‘අලුත් හොරෙක් ඕනෑ කර තිබේ’

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔහු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තාවනවා.

21වැනි සංශෝධනයත් සමඟ ද්විත්ව පුරවැසියන් හට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි වුවහොත් බැසිල් රාජපක්ෂ හට සිය අසුන අහිමිව යන අතර ඊට පෙර ඔහු මෙලෙස ඉල්ලා අස්වන බවයි පැවසෙන්නේ. ඉල්ලා අස්වීමෙන් පසුව මේ සතිය අගදී ඔහු ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බවත් නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වීමට ඔහු තීරණය කර ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.

තවද, ඔහු සමග ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වීමට නියම්නිත බවත් පැවසේ.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම යෝජනා වී තිබෙනවා.

ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලිස් ව්‍යාපාරය විසින් ගෙන්වන ලද කසළ කන්ටේනර් තොගය නැවත බ්‍රිතාන්‍ය කරා යවන ලෙස අභියාචනාධිකරණය 2020.1014 දින නියෝග කළා.

කටුනායක භූමියක තිබී හමුවූ කසළ තොගයක මෙන්ම වරායේ රඳවා තිබුණු කන්ටේනර් විශාල ප්‍රමාණයක ද භාවිතයට නුසුදුසු කුෂන් මෙට්ට, ඉවත දැමූ ගෘහ අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය ඇතුළු විෂ සහිත කසළ තොගයක් හමු වී තිබූ අතර මේ තරම් විශාල කසළ ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ කිසිදු පූර්ව අවසරයකින් තොරව බව අනාවරණය වීමෙන් පසුව, ඒ සම්බන්ධ සමාගම ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලිස් අනු සමාගමක් බව අනාවරණය විය. එහිදී ‘පරිසර යුක්ති කේන්ද්‍රය‘ විසින් පැනවූ නඩුවකින් පසුව මෙම කසළ තොගය නැවත ඒවා මෙරටට නැව්ගතකළ බ්‍රිතාන්‍ය වෙත යැවිය යුතු බව තීන්දු විය.

එපමණක් නොව ඔහුට අයත් සමාගමක් බදු කෝටි ගණනින් බදු ගෙවීම පැහැර හැර ඇති බවද පසුගියදා කෝප් කමිටුව විසින්ම හෙළි කරන ලදී.

දැන් ඇත්තටම සිදුවීමට යන්නේ හිටිය හොරු වෙනුවට අලුත් හොරු පත්වීම මිස වෙන දෙයක් නොවේ. එවැනි හොරුන්ට ගොඩනැගිය හැකි ආර්ථිකයක් නැති බා ඉතා පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...