Breaking News

කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අත්අඩංගුවට ගත් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා රිමාන්ඩ්

ඊයේ(03) පාර්ලිමේන්තුව අසළ පැවති කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය සඳහා සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ දේශපාලන ක්‍රියාකාරීන් වන චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි මෙම මස 11වනදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනාගේ නිවෙස්වලට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර ඔවුන් රාත්‍රියේම තලංගම පොලීසිය වෙත රැගෙන විත් තිබුණි. ඔවුන් පොදු දේපළවලට හානි කිරීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බාධා කිරීම යන චෝදනා යටතේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය. ඒ අනුව අධිකරණය මෙම මස 11වනදා දක්වා රිමාන්ඩ් බන්ධාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

leave a reply