මහින්දානන්ද නියරක ඇවිද නැති බව මෛත්‍රිපාල කියයි

මහ කන්නයට අවශ්‍ය කරන පොහොර ලබා දෙන්න කියමින් ආණ්ඩුවට බල කරමින් ඇලහැර ගොවීන් ආරම්භ කර තිබෙන උපවාසය 8 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර උපවාසයේ යෙදී සිටින ගොවීන් බැහැදැකීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එතැනට පැමිණියා. එහිදී ගොවීන් සමඟ සුහද පිළිසඳරක යෙදුණු හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව තමන් කියන කරන දේවල් පිළිනොගන්නා බව කියමින් තමන්ගේ දුක්ගැනවිල්ල ද ගොවියන්ට ඉදිරිපත් කරනු ලැබුවා.

ගොවීන් සමග පිළිසඳරේ යෙදෙමින් ඔවුන් ගේ කතාබහට හූමිටි දෙමින් සිටි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිවරයා අඩුම තරමින් නියරක ඇවිද නැති බවයි. කාබනික පොහොර ප්‍රතිපත්තිය හොඳ වුණත් කාබනික පොහොර මගින් සියයට සීයක් ගොවිතැන කරන්න බැරි බව ඔහු පවසනවා. එපමණක්ද නොව ලෝකයේ කිසිම රටක සීයට සීයක් කාබනික පොහොර යොදා ගනිමින් කරන කෘෂිකර්මාන්තයක් නැති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...