥාව වේ. මෙම තත්වය බොහෝ විට වයස අවුරුදු 5 ට අඩු ළමයින්ට බලපායි. කොවිඩ් 19 වෛරසය පැතිරයන අතරතුර ලෝකයේ ඉතා සෙමෙන් මෙම රෝගය ඉස්මතු වෙමින් පවතී.

මීට වසර කිහිපයකට පෙර ජපානයේ කවාසාකි රෝගය ප්‍රථම වරට වාර්තා වූ බවත් එතැන් සිට එය දරුණු වෛරස් රෝගවලින් පෙළෙන දරුවන් තුළ වර්ධනය වන බව වෛද්‍ය මතය වේ. . බ්‍රිතාන්‍යයේ මෙම රෝගය ප්‍රථමවරට දක්නට ලැබීමෙන් පසුව COVID-19 ආසාදනය වූ දරුවන්ට බලපාන බවට සැක පහළ කරන අතර විද්‍යාඥයින් විසින් තවමත් මෙම තත්වය අධ්‍යයනය කරමින් සිටි. මේ වනවිට නිව්යෝර්ක් නගරයේ මෙම රෝග ලක්ෂණ සහිත ළමුන් 93 දෙනෙකු වාර්තා වී ඇති අතර අවම වශයෙන් දරුවන් තුන්දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ අපද මේ පිළිබඳව දැනුවත් විය යුතුය.

කවසාකි රෝගය ගැන මෙතෙක් සිදුකළ පර්යේෂණයන්හි සොයාගත් කරුණු මත රෝග ලක්ෂණ මෙසේ විස්තර කර ඇත. කවාසාකි රෝගය මුඛය, සම සහ වසා ගැටිති වලට බලපාන රෝගයකි.

මෙම සුවිශේෂී රෝගය වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ එය බහුලව දක්නට ලැබේ. එහෙත් මේ රෝගය සදහා නිශ්චිත හේතුව තවම සොයා ගෙන නොමැත.
මෙම රෝගය මුල් අවධියේ හදුනා ගැනීම ඉතා වැදගත් බව වෛද්‍ය මතයයි. මන්ද, රෝග ලක්ෂණ මුල් අවදියේ හඳුනාගත් පසු, මෙම රෝගය වැළදි ඇති දරුවන්ට දින කිහිපයක් ඇතුළත සුවය ලැබීමේ හැකියාව ඇත.රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කල දින 10 ක් ඇතුලත ප්‍රතිකාර කිරීම ප්‍රමාදවීමෙන් දරුවෙකුගේ හදවතට බරපතල අවදානම් ඇති විය හැක.

රුධිර වාහිනී ඉදිමීම මෙම රෝගයේ සංකූලතාවයක් වෙන අතර එය හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුල හටගත් විට රෝගී දරුවාගේ තත්වය බරපතල අතට හැරේ.එම තත්වය මත හෘදයේ සාමාන්‍ය රිද්මයට මෙන්ම හෘද කපාට ක්‍රියාකාරිත්වයට බාධා ඇති විය හැක.

ආසාදනයකදී නෙකුත් සියලුම වැදගත් අවයව ඇතුළු ශරීරය එයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ හා වසා පද්ධතිය ක්‍රියාත්මක කරමින් වැඩිපුර වෙහෙස වෙනවා.ආසාදනය පහව ගිය පසු හදවත හැර අනෙක් අවයව සංසුන් වෙනවා.මේ රෝගයට ඉබේ සුව විය හැකි අතර සමහර විට එය නොදැනුවත්වම ඉවත් වෙනවා.

හදවත රෝගයෙන් පසුත් වැඩිපුර වැඩ කරන නිසා කවසාකි රෝගය සිරුරේ ධමනි හා විටෙක හෘද මාංශ පේශි වලට පහර දෙන ආකාරයක්ද රෝගියා තුල දැකිය හැකි බව වෛද්‍ය මතයයි.

මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝ විට අදියර කිහිපයකින් දකින්නට ලැබෙ.පළමු අදියරේදි අවම වශයෙන් දින 5 ක් පමණ පවතින උණක් පැවතිය හැකි බව මේ වනවිට රෝගය වැළඳුනු දරුවන් ගේ රෝග ලක්ෂණ මත තහවුරු වීඇත.රෝගයේ දෙවන අදියර සති 2 ක් දක්වා පැවතිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...