කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අත්අඩංගුවට ගත් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා රිමාන්ඩ්

ඊයේ(03) පාර්ලිමේන්තුව අසළ පැවති කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය සඳහා සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ දේශපාලන ක්‍රියාකාරීන් වන චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි මෙම මස 11වනදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනාගේ නිවෙස්වලට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර ඔවුන් රාත්‍රියේම තලංගම පොලීසිය වෙත රැගෙන විත් තිබුණි. ඔවුන් පොදු දේපළවලට හානි කිරීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බාධා කිරීම යන චෝදනා යටතේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය. ඒ අනුව අධිකරණය මෙම මස 11වනදා දක්වා රිමාන්ඩ් බන්ධාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...