මහින්දානන්ද නියරක ඇවිද නැති බව මෛත්‍රිපාල කියයි

මහ කන්නයට අවශ්‍ය කරන පොහොර ලබා දෙන්න කියමින් ආණ්ඩුවට බල කරමින් ඇලහැර ගොවීන් ආරම්භ කර තිබෙන උපවාසය 8 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර උපවාසයේ යෙදී සිටින ගොවීන් බැහැදැකීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එතැනට පැමිණියා. එහිදී ගොවීන් සමඟ සුහද පිළිසඳරක යෙදුණු හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව තමන් කියන කරන දේවල් පිළිනොගන්නා බව කියමින් තමන්ගේ දුක්ගැනවිල්ල ද ගොවියන්ට ඉදිරිපත් කරනු ලැබුවා.

ගොවීන් සමග පිළිසඳරේ යෙදෙමින් ඔවුන් ගේ කතාබහට හූමිටි දෙමින් සිටි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිවරයා අඩුම තරමින් නියරක ඇවිද නැති බවයි. කාබනික පොහොර ප්‍රතිපත්තිය හොඳ වුණත් කාබනික පොහොර මගින් සියයට සීයක් ගොවිතැන කරන්න බැරි බව ඔහු පවසනවා. එපමණක්ද නොව ලෝකයේ කිසිම රටක සීයට සීයක් කාබනික පොහොර යොදා ගනිමින් කරන කෘෂිකර්මාන්තයක් නැති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...